කුවේට් සංගීත ප‍්‍රසංගයෙන් ලැබූ දස ලක්ෂ 3 රණවිරු අරමුදලට

කුවේට් සංගීත ප‍්‍රසංගයෙන් ලැබූ දස ලක්ෂ 3 රණවිරු අරමුදලට

කුවේට් හි ශී‍්‍ර ලංකා සංස්කෘතික සංවිධානය සහ කුවේට්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ රණවිරු ප‍්‍රණාම සංගීත ප‍්‍රසංගයෙන් රුපියල් දසලක්ෂ 3 ක් රණවිරු සහන අරමුදලට පිරිනමා ඇත.

කුවේට් හි ශී‍්‍ර ලංකා තානාපති සරත් දිසානායක මහතා ගේ ප‍්‍රධානත්වයෙන් හැන්ඩිබෝල් ශාලාවේදී මේ ප‍්‍රසංගයට කුවේට්හි වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් රැසක් සහභාගි වී ඇති අතර බොහෝ දෙනා රණවිරු අරමුදල සඳහා ආධාර ලබාදීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තිබේ.

61 වන නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වුණු මේ ප‍්‍රසංගය ලුතිනන් කර්නල් රජිත දම්පෙමොහොට්ටි ප‍්‍රමුඛ රණවිරු නිලධාරින් 11 දෙනකු ගෙන් සමන්විත රණවිරු සංගීත කණ්ඩායම සංගීතයෙන් රසවත් කර ඇත.

මේ අවස්ථාවට කුවේට්හි ශී‍්‍ර ලංකා සංස්කෘතික සංවිධානයේ සභාපති ගාමිණී විජේරත්න මහතාද සහභාගි විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා