බස්නාහිර පළාත් සභා මැතිවරණයෙනුත් සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා සිකුරුයි

බස්නාහිර පළාත් සභා මැතිවරණයෙනුත්
සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා සිකුරුයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති ජගත් අංගගේ

බස්නාහිර පළාත් සභාව සඳහා නුදුරේදී පැවැත්වෙන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අති විශිෂ්ට ජයගත් අත්කර ගන්නා බව සක්සුදක්සේ පැහැදිලිබවත්, එම මැතිවරණයේදී සියයට අනූවකට වැඩි පිරිසක් නිදහස් සන්ධාන ඡන්දය පාවිච්චි කිරීමට පුල පුලා සිටින අතරම ඉතිරි සියයට දහයෙනුත් ටික ටික සන්ධානය වටා එක් රොක්වන බවත් බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති ජගත් අංගගේ මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ වාද්දුව තල්පිටිය දිබ්බැද්දේදී පැවැති එජනිස කි‍්‍රයාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීමකදීය. ඒ මහතා එහිදී මෙසේද කීය.

මේ රැස්වීමට පැමිණි එජාප හා ජවිපෙ කි‍්‍රයාකාරීන් සන්ධානයට ආධාර කිරීමට පොරොන්දු වූයේ ජනපතිගේ උදාර වැඩපිළිවෙළ නිසයි.

ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ සේවයේ යෙදී සිටින වීරෝදාර රණවිරුවන් ලක්මාතාව බේරාගැනීමේ කටයුත්තට ජීවිත පුදා සටන් කරන මේ වකවානුවේදී ඔවුන්ට ආශිර්වාද කිරීමත් ඔවුන්ට ගෞරව කිරීමත් නියම මනුෂ්‍ය කමයි.

ශ‍්‍රී ලංකික ජනතාවගේ පෙර පිනකට ශ‍්‍රී ලංකාව බේරා ගැනීමට සිටින අතිගරු ජනාධිපතිතුමාගේ නම, ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවීම ඒකාන්තයි.

විශ‍්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලයනල් කුරුප්පු මහතා ද කථා කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා