විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් පැමිණ අසත්‍ය පුවත් වෙබ් අඩවිවල පළකරලා

විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් පැමිණ
අසත්‍ය පුවත් වෙබ් අඩවිවල පළකරලා

රාජ්‍ය නොවන සංවිධානයක් හරහා මෙරටට පැනගෙන සිටින විදේශීය මාධ්‍යවේදීන් පිරිසක් උතුරේ මෙහෙයුම් නිසා මෙරට ජනතාව රටහැර යන බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් ප‍්‍රවෘත්ති වාර්තා වෙබ් අඩෙවිවලට යවා ඇතැයි බුද්ධි අංශ පවසයි.

ජාතික පුවත්පතක මාධ්‍යවේදියකුගේ ආධාර ඇතිව වව්නියාවට ගොස් ඇති එම විදේශීය මාධ්‍යවේදීන් එවැනි ව්‍යාජ තොරතුරු ඇතුලත් වාර්තා වලින් එකක් Voice of America  වෙබ් අඩවියටද දී ඇති බව බුද්ධි අංශ සොයාගෙන තිබේ.

අරක්ෂක හමුදා සද්භාවයෙන් උතුරේ සිදුකරන මානුෂීය මෙහෙයුමට ජාත්‍යන්තරව වැරැදි අර්ථකථනයක් ලබාදී රජයට මඩ ගැසීමට රාජ්‍ය නොවන සංවිධාන විදේශීය මාධ්‍යවේදීන් හරහා කටයුතු කරගෙන යයි. එහි අරමුණ එල්.ටී.ටී.ඊ.ය තවදුරටත් ආරක්ෂා කර ගැනීමයි.

මේ සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් මෙරට පුවත්පත් ආයතනයක් සමඟ මාධ්‍යවේදීන් තිහක් පමණ මෙරටට ගෙන්වා උතුරට යැවීමේ සහ ආරක්ෂක හමුදාවලට සම්බන්ධ ප‍්‍රවෘත්ති ලබා ගැනීමේ දැඩි උත්සාහයක යෙදුනි.

ඒ උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන් පිරිසකට වව්නියාවට ගොස් සරණාගත කඳවුරු දැක බලා ගැනීමටත් ආරක්ෂක තොරතුරු ලබා ගැනීමටත් ඉහත කී මාධ්‍යවේදීයාගේ සහයෝගය ලැබී ඇති බවට සොයාගෙන ඇතැයිද බුද්ධි අංශ පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා