|

ප‍්‍රකට ව්‍යාපාරික හා දානපති බී.ඒ.සෙමෙනේරිස්
අප්පුහාමි මහතා අනුස්මරණය කිරීම පිණිස ඔහුගේ
දූ පුතුන්ගෙන් සමන්විත බමුණුආරච්චි පදනම
රුපියල් මිලියන 100ක වියදමින් ඉදිකළ හෝමාගම
මූලික රෝහලේ බාහිර රෝගී අංශය සහ විශේෂ සායන
අංශ තෙමහල් ගොඩනැඟිල්ල ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16)
විවෘත කැරිණි. එහිදී සෙමෙනේරිස් අප්පුහාමි
මහතාගේ මුනුබුරු මිනිබිරියන් දෙදෙනකු ජනපති
ඇරියුමෙන් පීත්ත පටිය කපා ගොඩනැඟිල්ල විවෘත කළ
අවස්ථාවයි මේ. නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල
ගුණවර්ධන, පී.දයාරත්න, ගීතාංජන ගුණවර්ධන,
ගාමිණී තිලකසිරි යන මැති ඇමැතිවරු ද, ප‍්‍රකට
ව්‍යාපාරික බී.ඒ.මහීපාල බමුණුආරච්චි මහතා ද
මෙහි වෙති.
ඡායාරූපය :- රංජිත් ජයවීර
|