බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 28 ක සහතික මිලක්
බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 28 ක සහතික මිලක්
වෙල්ලස්සේ බණ්ඩාර
දේශීය බඩ ඉරිඟු කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 28/- ක සහතික මිලක් ලබාදීමට ඊයේ
(16) රජය තීරණය කැර ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ මහතාගේ
ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මේ තීරණය ගෙන තිබේ.
දේශීය බඩඉරිඟු ප‍්‍රවර්ධනය පිළිබඳ ජාතික කාර්ය සාධක බළකාය මගින් දේශීය බඩ ඉරිඟු
කිලෝග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 28/- ක ස්ථාවර මිලක් ගොවීන්ට ලබාදීමට හැකිවෙන පරිදි
මිල නියම කෙරේ.
මෙයට අමතරව ආනයනය කරනු ලබන බඩඉරිඟු සඳහා බද්දක් පැනවීමටත්, කෘෂිකර්ම හා ගොවිජන සේවා
අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බඩඉරිඟු ආනයනය නොකිරීමටත් රජය තීරණය කැර ඇත.
වහාම කි‍්‍රයාත්මක වන පරිදි ආනයන බලපත‍්‍ර මඟින් පමණක් බඩ ඉරිඟු ආනයනය කළ යුතු බවටද
මෙහිදී තීරණය විය.
කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සහ වෙළෙඳ, වානිජ හා පාරිභෝගික කටයුතු යන
අමාත්‍යංශවල ලේකම්වරුන් ඇතුළු නිලධාරින්ද, මහා භාණ්ඩාගාරයේ මූල්‍ය ප‍්‍රතිපත්ති
අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගකිවයුතු නිලධාරිහු මේ සාකච්ඡාවට සහභාගි වූහ.
|