දකුණේ මහ ඇමැති අභියෝග කි‍්‍රකට් 21 වැනිදා සිට
දකුණේ මහ ඇමැති අභියෝග කි‍්‍රකට් 21 වැනිදා සිට
ජගත් පේර්මචන්ද්ර
අම්බලන්ගොඩ පොල්වත්ත පියසේන ළමා කී‍්‍රඩාංගණය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙන්
පැවැත්වෙන දකුණු පළාත් ප‍්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා අභියෝග සූරතා වයස
අවුරුදු 13 න් පහළ ඕවර විස්සයි/ 20 කි‍්‍රකට් තරගාවලිය මේ මස 21 දා සිට ආරම්භ වේ.
දකුණු පළාත් ආරාධිත පාසල් 16 ක් සහභාගි වන මේ තරගාවලිය අම්බලන්ගොඩ නගර සභාව මගින්
සංවිධානය කරනු ලබයි. මීට ප‍්‍රථම සැහැල්ලු පන්දු කි‍්‍රකට් සඳහා පමණක් වෙන්ව තිබූ
පියසේන ළමා කී‍්‍රඩාංගණය අම්බලන්ගොඩ නගර සභා කී‍්‍රඩාංගනයට විකල්පයක් ලෙස නවීකරණය
කළ බව අම්බලන්ගොඩ නාගරික මන්තී‍්‍ර ජගත් සේනාරත්න මහතා “දිනමිණ” ට පැවැසීය.
“ගම නැඟුම” 1 වැනි පියවර ව්‍යාපෘතිය යටතේ ලැබුණ රුපියල් ලක්‍ෂ දහයක ප‍්‍රතිපාදන මත
මේ කී‍්‍රඩාංගණයේ පළමු අදියර කි‍්‍රයාත්මක වූ බවත්, ඊට පසුව දකුණු පළාත් ප‍්‍රධාන
ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් ලබා දෙන ලද ලක්‍ෂ 25 ක මුදල ද ඇතුළුව
රුපියල් ලක්‍ෂ 35 ක වියදමින් මේ කී‍්‍රඩාංගණය නවීකරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත්
පැවැසුවේය.
තරගාවලියේ සූරයන් සඳහා දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා අභියෝග කුසලානය
සමඟ රුපියල් 50,000 ක් වටිනා කී‍්‍රඩා උපකරණ පිරිනැමේ.
අනුසූරයන් සඳහා අනුසූරතාව
සමඟ රුපියල් 30,000 ක් වටිනා කී‍්‍රඩා උපකරණ ද, තෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායමට
රුපියල් 20,000 ක් වටිනා කී‍්‍රඩා උපකරණ ද පිරිනැමේ.
මීට අමතරව සහභාගි වන සෑම
කණ්ඩායමක් සඳහාම රුපියල් 10,000 ක වටිනාකමින් යුත් කී‍්‍රඩා උපකරණ ද, තරගාවලියේ
දක්‍ෂතම පිතිකරු, පන්දු යවන්නා, පන්දු රකින්නා සහ අවසන් තරගයේ වීරයා සඳහා ද
කී‍්‍රඩා උපකරණ පිරිනැමීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
තරගාවලිය පිළිබඳ සියලු විමසීම් ජගත් සේනාරත්න මහතා (0773016967) හෝ අසෝක කුමාර මහතා
(0718054770) ඇමැතීමෙන් ලබාගත හැකිය.
තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම්
ධර්මාශෝක, ශී‍්‍ර දේවානන්ද, පී. ද එස්. කුලරත්න (අම්බලන්ගොඩ), රේවත (බලපිටිය),
ගාමිණි මධ්‍ය (බෙන්තර), කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, යටගල මධ්‍ය මහා විද්‍යාලය,
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය, සුමන (කුලීගොඩ), ශී‍්‍ර සුමංගල (හික්කඩුව), දේවපතිරාජ
(රත්ගම) විමලබුද්ධි (සීනිගම), බටපොළ මධ්‍ය මහා විද්‍යාලය, කළ්‍යාණතිස්ස (බටපොළ),
රාජපක්‍ෂ (අහුන්ගල්ල), ආනන්ද (ඇල්පිටිය).
|