කළු ගඟට ගැලූ කරදිය නළ ජලයට මුසුවෙලා: කළුතර ජල පාරිභෝගිකයනට දැඩි දුෂ්කරතා

කළු ගඟට ගැලූ කරදිය නළ ජලයට මුසුවෙලා:
කළුතර ජල පාරිභෝගිකයනට දැඩි දුෂ්කරතා

දිවයිනේ දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය මත කළුගඟේ ජල මට්ටම පහල බැසීම නිසා කරදිය කළුගඟ තුළට ගලා ඒම සිදුවේ.

මේ තත්ත්වය කළුතර දිස්ති‍්‍රක්කය තුළ ජල සම්පාදන මණ්ඩලයෙන් පානීය නල ජලය ලබාගන්නා වාද්දූව සිට බෙන්තර ප‍්‍රදේශය දක්වා වූ ජල පාරිභෝගික ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති.

එබැවින් එම ප‍්‍රදේශයන්ට අඛණ්ඩව පානීය නල ජලය සැපයීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති අතර සපයන ජලයේ ලවණතාවය වැඩිවිය හැක.

එසේම බවුසර් මගින් සපයන ජලය පානය සඳහා පමණක් භාවිත කරන ලෙසද ඉල්ලා සිටී. සිදුවන අපහසුතාව පිළිබඳ ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කරන අතර, ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කිරීමෙන් දක්වන සහාය අගේ කරන බව දන්වා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා