පොලිස් නිලධාරියාට පහර දී පලාගිය හමුදා සෙබළා අත්අඩංගුවට
පොලිස් නිලධාරියාට පහර දී
පලාගිය හමුදා සෙබළා
අත්අඩංගුවට
පුත්තලම සමූහ වාර්තාකරු
පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී පළා ගොස් සැඟවී සිටි යුධහමුදාවෙන් පළා ආ පුද්ගලයෙක්
බව කියන අයෙක් සාලියවැව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ජංගම රාජකාරියේ යමින් සිටි සාලියවැව පොලිසියේ කොස්තාපල්වරයෙකුට වීරපුර විජය පාරේදී
සැකකරු පහරදී ඇත්තේ ඉකුත් 11 දාය.
හෙල්මට් එකක් නොපැළැඳ යතුරු පැදියක් පදවමින් සිටි සැකකරු නවතා ඇති පොලිස්
කොස්තාපල්වරයා ප‍්‍රශ්න කරද්දී සැකකරු කොස්තාපල්වරයාට පහරදී පලාගොස් ඇත.
ඉන් පසුව සැඟවී සිටි ඔහු ඉකුත් 15 දා සාලියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ශ‍්‍රී ලංකා යුදහමුදාවේ රාජකාරි කරමින් සිට පැනවිත් සිටි අයෙක් බව ප‍්‍රශ්න
කිරීම්වලදී හෙලිවී ඇතැයිද පොලිසිය කියයි.
|