සැමට සුබ නව වසරක් වේවා!!

එරබදු රතු පැහැය ගම සරසන        අතරේ
බුලතේ රතින් තොල්පෙති පණ  පෙවෙන්නේ
කෝකිල කූජනය තුරු අග ඇසෙන   වෙලේ
සාමය ඇවිත් ගේ දොරකඩ        වහන්නේ
සිතුවම-ජගත් හේවාපන්න

සංකල්පනාව - කසුරි







ජනපති අනින් අලුත් අවුරුදු සමයේ උතුරේ මානුෂීය මෙහෙයුම සීමා කරයි

අවි බිම තබා රජයට බාර වෙන්නැයි ජනපති ඉල්ලයි

කොටි සංවිධානයේ ප‍්‍රාණ ඇපකරුවන් ලෙස සිටින දෙමළ ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය නිදහසේ සැමරීමට හැකි වන සේ උතුරේ මානුෂීය මෙහෙයුම් සීමා කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක හමුදාවන්ට නියෝග කරයි.

විස්තර »

අභිමානයෙන් සපිරුණු
සශ‍්‍රීකවත් හෙටක්

සැබෑම අලුත් අවුරුද්දක් රටට උදාකර දෙන්නට පසුගිය කාලයේ රජය බොහෝ කැපකිරීම් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් කියා සිටී. එම පණිවිඩය මෙසේ ය. සෞභාග්‍යයත් සමඟ මුළු රටටම සාමයේ අරුණලු රැගෙන එන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපි මහත් සතුටින් පිළිගනිමු.

විස්තර »

සාමය සතුට පිරි අසිරිමත් වසරක්

ජන ජීවිතයත්, ආර්ථිකයත් අඩාල කළ ත‍්‍රස්තවාදය සඳහටම තුරන් කර සාමයේ අරුණලු මැද එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අන් කවරදාටත් වඩා උත්සවශ‍්‍රීයෙන් භªක්ති විඳිය හැකි බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා අලුත් අවුරුදු පණිවිඩය මගින් කියා සිටී.

විස්තර »

 

අවුරුද්දට කැවුම් කොකිස් කන්නට ගමට යන්නට හැමෝටම නිවාඩුයි. ඒත් පුදුකුඩිඉරිප්පුවේ මානුෂීය මෙහෙයුමේ නියැළී සිටින රණවිරුවන්ට නිවාඩු නැත. එහෙත් දමිළ ජනතාවට අවුරුදු සමරන්නට මානුෂීය මෙහෙයුම් සීමා කර තිබෙන මොහොතක රණවිරු පුතුන් කැවුම් කොකිස් පිළියෙළ කරන හැටි රුක්මාල් ගමගේ සිය කැමරා කාචයේ මෙසේ සටහන් කර ගත්තේ ය. 58 වැනි සේනාංකයේ අධිපති බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය සේනාංකාධිපති කර්නල් බන්ස ජයා ඇතුළු රණවිරුවෝ කැවුම් කොකිස් ඉදෙන තුරු බලා සිටිති.

මානුෂීය මෙහෙයුම ඇරැඹීමෙන් පසු

සිවිල් වැසියන් 67,280ක් කොටි කටෙන් මිදී පැමිණිලා

උතුරේ මානුෂිය මෙහෙයුම ආරම්භ වීමෙන් පසු ඉකුත් වසරේ දෙසැම්බර් අග සිට මේ දක්වා කාලයේ දී සිවිල් වැසියන් 67280 දෙනෙක් කොටි ග‍්‍රහණයෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණ තිබේ. මේ අනුව ඉකුත් 10, 11 දෙදින පමණක් සිවිල් වැසියන් 976 ක් පළාවිත් ආරක්‍ෂාව පතා හමුදා වෙත බාරවී ඇතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි.

විස්තර »

ලිබියානු රජයේ එකඟතාවකින් මිලියන 55,000ක ප‍්‍රදානයක්

ශ‍්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන පනස් පන් දහසක් ප‍්‍රදානය කිරීමට ලිබියානු රජයේ එකඟතාව පළ වෙයි. පසුගිය දිනවල ලිබියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු ලිිබියානු රාජ්‍ය නායක ජම්හිරියා මුහම්මර් අල් ගඩාෆි මහතා ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් මේ මුදල් ප‍්‍රදානය කිරීමට එකඟතාව පළකර තිබේ.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .