සාමය උදාවීමත් සමඟම ප‍්‍රාදේශීය සංවර්ධනයට ආයෝජකයන් එක්වන සමුළුවක්
සාමය උදාවීමත් සමඟම ප‍්‍රාදේශීය සංවර්ධනයට ආයෝජකයන් එක්වන සමුළුවක්
උතුර දකුණ වෙලා ගත් කුරිරු යුද්ධයේ නිමාවත් සමඟ දශක කිහිපයක් පුරා හුදෙකලාවූ ශී‍්‍ර
ලංකාවේ ප‍්‍රාදේශීය පළාත්වල ජන ජීවිතයට අස්වැසිල්ලක් වන්නට
BizPAct ව්‍යාපෘතිය
හරහා දෙස් විදෙස් ආයෝජකයින්ගේ සම්මේලනයක් ජූනි මාසයේ දී කොළඹ දී පැවැත්වීමට
නියමිතය. සාමය සඳහා ව්‍යාපාර සන්ධානය BPA හා ප‍්‍රාදේශීය දිස්ති‍්‍රක් වාණිජ මණ්ඩල ජාලය
මෙම සම්මේලනයේ හවුල් කැඳවුම්කරුවන් ලෙස කි‍්‍රයාකරති. එහිදී රැස්වන ආයෝජකයින්ගේ සකි‍්‍රය මූල්‍යමය දායකත්වය තුළින් ප‍්‍රාදේශීය කුඩා හා
මධ්‍ය ප‍්‍රමාණයේ ව්‍යාපාරික ප‍්‍රජාවේ ව්‍යවසායකත්වය නංවාලීම මෙම ව්‍යාපෘතියේ
මූලික අපේක්‍ෂාවයි. මෙහිදී විදේශ රටවල වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාවගේ දායකත්වය ලබා
ගැනීමට ද කටයුතු යොදා ඇත. මෙම ජුනි මස 25 – 29 යන කාලය තුළ පැවැත්වෙන මෙම සමුළුව සඳහා බොහෝ රාජ්‍ය
ආයතනයන්ගෙන් හා දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ප‍්‍රජාවන්ගෙන් ද දායකත්වය ලැබී
ඇත.
මෙම සමුළුවට සහභාගිවන්නන් සඳහා ප‍්‍රාදේශීය ක්‍ෂෙත‍්‍ර චාරිකා ද සංවිධානය කර ඇත. මෙම සම්මේලනය සඳහා සාමය සඳහා ව්‍යාපාර සන්ධානය
BPA සමඟ කටයුතු කරන අනෙකුත් ආයතන
විදේශ කටයුතු අමාත්‍යංශය, ආයෝජන මණ්ඩලය, ශී‍්‍ර ලංකා සංචාරක මණ්ඩලය, සාම මහ ලේකම්
කාර්යාලය, ජාතික අපනයන මණ්ඩලය හා ඇමෙරිකානු සහ යුරෝපා වාණිජ මණ්ඩලය වෙයි.
සාමය සඳහා
ව්‍යාපාර සන්ධානයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා මෙම සම්මේලනය සම්බන්ධයෙන් කරුණු
දක්වමින් කියා සිටියේ, “ප‍්‍රාදේශීයව වෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට
තම ව්‍යාපාරික අපේක්‍ෂාවන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා මෙය මාහැඟි අවස්ථාවක් වන බවයි.
ඒ සඳහා ප‍්‍රාදේශීය ව්‍යාපාරිකයින්ට මෙම සම්මේලනය තුළින් ආයෝජකයින් සමඟ ඍජු
සම්බන්ධතා ගොඩනගා ගත හැකි බවයි.” ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් අතර සබඳතා ගොඩනැගීමට අමතරව ඒ ඒ ප‍්‍රදේශයන්ට බලපාන හා
ගැලපෙන පරිද්දෙන් ව්‍යාපාර කෙසේ ආරම්භ කළ යුතු ද යන ප‍්‍රතිපත්තිමය තීරණ සළකා බැලිය
හැකි, අදහස් හුවමාරු කළ හැකි සාකච්ඡා මණ්ඩපයක් ගොඩනැගීම සඳහා අදාළ ඉහළ නිලධාරීන් ද
මෙම සමුළුවට කැඳවා තිබෙන බවද කීය. මෙම සමුළුව BizPAct
ව්‍යාපෘතියේ ආරම්භයක් පමණක් වන අතර එහි දිගුකාලීන අරමුණු
වන්නේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාදේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප‍්‍රජාවගේ
දියුණුව උදෙසා විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය නිබඳව ලබාදීම තුළින් ජාති කුල මල බේද
තුරන් වූ දේශයක ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරීමයි.
|