කොත්මලේ නොරොච්චෝලේ මෙන්ම මොරගහකන්ද වෙහෙරගලත්
කොත්මලේ
නොරොච්චෝලේ මෙන්ම
මොරගහකන්ද
වෙහෙරගලත්
සමහරුන්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕනෑ
කෙහෙළිය රඹුක්වැල්ල -
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය,
ජාතික ආරක්‍ෂක මාධ්‍ය ප්‍රකාශක,
කුණ්ඩසාලේ ශී‍්‍ර.ල.නි.ප. ප්‍රධාන සංවිධායක
ඌව පළාත් සභා මැතිවරණය හා කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ත්‍රස්තවාදයට
මෙරට තුළ යළි ඉඩක් තිබේද ආදී කරුණු කිහිපයක් පිළිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා
සුබසාධන අමාත්‍ය, ජාතික ආරක්‍ෂක මාධ්‍ය ප්‍රකාශක, කුණ්ඩසාලේ ශී‍්‍ර. ල. නි. ප.
ප්‍රධාන සංවිධායක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග ‘දිනමිණ’ පැවැත්වූ සංවාදයකි මේ.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු පැවැති ප්‍රථම මැතිවරණයෙන් ඌව පළාත් සභා හා යාපනය
නගර සභා මැතිවරණයෙන් රජය විශිෂ්ට ලෙස ජය ගෙන තිබෙනවා. මේ ජයග්‍රහණය ඔබ කෙසේද
විග්‍රහ කරන්නේ.
මේ මැතිවරණ ජයග්‍රහණය බොහෝ දෙනෙකු යුද ජයග්‍රහණයට බැර කරනවා. ඒක තමයි ඇත්ත. ඒත් මම
නම් පෞද්ගලිකව මේ මැතිවරණ ජයග්‍රහණය පූර්ණ ලෙස යුද්ධයට බැර කරන්නේ නැහැ.
වසර තිහක්
තුළ ඇදී යන ගිය ත්‍රස්තවාදය අද අවසන් කර තිබෙනවා. ඒ නිසාම මායිම් ගම්මාන සඳහා ද අද
තිත තබා තිබෙනවා. මායිම් ගම්මාන සඳහා තිත තැබූ ලෙසම මේ රටේ දුෂ්කර ගම්මාන ද අවසන්
කිරීමට ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය මේ වන විට පියවර ගෙන තිබෙනවා.
ත්‍රස්තවාදය පරාජය කරන වැඩපිළිවෙළ ගෙන යන අතරතුර රටේ සංවර්ධන කටයුතු කිසිවක් රජය
විසින් අමතක කළේ නැහැ. විශාල බලපෑම්වලට යට වී තිබුණු එහෙත් රටේ ඉදිරි ගමනට
අත්‍යවශ්‍ය කොත්මලේ නොරොච්චෝලේ සංවර්ධන ව්‍යාපෘති රජය ආරම්භ කළා.
මොරගහකන්ද වෙහෙරගල
වැනි දැවැන්ත වාරි යෝජනා ක්‍රම මෙන්ම හම්බන්තොට වරාය ද, කොළඹ වරායේ පර්යන්තය ද
සංවර්ධනය කළ රජය මාර්ග, මහාමාර්ග, අතුරු මාර්ග විශාල වශයෙන් සංවර්ධනය කරනු ලැබුවා.
එදා අපේ රටේ ජනතාව ගුවන් පාලම් පිළිබඳ ඇසුවා පමණයි. අද ඒවා දකින්නටත් ජනතාව පින් කර
තිබෙනවා.
මේ වැඩපිළිවෙළ සමග ජනාධිපතිතුමන් ඌවේ ජනතාවට ලබා දුන් පණිවුඩය මොකක්ද?
මායිම් ගම්මාන රටේ සිතියමින් ඉවත් කළා සේම දුෂ්කර ගම්මාන ද අවසන් කිරීමට ක්‍රියා
කරන බැව් පැවසුවා.
මේ සියල්ල තුළ විශේෂයෙන් ඌවේ ජනතාව ජනාධිපතිතුමන්ට ලබාදිය හැකි
උපරිම උපහාරය ශක්තිය, ගෞරවය ලබා දුන්නා.
යුද්ධයෙන් පසුවත් මේ රට ගෙනයන්නේ කොතනද කියලා ජනාධිපතිතුමන් සිටිනා බව ජනතාව තීරණය
කළා. යුද ජයග්‍රහණයත් ඉන් පසුව රට ගෙන යන තැනත් පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය යන
දෙකම මේ මැතිවරණ ජයග්‍රහණයට බලපෑ බව මගේ විශ්වාසයයි.
රජය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ ඉහළින් කතා කළද එ. ජා. ප. ය හා ජ. වි. පෙ. චෝදනා
නඟනවා. මේ මැතිවරණය රාජ්‍ය දේපොළ අනිසි ලෙස යොදා ගනිමින් ජනතාවට අල්ලස් ලබා දෙමින්
පැවැත්වූ දූෂිත මැතිවරණයක් ලෙසට ඔවුන් නඟන චෝදනාවන් පිළිගන්නවාද?
මැතිවරණය පවත්වන්නට පෙර සිටම ඔය විහිළු කතා ඔවුන් සූදානම් කරගෙන ඉන්නවා. මැතිවරණ
පරාජයත් සමඟම ඔවුන් එය එළියට දමනවා. ජනතාවට ඒ පක්‍ෂ දෙකේම විහිළු කතා එපාවෙලා. ඒ
නිසා ඔවුන් අද මේ රටේ ජනතාව ඉදිරියේ ජෝකර්වරුන් වී අවසානයි.
සෑම මැතිවරණයක්ම අපි නිසි ලෙස පවත්වනවා. ඒ සෑම මැතිවරණයකින්ම එ. ජා. ප. ය හා ජ. වි.
පෙ. පරාජය වෙනවා. මැතිවරණ පරදින විට ඊළඟ අවුරුදු දහය පහළොවේදීත් ඔවුන් ඔය කතාවම
කියන බව විශ්වාසයි.
ජනතා විමුක්ති පෙරමුණට සිදුවෙලා තිබෙන තත්ත්වය බැලුවොත් ඉතාම ඛේදජනකයි. පළාත් සභා
සියල්ලම ගත් විට ඒවායේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇති ඡන්ද ප්‍රතිශතයට වඩා
නරක්වුණු ඡන්ද ප්‍රතිශතය වැඩියි.
එතකොට අද මේ රටේ තුන්වෙන බලවේගය නරක්වුණු ඡන්දයි.
ජනතා විමුක්ති පෙරමුණ නොවේ. ජ. වි. පෙ. මේ රට තුන්වෙනි බලවේගය බවට පත්ව සිටියත් අද
එයත් ඔවුනට අහිමි වී තිබෙනවා.
ඒ වගේම මේ රටේ පැරැණිතම හා දැවැන්තම දේශපාලන පක්‍ෂයන්
ලෙසින් හඳුන්වන එ. ජා. ප. ය අද කොතැනටද වැටී තිබෙන්නේ? ඔවුන් අද සුළු පක්‍ෂයක
තත්ත්වයට වැටී තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඔවුන්ට මන්ත්‍රී ධූර දෙකක් පමණක්
හිමිව තිබීමෙන් ඒ බැව් පැහැදිලි වෙනවා.
මෙවර මැතිවරණ ප්‍රතිඵල තුළින් එ. ජා. ප. යේ කඩාවැටීමක් සිදුව ඇතිබව දේශපාලන
විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. එ. ජා. ප. ය නියෝජනය කළ පුද්ගලයකු ලෙස ඔබ එය දකින්නේ
කෙසේද?
ඔය කඩාවැටීම මුලින්ම දැක්කේ මමයි. එ. ජා. ප. යේ කඩාවැටීම පිළිබඳ මා හොඳින්ම දැක්කා.
ඒ පිළිබඳ මට අවබෝධයකුත් තිබුණා. මොකද මට දේශපාලනය පිළිබඳ දැඩි උනන්දුවක් තිබුණු
නිසයි.
එක්සත් ජාතික පක්‍ෂය එක් සමයක මේ රටේ දැවැන්ත දේශපාලන පක්‍ෂයක්. ඒ කාලයේ
සිටම පක්‍ෂය තුළ සිට අපි පෙන්වා දුන් ඒවා අද සනාථ වී තිබෙනවා. පක්‍ෂයක් විදිහට මේ
විදිහට යන්න බැහැ.
රටේ ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටීමේ අයිතිය ජනතාව සතු දෙයක්. ඒ
නිසා අපි ඒකත් සමග අත්වැල් බැඳගෙන යමු කියා අපි එදා පක්‍ෂයට පෙන්වා දුන්නා. නමුත්
එය ක්‍රියාත්මක කළේ නැහැ.
අල්ලස් ලබා දෙමින් එ. ජා. ප. යේ පිරිස් රජයට සම්බන්ධ කැර ගන්නවා කියා ඇතමුන්
කියනවා. ඔවුන් ඒ චෝදනා කරන්නේ වෙන කරන්න දෙයක් නැතිවයි. ඉදිරියේදී ඔය තත්ත්වය මත
අල්ලස් ලබා දෙනවා නම් එ. ජා. ප. යේ 80% ට විතර අල්ලස් ලබා දෙන්න සිදුවෙනවා. මොකද
ඉදිරියේදී 80% ට වඩා එ. ජා. ප. යේ පිරිස් රජයට එකතු වෙනවා.
මේ විහිළු කතාවලට අද
ජනතාව රැවටෙන්නේ නැහැ. අපිට ජනතාවට අල්ලස් දෙමින් රජයට සම්බන්ධ කැර ගන්න ඕනෑ නෑ.
ජනාධිපතිතුමන්ගේ ශක්තිමත් වැඩපිළිවෙළත් සමග අද එ. ජා. ප. ය ඇතුළු අනෙකුත් සියලු
පක්‍ෂවල ජනතාව රජය සමඟ එක්වෙනවා. මෙය කිසිදු බලවේගයකට නවත්වන්න බැහැ.
එ. ජා. ප. ය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොහෝ මන්ත්‍රීවරුන් අද
රජයට එක්ව සිටිනවා. රජයට එක්වූ එම මන්ත්‍රීවරුන් පසුගිය පළාත් සභා මැතිවරණ සඳහා
ඉදිරිපත් කළ සිය නියෝජිතයන් අතරින් ඇතැම් අය පරාජය වූ අවස්ථා අපි දැක්කා. මේ
තත්ත්වය ඔබ කෙසේද දකින්නේ.
එක එක පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් හා වැඩපිළිවෙළ අනුව තමයි ජනතාව ඡන්දය ලබා
දෙන්නේ. එහිදී වෙනත් පක්‍ෂයකින් පැමිණියාද යන්න ගැටලුවක් නැහැ. හොඳම උදාහරණය තමයි
පසුගිය පළාත් පාලන මැතිවරණය.
මම ආණ්ඩුවට සම්බන්ධවුණු කාලයේදීමයි එම මැතිවරණය
පැවැත්වූයේ. එහිදී එම මැතිවරණයට මගේ නියෝජිතයන් 14 ක් මා ඉදිරිපත් කළා එක්සත් ජනතා
නිදහස් සන්ධානය යටතේ. ඉන් 11 ක් ජයග්‍රහණය කළා.
එපමණක් නොව දෙදෙනෙකු පළමු තැනට
පැමිණියා. ඒ වගේම බස්නාහිර පළාතේ තිලංග සුමතිපාල හා දුමින්ද සිල්වා මාසයකට පෙර හා
මාස හයකට පෙර රජයට සම්බන්ධවුණු දෙදෙනෙක්.
මේ අය කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ පළමු
හා දෙවනි තැන්වලට පැමිණියා. මේ තුළින් පැහැදිලි වෙනවා ජනතාව ඡන්දය ලබා දෙන්නේ
පුද්ගල ක්‍රියාකලාපයන් හා වැඩපිළිවෙළ අනුව මිස වෙනත් පක්‍ෂයකින් පැමිණියාද යන්න
සළකා බලා නොවේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වත්මන් නායකයායැයි කියා ගන්නා කුමරන් පද්මනාදන් හෙවත් කේ.
පී. අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු මොනවාද?
මෙතනදී කරුණු දෙකක් පැහැදිලි වෙනවා. ප්‍රභාකරන් හා ඔහු ගේ මුළු ත්‍රස්ත නඩයම මැයි
මාසයේ 18දා වැනිදා වනවිට ඝාතනයට ලක්වුණා. අපගේ වීරෝදාර හමුදාවන් ඒ වනවිට
එල්.ටී.ටී.ඊ.ය සතුව තිබූ මුළු භූ®මියම අත්පත් කැරගෙන මේ මාතෘ භූමිය එක්සේසත් කළා.
ඒ වගේම එල්.ටී.ටී.ඊ.යේ පූර්ණ ශක්තියම විනාශ කරනු ලැබුවා. මේ විනාශයත් එක්ක රටේ
විශාල උද්දීපනයක් ඇතිවුණා.
මේක ඉවසා දරාගත නොහැකි ජාතික වශයෙන් හිටපු පිරිස් මොකද කළේ. සැකයේ භීතියක් පළ කළා.
දැන් එල්.ටී.ටී.ඊ.යේ ප්‍රහාරත් අවසානයි හැබැයි කේ. පී. කියලා ලෝක ප්‍රකට පුද්ගලයෙක්
මෙහි නායකත්වය අරන් තිබෙනවා කියන එක, තමයි දේශපාලන කුහක කම.
තව අයෙක් ඉන්නවා මේ
ත්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ.ය කියන බැටන් එක අරගෙන යන්නට කියා ඔවුන් ප්‍රචාරයක්
ගෙනගියා. රණවිරුවන් ලැබූ ජයග්‍රහණ බාල්දු කරන්නයි මෙවැනි ප්‍රචාර ගෙනගියේ.
ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ අභිමානය නැති වුණු විදේශීය පිරිස් මේ වෙනුවෙන්
ක්‍රියා කළා. ලෝකයේ ඇතැම් නායකයන් ඇතුළු විශාල පිරිසක් ලංකාවට පැමිණ ජනාධිපතිතුමන්ට
බලකළා වහාම සටන් විරාමයකට යා යුතුයි කියා.
ඒවාට දණ නමා ක්‍රියා කළ නායකයන් මේ රටේ
හිටපු යුගයක්ද තිබුණා. නමුත් ඒ යුගය අවසන් කළ වත්මන් ජනාධිපතිතුමන් කීවේ ජනතාව ගේ
පරමාධිපත්‍ය අයිති ජනතාවටයි. එම ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව විධායකයක් පත් කර
තිබෙනවා.
ඒ නිසා රටේ විධායකය ලෙස මම මේ රටේ ජනතාවට වගකිව යුතුයි. විවිධ බලපෑම් වලට
ජනතාව තැබූ එම විශ්වාසය යට කරන්න මා සූදානම් නැහැ කියලා. ජනාධිපතිතුමන්් කීවා. මේ
නිසා අසංතෝෂයෙන් හිටපු පිරිසක් ලෝකයේ ඉන්නවා.
මේ අයත් හැකි තරම් කේ.පී. කියන
පුද්ගලයා පුම්බනු ලැබුවා. ප්‍රභාකරන් නැමති බියගුලු චරිතයද මහා වීරයකු ලෙස පුම්බනු
ලැබුවේ මේ ආකාරයටය.
ප්‍රභාකරන් ඝාතනය කළා වගේම කේපී කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනවා
කිසිවකු දැනගෙන සිටියේ නැහැ. මේ තුළින් තවත් වැදගත් පණිවුඩයක් ලෝකයට ලබාදුන්නා.
කේ.පී. නොව කේ. පීලා තව දහදෙනෙක් බිහි වූවත් ඒ අය රටේ ත්‍රස්තවාදය වපුරනු ලබනවා නම්
අපේ ජාත්‍යන්තර මිතුරන් සමඟ එක්ව ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට හැකි බැව් අපි ලෝකයට
පණිවුඩයක් ලබා දුන්නා.
කුමාරන් පද්මනාදන් ඉන්දියාවට භාර දෙන බවට ප්‍රචාරයක් පවතිනවා. මෙහි සත්‍ය
අසත්‍යතාව කුමක්ද?
මෙහි පළමුවන කරුණු ඔහු අපේ රටට අවශ්‍ය අපරාධකරුවකු ඒවාගේම ඉන්දියාවටත් ඔහු අවශ්‍ය
අපරාධකරුවකු ලෙස පෙන්වා දෙනවා. ඉන්දියාව අපට සමීප රටක්. ලෝකයේ සම්මුඛ හා එකඟතාවන්ට
සමාන්තරව අපි කටයුතු කරමින් ඔහුගෙන් මෙරටදී ප්‍රශ්න කිරීමට අවශ්‍යනම් ඉන්දියාවට අපි
අවස්ථාව ලබා දෙනවා. කේ.පී. ගෙන් දැනට සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී කරුණු ගණනාවක්
අනාවරණය වී තිබෙනවා.
විශේෂයෙන් ත්‍රස්තවාදය තුළ නොසිට එල්.ටී.ටී.ඊ.යට මහා
පරිමාණයෙන් උදව් උපකාර ආධාර ලබාදුන් මෙරට හා පිටරට පුද්ගලයන් මෙන්ම කණ්ඩායම් රැසක්
පිළිබඳ තොරතුරු ඔහු අනාවරණය කැර තිබෙනවා.
එමෙන්ම ත්‍රස්තවාදීන්ට මුදල් ලැබුණු ආකාරය
ඔවුන් සතුව තිබෙන මුදල් ගනුදෙනු කළ ආකාරය මෙන්ම විවිධ සබඳතා පිළිබඳද තොරතුරු රැසක්
කේ. පී. ප්‍රකාශ කැර තිබෙනවා.
සාකච්ඡා කළේ -
ඉන්දික පොල්කොටුව
|