ජනතාවගේ දුක් කඳුළු පෙන්වා ආධාර ගන්න ඉඩ තබන්නේ නෑ
ජනතාවගේ දුක් කඳුළු පෙන්වා
ආධාර ගන්න ඉඩ තබන්නේ නෑ
ජනපති හෝමාගම දී කියයි
ජයසිරි මුණසිංහ, රමණි පේ‍්‍රමතිලක බෝගොඩ සහ ජිනදාස ගමගේ
කිසිම මොහොතක අපේ රටේ ජනතාව අන්තර්ජාතීන් ඉදිරියේ ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත් කරන්නට
තමා ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අවංක චේතනාවෙන් අපේ රටට, ජනතාවට ලැබෙන ආධාර ලබා ගැනීමට සූදානම් වූවත්, අපේ ජනතාවගේ
දුක්, කඳුළු ප‍්‍රදර්ශනය කොට ඒවා භාණ්ඩ බවට පත්කොට උදවු පදවු ලබා ගැනීමට මින්
ඉදිරියට ඉඩ තබන්නේ නැතැයිද ජනාධිපතිවරයා කීය.
ඉංග‍්‍රීසි පාලකයන්ගෙන් මෙරටට නිදහස
ලැබීමට වසර දෙකකට පෙර හෝමාගම රෝහල ඉදිකොට රජයට පවරා දුන් බී. ඒ. සෙමනේරිස්
අප්පුහාමි මහතා අනුස්මරණය කිරීම පිණිස ඔහුගේ පුත් බී. ඒ. මහීපාල බමුණුආරච්චි මහතා
ප‍්‍රධාන බමුණුආරච්චි පදනම රුපියල් මිලියන 100 ක වියදමින් හෝමාගම ඉදිකළ නව රෝහල්
වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතා ජනාධිපතිවරයා එසේ
කීය.
වර්ග අඩි 25,000 කින් සහ නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකළ මේ තෙමහල් වාට්ටු
සංකීර්ණය විවෘත කළ ඊයේ දිනයේදී තවත් එක් සුවිශේෂී සිදුවීමක් විය.
එනම් එහි දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා ජනාධිපතිවරයා අතින් මුල්ගල තැබීමයි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
“අපි රටට, රටේ ජනතාවට ජයග‍්‍රහණ අත්කර දෙමින් ඉන්නේ. නිවැරැදි වැඩපිළිවෙළක්
කි‍්‍රයාත්මකයි. මේ ප‍්‍රගතිශීලි ගමන නතර කිරීමට විවිධ බලවේග කුමන්ත‍්‍රණ කරනවා.
බොරු ප‍්‍රචාර කරනවා. ඒවා ගැන තමුන්නාන්සේලාට අමුතුවෙන් කියන්න වුවමනා නෑ.
අද වනවිට උතුරේ, වන්නියේ ජනතාව කොටියාගෙන් මිදී පලා එනවා. ඒ අයට මානුෂීය අතවර
සිදුවෙනවා කියා ඇතැමුන් ජාත්‍යන්තරයට කරුණු කියනවා. ඒවා මා තරයේ ප‍්‍රතික්ෂේප
කරනවා.
අපි රජය ඔවුන්ට සලකන්නේ අපේම රටේ සහෝදර ජනතාවක් හැටියටයි. අපේම සහෝදර
ඥාතිවරු, දෙමාපියන් හැටියටයි ඒ සියලුදෙනාටම රජය අවශ්‍ය සියලු දේ සපයනවා.
|