යාපනය වලුක්කියාරු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

යාපනය වලුක්කියාරු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

යාපනය වලුක්කියාරු ගංගා සංවර්ධන යෝජනා ක‍්‍රමයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නැයි සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති, උතුරු පළාත් විශේෂ කාර්ය සාධක කමිටුවේ සභාපති ඩග්ලස් දේවානන්ද මහතා උපදෙස් ලබාදී ඇත.

වලුක්කියාරු ගංගා සංවර්ධන යෝජනා ක‍්‍රමයේ වැඩ කටයුතු කි‍්‍රයාත්මක කිරීමට තිබෙන සියලු බාධාවන් වහාම හඳුනාගෙන ඒවා ඉවත් කැර මේ සංවර්ධන යෝජනා ක‍්‍රමයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට පවසා තිබේ.

කිලෝමීටර 16.01 දිගින් යුතු වලුක්කියාරු ගංගා සංවර්ධන යෝජනා ක‍්‍රමය මගින් මුහුදු වතුර ගොඩ ගැලීම වැළැක්වීම, ගංවතුර පිට කිරීම, භූගත ජල සම්පත ආරක්ෂා කිරීම, භූගත ජලයේ ලවණ ගතිය වළක්වාලීම ආදී කටයුතු සිදු කෙරේ.

එමෙන්ම මේ යෝජනා ක‍්‍රමය මඟින් හෙක්ටයාර 1300 ක කුඹුරු ඉඩම්ද, හෙක්ටයාර 150 ක ගොඩ ඉඩම්ද වගා කළ හැකි අතර එමගින් 15,000 ක් පමණ දෙනාට හා ගොවිපවුල් 4950 කට සෙත සැලසෙයි.

වලුක්කියාරු ගංගා සංවර්ධන යෝජනා ක‍්‍රමයේ වැඩ කටයුතු පිළිබඳව යාපනය සිය කාර්යාලයේදී ඇමැති දේවානන්ද මහතා පැවැත්වූ සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය වූ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් යාපනය අර්ධද්වීපයේ දියත් කරන තොන්ඩමනාරු ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමය, ලුණු වතුර ගොඩට ඒම වැළැක්වීමේ ව්‍යාපෘතිය සහ උප්පාරු යෝජනා ක‍්‍රමය පිළිබඳවද පුළුල් පැහැදිලි කිරීමක් මෙහිදී සිදු කෙරිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා