අලුත් ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවකයා!
අලුත් ශී‍්‍ර ලංකාවේ
රාජ්‍ය සේවකයා!
වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵලය විසින් ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවකයා
පිළිබඳ යහපත් අදහසක් ප‍්‍රකට කරනු ලැබේ. එනම්; රාජ්‍ය සේවාවේ නියුතු අයගෙන් බහුතරය
වත්මන් ආණ්ඩුවට සහයෝගය දක්වන බව ප‍්‍රකටවීම ය.
දෙවනුව දේශපේර්මීත්වයෙන් යුතුව තම
ජීවන කි‍්‍රයාවලිය සකස් කර ගැනීමට ඔවුන් එකඟ වී ඇති බව ය.
මේ වනා හී විශාල දේශපාලන
පෙරැළියක් ද නො වේ. හිරෝෂිමා - නාගසාකි ප‍්‍රහාරයෙන් අළු - දූවිලි බවට පත් වූ ජපානය
යළි ගොඩ නැඟීමට එක් වූ බලවත් ම කාර්ය - සාධක හමුදාව වන්නේ රාජ්‍ය සේවකයන් ය. මේ
අත්දැකීම 1970 න් පසු සිංගප්පූරුවට හා මැලේසියාවට ද එක සේ අදාළ වේ.
කිසියම් රටක රාජ්‍ය අංශයට අයත් ශ‍්‍රම හමුදාව වනා හී හැමවිටම රජයට හෝ ආණ්ඩුවට හෝ
අභියෝග කරන පිරිසක් ලෙස සලකති.
ඒ තත්ත්වය ශී‍්‍ර ලංකාවට, ඉන්දියාවට මෙන් ම ලතින්
අමෙරිකානු රටවලට සේ ම අපි‍්‍රකානු රටවලට ද පොදු ධර්මතාවක් බවට පත් ව තිබිණි. මේ
රටවල රාජ්‍ය සේවකයෝ හැකි සෑම විටෙක ම ජනතාව වෙනුවෙන් පෙනී සිටිති.
ඇතැම් විට පවත්නා
මර්දනකාරී වැඩසටහන් හමුවේ ධනපති පාලක පන්තියට අභියෝග කරති. පසුගිය වසර හතර පහ ඇතුළත
එබඳු අවස්ථා ගණනාවක් අපට දැක ගන්නට ලැබිණි.
එහෙත් අනාගත සංවර්ධන දර්ශනයක් සඳහා ඒ
කිසිවක් ප‍්‍රමාණවත් සාක්ෂ්‍ය ලෙස නො පවතින බව පෙනේ.
1815 දී මේ රට මුළුමනින් ම පාහේ ඉංගිරිසිකාරයාට හෙවත් සුද්දාට යටත් විය. එවක් පටන්
සතුරාගෙන් අන්තයට ම බැට කෑ සිංහල ජනතාව රාජ්‍ය සේවාව පමණක් සාඩම්බර වෘත්තියක් ලෙස
සැලකූහ.
එදා සමාජය විවිධ සාධක මත අයාලේ ගිය බව පැහැදිලි ය. එකල මෙරට තරුණ පරම්පරාව
අවංක ලෙස ම රාජ්‍යයේ පරිහානියට කෑ මොර දෙමින් විප්ලවයකට මඟ පෑදූහ. එහෙත් සමාජය
සාර්ථක දේශපාලන කි‍්‍රයාපද්ධතියකට පිවිසි බවක් දක්නට නො ලැබේ.
රටේ විවිධ දේශපාලන ප‍්‍රවාහ, අන්තර් ජාතික බලපෑම් සේ ම දේශීය වශයෙන් සියලු දරුවන්ගේ
දුක හා සැප ද අප ගේ වගකීම් ගොන්න අතර පවතී. අප කිසිවකුටත් බිය විය යුතු නැත.
එලෙස ම
යළි විප්ලවය කරා ගමන් කළ යුතු යැයි කියන්නේ ද නැත. අපට අප විසින් ම නිර්මාණය කරන ලද
අනාගතයක් තිබේ. ඒ සැලැසුම දිගේ රටේ සංවර්ධනය දිගෑලි කළ හැකි ය.
ඊට අවශ්‍ය බොහොමයක්
සමාජ සාධක දැන් ආණ්ඩුව සමඟ සිටී. මේ වනාහී කලාතුරෙකින් ප‍්‍රකාශයට පත්වන එලෙස ම
පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ අමාරුවෙන් ගොඩනැඟෙන තත්ත්වයෙකි. රාජ්‍ය
නිලධාරීන් ඊට එක්වීම යනු තවත් ජයග‍්‍රහණයෙකි.
අප මුලින් ද කියා සිටියේ රාජ්‍ය සේවාව යනු දේශපාලකයන් විසින් භාවිතයට ගනු ලබන
විහිළු කතාවක් නොවන බවය. ඒ අතීතයට වර්තමානයට සේම අනාගතයට ද එකසේ වලංගු වනු ඇත.
අපේ
අතීත මිතුරෝ ඉහත කී දේශපාලන ප‍්‍රවාහය අන්තිම කැත ලෙස භාවිතයට ගත් හ. ඒ
කි‍්‍රයාපද්ධතිය ඔස්සේ ප‍්‍රකට වූයේ බිම් මහලේ සමාජයෙන් බිහි වූ ප‍්‍රකට දේශපාලන
අංකුර පිළිගැනීමට සාම්ප‍්‍රදායික සමාජය සූදානම් නැති බව ය. ඉතිහාසයේ මෙන් ම අදත් ඒ
ප‍්‍රකට ව පවතින ලක්ෂණයෙකි.
ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවාව වනා හී අධිරාජ්‍යවාදියා හෙවත් සුද්දා විසින් නිර්මාණය
කරන ලද ඓතිහාසික ප‍්‍රවාදයක් වේ. 1815 දී මුළුමනින්ම ශී‍්‍ර ලංකාව යටත් කරගත්
බි‍්‍රතාන්‍ය ජාතිකයෝ එවක් පටන් තමනට හිතෛෂී ගැති පිරිසක් ගොඩනැඟීමට මහන්සි ගත්හ.
එහි එක් ප‍්‍රතිඵලයක් වූයේ ශී‍්‍රලංකාවේ කීකරු රාජ්‍ය සේවයයි.
අද වනවිට මෙරට රාජ්‍ය
සේවාවේ මුළු නියුක්තිය ලක්ෂ දොළහකට වැඩිය. මේ ලක්ෂ දොළහට අධික ජනගහනය රටේ තීරණාත්මක
සාධකයක් බව බොහෝ දෙනකු තේරුම් ගෙන නැත.
ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවාව ආරම්භ වන්නේ ඉහත කී ලෙස අධිරාජ්‍යවාදී පාලනයත් සමඟ ය.
නිදසුනක් කිවහොත් 1948 දී ශී‍්‍ර ලංකාව දේශපාලන නිදහස ලබන විට මේ රටේ ඉතා යහපත්
රාජ්‍ය සේවාවක් පැවැතිණි.
එය දේශපාලන බලපෑමෙන් තොර විය. වෙනත් බලපෑමෙන් නිදහස් විය.
නියම ලෙස කිවහොත් දේශපාලකයකුට වඩා සමාජ ප‍්‍රාග්ධනයක් රාජ්‍ය සේවකයාට තිබිණි.
එය
1972 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් අභියෝගයට ලක් කැරිණි. නැවත 1978 අණ්ඩුක‍්‍රම
ව්‍යවස්ථාව මගින් එය දේශපාලනීකරණයට පත් කැරිණි. අද එය මුළුමනින්ම වෙනස් වී තිබේ.
තත්ත්වය කෙසේ වුව රාජ්‍ය සේවකයා සුරක්ෂිත කළ යුතුය. බාහිර බලපෑම් වලින් මුදාගත යුතු
ය. ඒ අභිප‍්‍රාය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉටු කරමින් සිටිනු ලැබේ. ආණ්ඩුවට
රාජ්‍ය සේවකයන්ගේ බහුතර මනාපය ලැබෙන්නේ ඒ අර්ථය අනුව යැයි කිව හැකි ය.
රාජ්‍ය සේවකයා හා ආණ්ඩුුව එක ම මතවාදයක පිහිටියහොත් ශී‍්‍ර ලංකාවට ආර්ථික හා
දේශපාලනික වශයෙන් බොහෝ සාර්ථක දුර ගමනක් යා හැකි ය.
|