යසුෂි අකාෂි වවුනියාවේ
සහන කඳවුරුවල.....

 

ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා මුදාගත් ජනතාව වෙසෙන වවුනියාවේ සහන කඳවුරුවල ඊයේ (9) සංචාරය කළ අයුරු. නැවත පදිංචි කිරීමේ සහ ආපදා සහන සේවා ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සහ වවුනියාව දිසාපතිනි සී. එම්. එස්. චාල්ස් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූපය-වවුනියාව බණ්ඩාර විපුලසේන







ආණ්ඩුව ලබාදෙන සහන සේවා පුදුමයි! හොඳයි! නියමයි

ජපන් ආධාර ශ‍්‍රී ලංකාවට ලැබෙනවා අකාෂි කියයි

ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ජනතාව සඳහා ශී‍්‍ර ලංකා රජය ඉතා කෙටි කාලයක් තුළදී ක‍්‍රමවත් අයුරින් මානුෂීය සහන සේවා සැපයීම පිළිබඳ තමා විශ්මයට පත් වූ බවත්, මුදාගත් ජනතාවට ඉතා සතුටින් ජීවත්වීමට පහසුකම් සැලසීම ගැන ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රශංසාව හිමිවිය යුතු බවත් ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ඊයේ (9) වවුනියාවේදී ප‍්‍රකාශ කෙළේය.

විස්තර »

නෝර්වේ නොව ඉන්දියාව වුව ශ‍්‍රී ලංකාවට ඇඟිලි නොගැසිය යුතුයි

ඉන්දීය විදේශ ලේකම් කියයි

ත‍්‍රස්තවාදය මර්දනය කළ ශී‍්‍ර ලංකාව දේශපාලන විසැඳුමකට ගෙනයාම ඉන්දියාවේ හෝ නෝර්වේ හෝ එක්සත් ජාතීන්ට අයත් කාර්යයක් නොවන බව ඉන්දීය විදේශ ලේකම් ශිවශංකර් මෙනන් මහතා අවධාරණය කරයි.අසල්වැසි මිත‍්‍ර රාජ්‍යයක් වශයෙන් ඉන්දියාවේ යුතුකම හා කාර්ය භාරය වන්නේ ශී‍්‍ර ලංකාව විසින් ශී‍්‍ර ලංකාවට ගැලපෙන පරිදි ගෙන එන විසඳුමකට පූර්ණ සහාය පළකිරීම බවද ඒ මහතා කියයි.

විස්තර »

මඩකළපු පුරපතිනි ඇතුළු පිරිසක් ශී‍්‍රලනිපයට

මඩකළපු නගරාධිපති හා ටී.එම්.වී.පී. පක්ෂයේ උපදේශිකා සිවගීතා ප‍්‍රභාකරන් මහත්මිය ඊයේ (9) ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට එක්වූවාය.නැඟෙනහිර මහ ඇමැති හා ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්දන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකළපු දිසා ලේකම් කාර්යාලයේ පැවැති පක්ෂ සාකච්ඡාවකින් පසු නගරාධිපතිනිය මේ තොරතුරු මාධ්‍යයට හෙළි කළාය.

විස්තර »

විදේශ බලපෑම්වලට යටත් නොවී සංවර්ධන ආධාර ලබා ගන්නවා

ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා විදේශ රටවලින් ආධාර අපේක්ෂා කළද කිසිදු රටකට යටත් වීමේ බලාපොරොත්තුවක් නැතැයි ආපදා කළමණාකරන හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය. යම් යම් අවස්ථා වලදී අපිට විරුද්ධව කටයුතු කළ රටවලට ද ප‍්‍රහාර එල්ල නොකොට ලොව සෑම රටක් සමගම සහයෝගීව ඉදිරියට යාමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය.

විස්තර »

මුල්ලවයික්කාල්වලින් ටී-56 ගිනි අවි පෙඩ්ල්ගන් පතරොම්

මුලතිව් මුල්ලවයික්කාල් ප‍්‍රදේශයේ දී යුද හමුදාවේ රණවිරුවන් විසින් ඉකුත් 8දා සිදු කරන ලද මෙහෙයුම්වල දී ටී 56 පතරොම් 19150ක්, මයික්‍රෝ පිස්තෝල 16ක් පෙඩ්ල්ගන් පතරොම් 153ක් ඇතුළු අවි ආයුධ රැසක් සොයාගෙන තිබේ.

විස්තර »

හය හැවිරිදි දැරිය කෙලෙසා මරා කැලේට විසි කරලා

දූෂකයාට පොලිසියෙන් වෙඩි

මිහින්තලේ ප‍්‍රදේශයේ දී අතුරුදන්වූ හය හැවිරිදි දැරියක් පාපතරයකුගේ අතවරයකට ලක්වී මරා දමා කැලෑවකට විසිකර තිබියදී මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (9) උදේ සොයා ගන්නා ලදී. ඇයට මේ අපරාධය සිදු කළ අපරාධකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .