ගෝලීය උණුසුමේ ප‍්‍රතිඵල හිතනවාට වඩා බරපතළයි

ගෝලීය උණුසුමේ ප‍්‍රතිඵල හිතනවාට වඩා බරපතළයි

විද්‍යාඥයෝ අනතුරු අඟවති

ගෝලීය උණුසුමෙන් අනාගතයේ ඇතිවන ප‍්‍රතිවිපාක සම්බන්ධයෙන් සිදුකැර තිබෙන අනතුරු ඇඟවීම එහි බරපතළකම පිළිබිඹු කිරීමට ප‍්‍රමාණවත් නොවන්නක් බව විද්‍යාඥයන් ප‍්‍රකාශ කැර තිබේ.

එම අනතුරු ඇඟවීම සිදුකැර තිබුණේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු කමිටුවක් මගිනි. එය ප‍්‍රකාශයට පත් කෙරී වසරකට වැඩි කාලයක් ගෙවී ඇත.

මූදු මට්ටමේ නැගීම්, කාන්තාර ව්‍යාප්තිය වඩවඩාත් ප‍්‍රබල කුණාටු, සත්ව හා ශාඛ ලෝකයේ 30%ක විනාශය ආදිය සම්බන්ධයෙන් ඉන් අනතුරු ඇඟවිණි.

එහෙත් මීළඟ වසර සියයේදී ගෝලීය උණුසුමේ ඇති විය හැකි තීව‍්‍රතාව එම වාර්තාවෙන් අවතක්සේරුවට ලක් කැර ඇතැයි නවදේශගුණ අධ්‍යයනයකින් අනාවරණය කැර තිබේ.

දේශගුණ ප‍්‍රතිපත්තිවලට අනුව අනාගත දේශගුණ තත්ත්ව කෙරේ බලපෑ හැකි හැම බරපතළ සාධකයක් ම සැලකිල්ලට ගනිමින් නව අධ්‍යයනය සිදුකළ බව ඊට සම්බන්ධ විද්‍යාඥ කි‍්‍රස්ෆීල්ඩ් කියා ඇත.

ඵලදායී කි‍්‍රයා පිළිවෙතකට යොමු නොවී දේශගුණ විපර්යාස සම්බන්ධ අදහස් දැක්වීම කලින් සිතාසිටියාට වඩා බරපතළ බව ඔහු කියා සිටී.

අලුත්ම දත්තයන්ට අනුව 2000 – 2007 අතරදී හරිතවායු විමෝචනය වාර්ෂිකව 3.5% බැගින් වර්ධනය වී තිබේ. මෙය අපේක්ෂිත පමණට වඩා බෙහෙවින් වැඩි බවත් 1990 දැක්වුණු 0.9%ක වර්ධන අනුපාතය මෙන් තුන් ගුණයකට වැඩි බවත් ප‍්‍රකාශ වී ඇත.

ආර්ථික පද්ධතියෙන් විමෝචන වර්ධනයට බෙහෙවින් දායක වී ඇති අතර ගල්අඟුරු මූලික බලශක්ති උත්පාදන යොදාගැන් ම චීනය හා ඉන්දියාව වැනි සංවර්ධනය වන රටවල වර්ධනය වීම ද ඊට හේතු වී ඇත.

කාර්මික විප්ලවය ඇරැඹි තැන්පටන් කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 350ක් පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුසු වී ඇතැයි තක්සේරු කෙරී ඇත.

ආක්ටික් යටිපසේ ටොන් බිලියන 1000ක කාබන්ඩයොක්සයිඩ් ගබඩා වී ඇති අතර ලොව අන් කිසිම පෙදෙසකට වඩා වේගයෙන් එම ප‍්‍රදේශයේ උණුසුම වැඩෙන බව ද සඳහන් ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා