ගම සංවර්ධනයේදී ගැමි ජනතාවගේ අදහස්-යෝජනාවලට විශේෂ තැනක්

ගම සංවර්ධනයේදී ගැමි ජනතාවගේ අදහස්-යෝජනාවලට විශේෂ තැනක්

- ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

සෑම අභියෝගයක්ම ජයගෙන අපේ රණවිරුවන්ගේ දස්කම් නිසා කොටි බලය මේ වනවිට බොහෝ දුරට දුර්වල මට්ටමකට පත්ව ඇති බවද රණවිරුවන් දිරිමත් කිරීම සඳහා රටේ සේනාවිධායක වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිතුමා විසින් ගන්නා උත්සාහයන් මේ වනවිට විපක්ෂයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබෙන බවද ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ජාතික සවිය ගම නැඟුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ බෙංගමුව - වැල්ලන්තැටිය ග‍්‍රාමීය මාර්ගය රුපියල් විසි ලක්ෂයක පමණ වියදමකින් සංවර්ධනය කිරීමෙන් පසු 19 වැනි දින ජනතා අයිතියට පැවරීමේ උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් ඇමැතිවරයා එසේ කීය.

මේ සංවර්ධනය කෙරුණු ග‍්‍රාමීය මාර්ගය නිසා ගම්මාන රාශියක ජනතාවට ගමනාගමන පහසුකම් සැලසෙනු ඇත. තවදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා, මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට දූරදර්ශී වැඩපිළිවෙළක් සහිත පැහැදිලි නායකත්වයක් තිබෙනවා.

එවැනි නායකත්වයක් මෙතෙක් අනෙක් දේශපාලන නායකයන්ට නැත යනු මගේ විශ්වාසයයි. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් රාශියක්ම මේ වනවිට මහින්ද රාජපක්ෂ රජයට සහයෝගය ලබාදීම සඳහා ඇප කැපවී තිබෙනවා.

තමන් පාර්ලිමේන්තුවට පත් කළ ජනතාවට පොදු ජන සේවයක් සිදු කිරීමට නොහැකි පක්ෂයක තවදුරටත් රැඳී සිටීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට හැකියාවක් නැහැ.

එමෙන්ම රැකි රක්ෂා ප‍්‍රශ්නය ප‍්‍රධාන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමටවත් යුද්ධය මර්දනයටවත්, අනෙක් පක්ෂවලට හැකියාවක් ලැබුණේ නැහැ. ඉදිරියට හැකියාවක් ලැබේ යැයි විශ්වාසයක්ද නැහැ.

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධන සඳහා රජය මගින් නව සංකල්ප ගණනාවක් කි‍්‍රයාවට නංවා තිබෙනවා.

ජාතිය සවිය ගම නැගුම හා මග නැගුම සංකල්පයන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. මේ තත්ත්වය යටතේ ග‍්‍රාමීය පොදු සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමේදී අදාල ග‍්‍රාමීය ජනතාවගේ ද අදහස් හා යෝජනාවලට විශේෂ ස්ථානයක් ලබා දෙනවා.

මේ රජය යටතේ දේශපාලන නියෝජිතයන්ට ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට තිබෙනවා.

එමවැඩ කටයුතු මෙම රජයට සම්බන්ධ සෑම මැති ඇමැතිවරයෙක් විසින්ම ඉටු කරනවා යැයි ජනතාවගේ විශ්වාසයක්ද තිබෙනවා.

පස්ගොඩ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ආර්.එච්.ආරියසේන මහතා ඇතුළු තවත් කීපදෙනෙක්ද කතාකළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා