කොටි ග‍්‍රහණයෙන් මිදී ආ සිවිල් වැසියෝ 760 ක් ති‍්‍රකුණාමලය රෝහලේ
කොටි ග‍්‍රහණයෙන් මිදී ආ
සිවිල් වැසියෝ 760 ක්
ති‍්‍රකුණාමලය රෝහලේ
රමණි පේ‍්‍රමතිලක බෝගොඩ
එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මිදී ආරක්ෂක කලාපයට පැමිණි තුවාල ලැබූ සිවිල්
වැසියන් හත්සිය හැටදෙනෙක් (760) මේ වනවිට ති‍්‍රකුණාමලය රෝහලේ ප‍්‍රතිකාර ලබන බව
සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
එම රෝහලේ පවතින තදබදය නිසා තුවාල ලැබූ මේ පිරිසෙන් දෙසිය දෙනෙක් (200) කන්තලේ රෝහල
වෙතට මාරු කර ඇති අතර ඔවුන් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් එම රෝහල වෙත රැගෙන
යාමට නියමිත බව අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා
කීය.
මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙක්ද, හෙදියන් පනස් දෙනෙක්ද කාන්තා හා නාරිවේද
වෛද්‍යවරයෙක්ද, නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙක්ද එසේම විකලාංග පිළිබඳ
වෛද්‍යවරයෙක්ද ති‍්‍රකුණාමලය රෝහල වෙත යැවීමට අමාත්‍යංශය පියවරගෙන ඇත.
වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් වෛද්‍ය විමල් ජයන්ත, වෛද්‍ය පාලිත
මහීපාල ඇතුළු අමාත්‍යංශයේ පිරිසක් පෙරේදා (14) ති‍්‍රකුණාමලය රෝහල වෙත ගොස් අදාළ
තුවාලකරුවන් පිළිබඳ සොයා බැලූ අතර, ඔවුන්ට අවශ්‍ය විසඳුම ප‍්‍රතිකාර ලබාදීමට
බලධාරින්ට උපදෙස් දී ඇත.
|