රු. ලක්ෂ එකසිය හතළිහක් වැය කැර ඉදි කළ අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විවෘත කැරේ

රු. ලක්ෂ එකසිය හතළිහක් වැය කැර ඉදි කළ
අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විවෘත කැරේ

අගලවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර හැට හැත්තෑවක් තිස්සේ පැවති අඩුපාඩුවක් සපුරාලමින් රුපියල් ලක්ෂ හාරසිය හතළිහක වියදමින් අගලවත්තේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදි කෙළේය.

මෙතෙක් කල් සෞඛ්‍ය කාර්යාලය පවත්වා ගෙන ගියේ යටියන සෞඛ්‍ය සායන ගොඩනැඟිල්ලේය. මේ ගොඩනැගිලි සංකීර්ණය බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර රංජිත් සෝමවංශ මහතා අතින් පසුගියදා විවෘත කැරිණි.

ම් අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. එල්. ඒ. එල්. පද්මසිරි, වසංගත රෝග විශේෂඥ රේනුකා හේවාවසම් සමුද්‍ර නිලධාරි චන්දන පෙරේරා මහත්ම මහත්මීහුද සහභාගි වූහ. අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මල්කා පි‍්‍රයන්ති ගුණසිංහ විවෘත කිරීමේ උත්සවය සංවිධාන කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා