|
මරණ දැන්වීම්
විමල් සේනානායක - විශ‍්‍රාමලත් නිලධාරී - කො.න.ස.මෛතී‍්‍රපාල සේනානායක
(විශ‍්‍රාමලත් නිලධාරී - කො.න.ස.), සහ හේමලතා සේනානායකගේ ආදරණීය පුතණුවන් වූද,
කාංචනමාලා සේනානායක (ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය), ආදරණීය ස්වාමිපුරුෂයා වූද. චින්තක
සේනානායකගේ ආදරණීය පියාණන් සහ ගාමිණී , ධර්මින් සේනානායක (ඕස්ටේ‍්‍රලියාව) යන අයගේ
ආදරණීය සොහොයුරුවූ විමල් සේනානායක (විශ‍්‍රාමලත් නිලධාරී (කො.න.ස.) අභාවප‍්‍රාප්ත
වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 18 වන බදාදා සවස 4.30 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
අවමංගල්‍ය පෙරහැර එදින 3.30 ට නිවසින් පිටත්වේ. සියලු ඥාති මිත‍්‍රාදීන්ට සංවේගයෙන්
දන්වා සිටිමු. 113, හුණුපිටිය වැව පාර. කොළඹ 02.
සංවේගයෙන් දැනුම් දීමයි - චන්ද්‍රා මිරැන්ඩු මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,
චරිත් මිරැන්ඩු මහතාගේ පියාණන් වුද, සුබෝදා මිරැන්ඩු මහත්මියගේ මාමණ්ඩිය වූද,
උත‍්‍රා මිරැන්ඩු, චිත‍්‍රා මිරැන්ඩු සහ ආනෝල්ඩ් මිරැන්ඩු යන අයගේ සොහොයුරා වූද,
අම්බලංගොඩ, කන්දේගොඩ, ඇල්පිටිය පාර, නො. 399, “ශ‍්‍රියා” නිවසේ පදිංචිව සිටි ඕඑසීස්
(පුද්ගලික) සමාගමේ හිටපු කළමනාකරු ක්වින්ටින් මිරැන්ඩු මහතා අභාවප‍්‍රාප්ත වුයෙන්
අවසන් කටයුතු 2009.02.18 වෙනි බදාදා සවස 5 ට අම්බලංගොඩ ආදාහනාගාරයේදී සිදු කෙරේ.
දැනුම් දෙන්නේ කරන්දෙණි මල් ශාලාවෙනි.
|