බ්ලූම්ෆීල්ඩ් මේරියන්ස් අවසන් පූර්ව තරගය අද

බ්ලූම්ෆීල්ඩ් මේරියන්ස් අවසන් පූර්ව තරගය අද

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංවිධානය කරන පි‍්‍රමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (17) කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේදී පැවැත්වේ.

ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින බ්ලූම්ෆීල්ඩ් සමග සිවුවැනි ස්ථානයේ සිටින හලාවත මේරියන්ස් මේ තරගය සඳහා සහභාගී වෙති.

බ්ලූම්ෆීල්ඩ් තරග 10 කට මුහුණ දී ඉන් තරග 8 ක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 41 ක් ලබා ගනිමින් ද මේරියන්ස් කී‍්‍රඩකයෝ ප‍්‍රසාද ලකුණු 30 ක් ලබා ගනිමින් ද මේ සඳහා සුදුසුකම් ලබා සිටිති.

මේ කණ්ඩායම් දෙක අතර ලීග් වටයේ පැවැති තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ලකුණු 83 ක ජයක් හිමි විය.

අද තරගයේ දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ශනුක දිසානායක විසින් ද මේරියන්ස් කණ්ඩායම ගයාන් විජේකෝන් විසින් ද මෙහෙයවනු ලැබීමට නියමිත ය.

දෙවැනි අවසන් පූර්ව තරගය ද්‍රවිඩ සංගමය සහ එන්. සී. සී. අතර එම කී‍්‍රඩාංගණයේ දී ම හෙට (18 දා) පැවැත්වේ.

බ්ලූම්ෆීල්ඩ් කී‍්‍රඩා සමාජය

ශනුක දිසානායක (නායක) සමන් ජයන්ත, චින්තක ජයසිංහ, තිළිණ මාස්මුල්ල, තරංග ලක්ෂිත, තාරක ගුණරත්න, රංග ඩයස්, සංජය ගංගොඩවිල, අනෝජ් කැපිටිආරච්චි, ටිරෝන් ගමගේ, සුමින්ද මෙන්ඩිස්, යොහාන් ද සිල්වා, සුරාජ් මොහොමඩ්, රොෂාන් ප‍්‍රනාන්දු

හලාවත මේරියන්ස් කී‍්‍රඩා සමාජය

ගයාන් විජේකෝන් (නායක) මහේල උඩවත්ත, අමල් ඇතුළත්මුදලි, සුරේෂ් නිරෝෂන්, නිමේෂ් පෙරේරා, රෝයි සිල්වා, මිලින්ද සිරිවර්ධන, ජනක ගුණරත්න, මලික් ගුණතිලක, චින්තක පෙරේරා, ශාමින්ද එරංග, දිනුක් හෙට්ටිආරච්චි, නිමේෂ් රන්දික පෙරේරා

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා