පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයෙන් කාලතුවක්කුවක් සොයා ගනී

පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයෙන් කාලතුවක්කුවක් සොයා ගනී

කොටි ත‍්‍රස්තවාදීන් පාබල හමුදා හා සිවිල් වැසියන් ඉලක්ක කැර පහරදීමට යොදාගත් මිලි මීටර් 130 වර්ගයේ කාලතුවක්කුවක් හා තවත් කාල තුවක්කුවක කොටස් පුදුකුඩුඉරුප්පු බටහිර වනගත ප‍්‍රදේශයක වළදමා තිබියදී ඊයේ (16) සවස සොයාගෙන තිබේ.

බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න ගේ නායකත්වයෙන් යුතු 53 වැනි සේනාංක භටපිරිස් විසින් මෙය සොයාගනු ලැබ ඇතැ’යි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.

මේ අවිය කොටස්වලට ගලවා ගී‍්‍රස් යොදා ඉතා සුරක්ෂිත ලෙස ඔතා මතුපිට පොලවේ සිට අඩි හතක් යට වලදමා තිබී ඇති අතර තවත් එම වර්ගයේ අවියක බැරලයක් මේ සමඟ තිබුණු බව යුද හමුදාව පවසයි.

හමුදා ප‍්‍රහාර හමුවේ පලාගිය ත‍්‍රස්තවාදීන් නැවත පාවිච්චියට ගැනීම සඳහා මේ අවිය සුරක්ෂිත අයුරින් වල දමා තිබෙන බව විශ්වාස කරයි.තවත් අවියක් ඒ ප‍්‍රදේශයේම ඇති බවට යුද හමුදාව විශ්වාසය පල කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා