බි‍්‍රතාන්‍ය අගමැති නිල නිවෙස ඉදිරිපිට ත‍්‍රස්ත විරෝධී ලාංකිකයෝ උද්ඝෝෂණයක
බි‍්‍රතාන්‍ය අගමැති නිල නිවෙස ඉදිරිපිට
ත‍්‍රස්ත විරෝධී ලාංකිකයෝ උද්ඝෝෂණයක
අනුර මැදගෙදර ලන්ඩනයේ සිට
බි‍්‍රතාන්‍ය නියෝජිතයකු පත්කිරීමට එරෙහිව ත‍්‍රස්ත විරෝධී ශ‍්‍රී ලංකා එකමුතුව
සංවිධානය කළ විරෝධයට විශාල පිරිසක් සහභාගි වූහ.
සැතපුම් සියයක් පමණ දුර සිට පැමිණි විශාල පිරිසක් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ නිල
නිවාසය ඉදිරිපිට ඇරැඹූ මේ විරෝධතාවට පැමිණි පිරිස පාලනය කිරීමට මෙටේරාපොලිටන්
පොලිසියට තුන් වරක්ම සිදුවිය.
ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිගේත් රණවිරුවන්ගේත් ප‍්‍රතිරූපය විනාශ කිරීමට එතෙර විවිධ
සංවිධාන සහ පුද්ගලයන් ගෙන යන අසත්‍ය ප‍්‍රචාර සම්බන්ධයෙන් මේ පිරිස දැඩි විරෝධය පළ
කළහ.
“අපේ එකම නියෝජිතයා මහින්ද රාජපක්ෂයි”, “අපි ඔහුට ආධාර කරමු” යන සටන්පාඨ ඇතුළත්
පුවරු මේ විරෝධතාවයේදී ඔවුහු ප‍්‍රදර්ශනය කළහ.
මේ විරෝධතාවට එරෙහිව එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සිරුරට පෙට‍්‍රල් වත්කොටගෙන සියදිවි
නසා ගැනීමට ගත් උත්සාහය පොලිසිය විසින් වළක්වනු ලැබීය.
|