එස්.බී. අනාගැනීම
එස්.බී. අනාගැනීම
ඡන්ද ප‍්‍රතිශතය 65%ක් ලබාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය වයඹ හා මධ්‍යම පළාත් සභා
ජය ගන්නවා” යනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, මෛතී‍්‍රපාල සිරිසේන
අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණය පැවැත්වීමට දින 2 කට පෙරය. 65%ක ඡන්ද
ප‍්‍රතිශතයක් ලබාගෙන සන්ධානය ජයග‍්‍රහණය කරනවා යනුවෙන් ප‍්‍රකාශ කළ විට විරුද්ධ
පක්ෂය ඒ ගැන කිසිදු ප‍්‍රතිචාරයක් මෙවර නොදැක්වීමෙන් ම පෙනී ගියේ මැතිවරණයට පෙර
සිටම ඡන්ද ප‍්‍රතිඵල ගැන දැනගත් නිසාද යන සැකය මතුවීම නොවැළැක්විය හැකිය.
මීට පෙර පැවැති මැතිවරණවලදී යම් යම් සමීක්ෂණ අනුව ප‍්‍රතිඵල ගැන ඉඟි පළකෙළේ නම්
අනෙක් පාර්ශවයෙන් එයට අනිවාර්යෙන්ම ප‍්‍රතිචාර දක්වනු ඇති.
එහෙත් මෙවර පළාත් සභා
මැතිවරණය ගැන කට ඉස්සර කර නොගැනීමට විරුද්ධ පක්ෂය පරිස්සම් වූයේ ඡන්ද ප‍්‍රතිඵල ගැන
යම් ඉඟියක් පෙර සිටම දැනගැනීමට හැකි වූ නිසා විය යුතු යි.
මෛතී‍්‍රපාල සිරිසේන
අමාත්‍යවරයා 65%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගන්නා බව ප‍්‍රකාශ කළද ඇතැම්
දිස්ති‍්‍රක්කවලදී සන්ධානයට ලැබී තිබෙන ඡන්ද ප‍්‍රතිශතය 75% සීමාව පසුකිරීමට සමත්ව
තිබීම විශේෂත්වයකි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අපේක්ෂා කරන ලද ප‍්‍රමාණයටත් වඩා වැඩි ඡන්ද
ප‍්‍රමාණයක් මේ අනුව හිමිවී තිබේ.
ඇතැම් දිස්ති‍්‍රක්කවල එක්සත් ජනතා නිදහස්
සන්ධානය 75% කටත් වඩා ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂයට හිමි වී
තිබුණේ 20% - 22% ත් අතර ප‍්‍රමාණයේ ඡන්ද ප‍්‍රතිශතයකි.
මේ කරුණු වලින් පෙන්නුම්
කෙරෙනුයේ අන් කිසිවක් නොව ජනාධිපතිතුමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තවදුරටත් වර්ධනය
වී තිබීමයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවැනි විශිෂ්ට ජයක් හිමිවුණේ ඇයිද ? යන්න කියා කරුණු
සොයා බැලීම ඉතාමත්ම වැදගත්ය. නායක්කර්චේනෙයි ඡන්ද මධ්‍යස්ථානයේ නිසියාකාරව ඡන්දය
නොපැවැත්වීම නිසා පුත්තලම දිස්ති‍්‍රත්කයේ සමස්ථ ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමට නොහැකි
වී ඇත.
එම නිසා වයඹ පළාත් සභාවේ සමස්ථ ප‍්‍රතිඵල ද අත්හිටුවා ඇත. ඉදිරි දිනකදී
නායක්කර්චේනෙයි ඡන්ද මධ්‍යස්ථානයට පමණක් අදාළව ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව වයඹ
පළාතේ සමස්ථ ප‍්‍රතිඵල නිකුත් වෙනු ඇත.
එසේ වුවත් දැනට නිකුත් වී ඇති ඡන්ද
ප‍්‍රතිඵල අනුව අති විශිෂ්ට ජයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට වයඹ පළාතෙන් හිමි වී
තිබීම විශේෂත්වයකි.
සන්ධානයට මෙවැනි විශිෂ්ට ජයක් හිමි වූයේ ඇයිද ? යන්න ගැන එතරම්
පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මේ ආකාරයේ
ජයග‍්‍රහණයක් නොලැබුණානම් ය.
“මවුබිමට ආදරය කරන ලද ජනතාව ලැබූ ජයග‍්‍රහණයක්. මේ
ජයග‍්‍රහණයෙන් වීරෝදාර රණවිරුවන්ට ලැබෙන ශක්තිය අසීමිතයි.
අලුත් ශ‍්‍රී ලංකාවක්
බිහිකිරීම සඳහා සියලු දේශමාමක, ප‍්‍රගතිශීලී පිරිස් පෙළ ගැසී සිටිනවා” යනුවෙන්
ජනාධිපතිතුමා ඡන්ද ප‍්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් කියා
සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවැනි අති විශිෂ්ට ජයක් හිමිවූයේ ඇයිද යන
කාරණයට ජනාධිපතිතුමාගේ නිවේදනයෙන්ම පිළිතුරු හිමි වී තිබේ.
පළාත් සභා මැතිවරණය නම් කළ දිනයේ සිටම එයට තරග කළ ප‍්‍රධාන පාර්ශවය ජනතාව වෙත
ඉදිරිපත්කරන ලද කරුණු කාරනා ගැන සැකෙවින් අවධානය යොමු කරමු.
රණවිරු විජයග‍්‍රහණ
ශක්තිමත් කොට ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර අලුත් ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන්
ඡන්දය ප‍්‍රකාශ කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රණවිරු ජයග‍්‍රහණ පෙන්වා දූෂණය භීෂණය රජකරවීමට ආණ්ඩුව ගෙනයන උත්සාහය පරාජය කිරීම
සඳහා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස එහි නායකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
“ඇරවුමක ඇරඹුම” වශයෙන් මෙය නම්කර තිබුණේ එස්.බී.දිසානායක මධ්‍යම පළාත් මහ ඇමැති
අපේක්ෂකවරයා ය. ඇරවුමක ඇරඹුම යොමුවී ඇත්තේ සන්ධානයට නොව එක්සත් ජාතික පක්ෂයට බව
ඡන්ද ප‍්‍රතිඵල අනුව හොඳහැටි පෙනී යයි.
උනුත් එකයි, මුනුත් එකයි පාරම්පරික සටන්
පාඨය මෙවරද ජනතා විමුක්ති පෙරමුණ යොදාගෙත් අතර ප‍්‍රතිඵලවලින් පෙනී යන්නේ ජනතා
විමුක්ති පෙරමුණට ඇඩ්ඩ‍්‍රසුත් නොමැතිවී ඇති සෙයකි.
රණවිරු විජයග‍්‍රහණ තවත්
අර්ථවත් කිරීම සඳහාද තමන්ට ඡන්දය ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කෙළේය.
එහෙත් එම ඉල්ලීම ජනතාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ රණවිරු විජයග‍්‍රහණ
තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට නොමැති බවයි.
මේ අනුව
පෙනී යන්නේ රණවිරු විජයග‍්‍රහණ තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාවක් ඇත්තේ එක්සත්
ජනතා නිදහස් සන්ධානයට පමණක් බවයි.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා හා රජයයි.
එම නිසා පළාත් සභාව හා ත‍්‍රස්තවාදය පරාජය කිරීම අතරේ සම්බන්ධයක් නොමැති බව එක්සත්
ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දුන්හ.
එහි යම් තර්කයක් තිබුණද එම තර්කය
බිඳ දැමීමට තවත් ඕනෑ තරම් තර්ක තිබේ. යම් හෙයකින් පළාත් සභා මැතිවරණයෙන් එක්සත්
ජනතා නිදහස් සන්ධානය පරාජය වූවා යැයි මොහොතකට සිතමු.
එසේ වූවානම් එක්සත් ජාතිත
පක්ෂයවත්, ජනතා විමුක්ති පෙරමුණවත් පරණ කතා යළි කියන්නේ නැත. ත‍්‍රස්තවාදය පරාජය
කිරීම හා පළාත් සභාව අතරේ සම්බන්ධයක් නැති බව එක්සත් ජාතික පක්ෂය එවිට ප‍්‍රකාශ
කරන්නේ නැත.
එවිට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කියා සිටිනුයේ වෙනත් කතාවකි. “උතුරේ
මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීම ජනතාව අනුමත කරලා නැහැ.
ගැටුම් නතර කර වහාම සටන් විරාමයකට යා යුතුයි. වත්මන් ආණ්ඩුව විසුරුවා හැරිය යුතුයි
කියලා ජනතාව පළාත්සභා මැතිවරණයෙන් ආණ්ඩුවට අනතුරු අඟවා තිබෙනවා.
‘මහින්ද චින්තන’
ප‍්‍රතිපත්ති ජනතාව අනුමත කරලා නැහැ” යනුවෙන් එක්සත් ජාතික පක්ෂය මේ ආකාරයෙන්
දිගින් දිගටම ප‍්‍රචාරයක් ගෙනගියහොත් එය පුදුම වන්නටද දෙයක් නැත.
එක්සත් ජාතික
පක්ෂය එසේ කියා සිටිනුයේ හතරගාතෙන් වැටී සිටින කබර කොටියා යළි බේරාගැනීමටය. එක්සත්
ජාතික පක්ෂයේ මේ අරමුණු ඉතා හොඳින් දන්නා රටට ආදරය කරන අති බහුතරයක් ජනතාව මෙවර
එක්සත් ජාතිත පක්ෂයටවත් ජනතා විමුක්ති පෙරමුණටවත් ඡන්දය ප‍්‍රකාශ නොකළහ.
රණවිරු විජයග‍්‍රහණයට නිසි ගෞරවයක් ලබාදීම සඳහා ජනතාවට ලැබුණු හොඳම අවස්ථාවක්
වන්නේද මේ පළාත් සභා මැතිවරණයයි.
වයඹ, මධ්‍යම පළාත්වල ජනතාවට ඒ වරම හිමි වූ අතර
අනෙකුත් පළාත්වල ජනතාවද පුල පුලා බලා සිටිනුයේ තමන්ටද මේ ඡන්ද අවස්ථාව ලැබෙන තුරුය.
එම නිසා මුළු රටම පෙළ ගැසී සිටිනුයේ රණවිරු ජයග‍්‍රහණ වෙනුවෙන් එම යුතුකම් කොටස
ඉටුකිරීමටය. රණවිරු ජයග‍්‍රහණයෙන් දේශපාලන වාසි ලබාගැනීම අසාධාරණ බව ප‍්‍රකාශ
කරමින් විරුද්ධ පක්ෂය විශාල ප‍්‍රචාරයක් ගෙනයනු ලබයි.
අපගේ විරෝදාර රණවිරුවන් වසර
ගණනාවක සිට කොටි ත‍්‍රස්තවාදී බලය මෙරටින් මුලිනුපුටා දැමීමට උත්සාහ ගත්තද ඒ සෑම
අවස්ථාවකදීම පැමිණි දේශපාලන හා නොයෙකුත් බලපෑම් හේතුවෙන් එම මෙහෙයුම්වල අවසානයක්
දැක ගැනීමට නොහැකි විය.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නිවැරැදි දේශපාලන නායකත්වයක්
තිබිය යුතුමය. එසේ නොමැති වූ විට නිතරම රණවිරුවන්ගේ කකුල් වලින් ඇදීම සිදුවේ.
මේ
තත්ත්වය තේරුම්ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැඩිව සිතාගත්තේ කුමන බලපෑම් සිදු
වුවද ඒවා කිසිවකට යටත් නොවී ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම සඳහා රණවිරුවන්ට
උපරිම නිදහස ලබාදීමටයි.
- ප‍්‍රධානම ප‍්‍රශ්නය
ත‍්‍රස්තවාදය
මේ රටේ ප‍්‍රධානතම ප‍්‍රශ්නය ත‍්‍රස්තවාදය බවත් එය අනෙක් සෑම ප‍්‍රශ්නයක් සමගම අඩු
වැඩි වශයෙන් සම්බන්ධ වී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතා හොඳින් තේරුම්
ගත්තේය.
අපේ අනෙකුත් රාජ්‍ය නායක නායිකාවන්ට නොතේරුණු මේ කරුණ මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරයා තේරුම් ගත්තේ රට පිළිබඳව තමා කෙරෙහි පවතින ආදරය හේතුවෙනි.
මහින්ද
රාජපක්ෂ රට භාරගන්නා විට මේ රටේ තිබුණු තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.
රණවිරුවන්ගේ මානසිකත්වය ව්‍යාජ සාමයක් වෙනුවෙන් කඩා බිඳ දමා කොටි සංවිධානයට දීන වී
කි‍්‍රයා කරන තත්ත්වයකට ආණ්ඩුව පත්ව තිබුණේ රනිල් වික‍්‍රමසිංහගේ සටන් විරාමයට හා
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සුදු නෙළුම, තවලම වැනි සාමයේ දූතයන්ට පින්
සිදුවන්නටය.
කොටියාට අවශ්‍ය ඊළම් රාජ්‍යයක් මිස වෙන කිසිවක් නොවන බව මහින්ද රාජපක්ෂ දැන සිටියේ
බොහෝ කාලයක සිටය. මේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය විසඳ්‍ර දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම්
ලබාදිය යුත්තේ කෙසේ දැයි මහින්ද රාජපක්ෂ ඉතා හොඳින් දැන සිටියේය.
ත‍්‍රස්තවාදය
මුළුමනින්ම පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන දේශපාලන තීන්දු තීරණ මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරයා ගත්තේ ඉතා හොඳින් හිතා බලාය.
මුළු නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදයෙන්
මුදාගෙන උතුරේ ඉතා සීමිත කොටසකට පමණක් ත‍්‍රස්තවාදය කොටු කිරීමට මේ ආකාරයෙන් මීට
පෙර නොහැකි වූයේ ඒ සඳහා නිවැරැදි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසාය.
කොළඹට කොටි
ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර එල්ල වන විට මගීන් ඉලක්ක කරගෙන බස් පුපුරුවා හරින විට
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල වන විට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ
විරුද්ධ පක්ෂය කියා සිටියේ කුමක්දැයි ජනතාවට තවමත් මතකය.
රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා එම අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දැඩි ලෙස
ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් රජයටත් චෝදනා එල්ල කෙළේය.
මේ ප‍්‍රහාර
හේතුවෙන් ආණ්ඩුව ගෙදර යා යුතු බව රනිල් වික‍්‍රමසිංහ කීවේය. ඔහු ආරක්ෂක ලේකම්වරයාට
කියා සිටියේ තනතුරින් ඉල්ලා අස්වන ලෙසයි.
වහාම පාර්ලිමේන්තුව කැඳවා ඇතිවී තිබෙන
තත්ත්වය ගැන සාකච්ඡා කරන ලෙසටද රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්
කෙළේය.
කොටියාගේ යම් ප‍්‍රහාරයක් එල්ල වූ විට එහි වගකීමත් එමගින් සිදුවන දේශපාලන
අවාසියත් ලබාගත යුතු බව කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ විපක්ෂයයි.
එසේ
නම් එම න්‍යායටම අනුව කොටි පරාජය කරන විට එහි වාසිය හා ගෞරවය ආණ්ඩුව ලබා ගත්තාට
කිසිදු වරදක් නොමැති බව මතක්කර දිය යුත්තේ රනිල් වික‍්‍රමසිංහටය.
එම නිසා මැතිවරණයක් පමණක් නොව ඕනෑම කාරණයක් සඳහා කොටි පරාජය කිරීමේ වාසිය ආණ්ඩුව
ලබාගත්තාට කිසිදු වරදක් නැත. ‘
අභිත රණවිරුවන්ද ඊට කැමැතිය. ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තමන්ට අවශ්‍ය නිදහස හා
පහසුකම් ලබාදෙන රාජ්‍ය නායකයෙක් ආරක්ෂක ලේකම්වරයෙක් ආණ්ඩුවක් පවතිනවාට රණවිරුවන්ද
කැමැතිය.
එම නිදහස පමණක් නොවෙයි අපි වෙනුවෙන් අපි නිවාස අරමුදල රණවිරු සුබ සාධන කටයුතු ගැන
මේ තරම් කි‍්‍රයා කරපු කාලයක් ඉතිහාසයේ නොමැති තරම්ය.
අපේ රණවිරුවන් කෙරෙහි මුළු
රටේම විශ්වාසය ඇති වීමට අවශ්‍ය වාතාවරණය සකස් කරමින් ඒ සඳහා නිවැරැදි දේශපාලන
විසඳුමක් ලබා දුන්නේ වත්මන් ජනාධිපතිවරයා හා රජයයි.
අපේ රටට බිහි වූ විශිෂ්ටතම
ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ බව අමුතුවෙන් කිය යුතු නොවේ. එවැනි තත්ත්වයක් යටතේ
මේ ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගත්තාට කිසිදු වරදක් නැත.
රණවිරුවන්ද එය අනුමත කරන්නේ
මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත්වුවහොත් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඉතා
නිවැරැදි නායකත්වයක් නොලැබෙන නිසාය.
එම නිසා ඉදිරි මැතිවරණ වලදීද රණවිරු
විජයග‍්‍රහණ, ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ වාසිය ආණ්ඩුව ලබා ගත්තාට කිසිදු වරදක් නැත.
ඒ ගැන ආණ්ඩුවට සිතන්නටවත් දෙයක් නැත.
ජනතාව පුල පුලා බලා සිටිනුයේ ත‍්‍රස්තවාදය
පරාජය කිරීමට නිවැරැදි නායකත්වයක් ලබා දුන් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට කෘතගුණ
සැලකීමටය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට සහභාගීවීම ගැන එක්සත්
ජාතික පක්ෂයේ ඇතැම් නායකයන්ට විශාල රුදාවක් සෑදී තිබෙන ආකාරයක්ද දැක ගත හැකි විය.
නායකත්වයේ ගුණාංග තිබෙන නියම නායකයෙක් නම් ලොකු පොඩි කාරණාවලින් තොරව සෑම විටකම තම
කණ්ඩායමට නායකත්වය හා ධෛර්ය ලබාදිය යුතුය.
මහින්ද රාජපක්ෂ යනු වචනයේ පරිසමාප්ත
අර්ථයෙන්ම නියම නායකයෙකි. වෙන කිසිවෙකු බිල්ලට දී මහින්ද රාජපක්ෂ කිසිම දවසක පසුපසට
නොගියේය.
ප‍්‍රාදේශීය සභා මැතිවරණ වල සිට මහ මැතිවරණ දක්වා සෑම මැතිවරණයකටම
නායකත්වය මහින්ද රාජපක්ෂ ලබා දෙන්නේ ඉතා ඕනෑකමකිනි. ඔහු කවදත් තම පක්ෂයේ
අපේක්ෂකයන්වත්, පාක්ෂිකයන්වත් අමතක කෙරුවේ නැත.
එක්සත් ජාතික පක්ෂයේ පාලන බලය කාලයේදී විරුද්ධ පක්ෂයේ මන්තී‍්‍රවරුන් සිරගත කරන ලද
අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ඕනෑ එපාකම් සොයා බැලුවේ මහින්ද රාජපක්ෂයි.
වරක් ද. මු. දසනායක මන්තී‍්‍රවරයා මීගමුවේ බන්ධනාගාරගත කර සිටින අවස්ථාවකදී එවකට
පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඔහුට නොසෑහෙන්න තාඩන පීඩන එල්ල කෙළේය.
චන්ද්‍රිකාලා, මංගලලා කොළඹට වී සිටින විට සිරගතව සිටි තම මන්තී‍්‍රවරුන්ගේ සුවදුක්
බැලීමට රට වටා ගියේ මහින්ද රාජපක්ෂය. ද. මු. දසනායක මන්තී‍්‍රවරයා බැලීමට මීගමුව
බන්ධනාගාරයට මහින්ද රාජපක්ෂ ගිය අවස්ථාවේදී ඔහුගේ දෑත් අල්ලාගෙන ද.මු. දසනායක
හැඬුවේ ය.
‘ චන්ද්‍රිකා නෝනලා, මංගල මහත්තයා කියපුව කොරලයි මට මෙහෙම වුණේ. අද මං
බලන්න ඒ ගොල්ලන් කවුරුත් එන්නේ නැහැ.
අද මං බලන්න ආවේ හැමදාමත් පක්ෂය වෙනුවෙන්
කෑගහන මහින්ද රාජපක්ෂ මහත්තයා පමණයි” යනුවෙන් ද.මු. දසනායක මන්තී‍්‍රවරයා වරක්
පාර්ලිමේන්තු ආලින්දයේදී මේ ලියුම්කරුට පැවැසීය.
එම නිසා ඕනෑම මැතිවරණයක් මෙහෙයවීම
සඳහා මහින්ද රාජපක්ෂ කිසිවෙකුගෙන් අවසර ගතයුතු නැත. ඒ සඳහා වුවමනාවටත් වඩා ඔහුට
සුදුසුකම් තිබේ.
- ජයග‍්‍රහණය
අර්ථවත් කරන්නට
මෙතරම් විශිෂ්ට ප‍්‍රතිඵලයක් ලැබීමට හේතුව වන්නේ ද ජනාධිපතිතුමා රට ගොඩනැංවීමේ
කාර්යයට ලබා දෙන නිවැරැදි නායකත්වයයි.
ජනාධිපතිතුමාට රටට ලබාදුන් මේ ජයග‍්‍රහණය
වඩාත් අර්ථවත් කිරීමේ කාර්යය පැවරෙන්නේ පළාත් සභාවලට තේරී පත්වන අපේක්ෂකයන්ටය. මීට
පෙර සිටි රාජ්‍ය නායක නායිකාවන්ගේ කාලවලදී කි‍්‍රයා කළ ආකාරයෙන් මෙවර ඔවුන්ට
කි‍්‍රයාකළ නොහැකි ය.
ජනතාව වෙනුවෙන් නිවැරැදිව වැඩ කරන්නේ කවුද? කියා ජනාධිපතිතුමා
සිටින්නේ දැඩි අධිෂ්ඨානයකිනි. ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ පසුව ඉතිරි යුද්ධ
ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසා තිබේ.
ඉතිරි යුද්ධ යනුවෙන් අදහස් කෙළේ
අකාර්යක්ෂමතාව, දූෂණ , වංචා, නීති විරෝධී කි‍්‍රයා නැති කිරීම යන කරුණුය. දැනටමත්
මෙම කි‍්‍රයා වැළැක්වීමට ජනාධිපතිතුමා තීන්දු තීරණ රැසක් ගෙන ඇත.
වසර ගණනාවක් තිස්සේ පැවැත එන මේ කි‍්‍රයා මුළුමනින්ම නතර කිරීමට අනිවාර්යෙන්ම
කි‍්‍රයා කරන බව ජනාධිපතිතුමා පවසයි. ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදය පරාජය කළ රාජ්‍ය
නායකයෙකුට අනිකුත් ප‍්‍රශ්න, ප‍්‍රශ්න නොවේ.
එවිට අලුත් ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන්
අලුත් විදියට දායක විය නොහැකි ඕනෑම කෙනෙකුට දේශපාලනයෙන් සමුගෙන ගෙදර යා හැකිය. එම
නිසා රටට සැබෑ ලෙසට ආදරය කරන දේශපාලනඥයන්ට පමණක් අලුත් ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන්
දායක විය හැකිය.
- රනිල් ගිනස් පොත
අලුත් කිරීම
ජනාධිපතිවරයා නියම නායකයෙක් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමට නායකත්වය
ලබාදෙන විට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා කි‍්‍රයා
කෙළේ කෙසේ ද? ඔහුගේ කි‍්‍රයා කලාපය අනුව මැතිවරණ වලින් පිට පිට පරාජය වීමේ ගිනස්
වාර්තාව රනිල් වික‍්‍රමසිංහ විසින්ම අලුත් කිරීම විශේෂත්වයකි.
එම ගිනස් වාර්තාව
රනිල් වික‍්‍රමසිංහ විසින් පිහිටුවනු ලබන්නේ මහත් උනන්දුවකිනි. මේ මැතිවරණය ජය
ගැනීම සඳහා එතරම් උනන්දුවක් රනිල් වික‍්‍රමසිංහට නොතිබුණේ ඡන්ද ප‍්‍රතිඵල කලින්
දැනගත් නිසාද නැත්නම් වෙනත් කාරණයක් ද කියා දන්නේ ඔහුම පමණි.
දැවැන්ත රැලි සංවිධාන
කිරීමට එක්සත් ජාතික පක්ෂය කි‍්‍රයා නොකළේ සෙනග පැමිණීමේ අඩුවක් තිබූ නිසා විය
හැකිය. එහෙත් එස්.බී.දිසානායකට යම් යම් කකුල් මාට්ටු දැමීමට රනිල් උපක‍්‍රමශීලීව
කි‍්‍රයාකළ බව නොරහසකි.
යම් හෙයකින් එස්.බී. දිසානායකට මධ්‍යම පළාතේ මහ ඇමැතිධූරය
හිමි වුණානම් තමන්ගේ නායකත්වයද අභියෝගයට ලක්වන බව දන්නා රනිල් එස්.බී.දිසානායකට
ලොකු තල්ලුවක් දුන්නේ නැත.
තමන් මැතිවරණ කටයුතුවලදී අතරමංකර ඇති බව එස්.බී.
දිසානායක කිහිප අවස්ථාවකදීම ප‍්‍රකාශ කෙළේ එම නිසාය.
වයඹ සම්බන්ධයෙන් ද රනිල් දැරුවේ ඇල්මැරුණු ප‍්‍රතිපත්තියකි. එම නිසා අති විශාල වැඩි
ඡන්දයකින් වයඹ පළාත් සභාව ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය.
මෙරට පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ 2/3 ක බහුතරයක් වයඹ පළාතේ එක්සත් ජනතා නිදහස්
සන්ධානයට හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත.
එසේ වුවහොත් මෙරට පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ
වාර්තාගතම පරාජය ද එක්සත් ජාතික පක්ෂය ලබන්නේ රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ
ය.
එම නිසා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම තව තවත් දිය වෙමින් යන එක පහසුවෙන්
වළක්වාලිය නොහැකි ය. රටට ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට
හිමි වනතුරු මේ පරාජයන් කිසිසේත්ම වළක්වාලිය නොහැකි වනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණට අත්වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටත් වඩා අන්ත ඉරණමකි. ඇතැම්
දිස්ති‍්‍රක්කවල ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප‍්‍රතිශතය 2%කටත් අඩුය.
මෙමගින්
පෙන්නුම් කරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘව සිටි රෝහණ විජේවීර සහෝදරයාගේ
කාලයටත් වඩා ජනතා විමුක්ති පෙරමුණ ආපස්සට ගොස් තිබේ.
‘වක්කඩ හා කක්කුටු බෙන’ වශයෙන්
ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික නිදහස් පෙරමුණත් අතර ප‍්‍රබල සංවාදයක් පසුගිය කාලයේ
ගොඩ නැගුණි.
වක්කඩට පෙර කක්කුටු බෙන වසා දැමිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ
ප‍්‍රකාශ කරන විට ජාතික නිදහස් පෙරමුණ කියා සිටියේ කක්කුටු බෙනවලට ප‍්‍රථම වක්කඩ
වැසිය යුතු බවයි.
ඒ අනුව ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙනී යන්නේ ජනතාවද තීරණය කර ඇත්තේ
මුලින්ම වසා දැමිය යුත්තේ වක්කඩ බවයි.
එම නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය
දැන්වත් රටේ බහුතරයක් ජනතාවගේ අවශ්‍යතාව කුමක්ද? කියා තේරුම් ගත යුතුයි.
නැත්නම්
ඉදිරි මහ මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණට අත්වන ඉරණම සිතා ගැනීමටවත් නොහැකිවනු
ඇත.
තමන් ඉදිරියේදී කටයුතු කළ යුත්තේ කෙසේ ද කියා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය
දැන්වත් විමල් වීරවංශගෙන් ටියුෂන් ගත යුතුය.
පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට මෙවන් ඉරණමක්
අත්වූයේ ඇයි ද? කියා තේරුම් ගැනීම දැන් අපසු නොවනු ඇති.
ඉදිරි පළාත් සභා හා මහ
මැතිවරණයේ ප‍්‍රතිඵල ද මේ වන විට ජනතාව තීරණය කර අවසන් ය. ඔවුන් පුල පුලා බලා
සිටින්නේ එම දිනය ළඟා වන තුරුය.
සියලු දේශමාමක හා ප‍්‍රගතිශීලි බලවේග අලුත් ශී‍්‍ර
ලංකාවක් වෙනුවෙන් එක් ධජයක් යටතේ පෙළ ගැසෙමින් සිටී. එසේ නොවන පක්ෂ හා සංවිධාන
දියවීයාමේ ඇරවුමක ඇරඹුම” දැන් ආරම්භ වී ඇත.
- ජනතා මිත්‍ර
|