|
මරණ දැන්වීම්
ආර්.බී. කරල්ලියද්ද (විශ්‍රාමික ලංකා බැංකුව) - පද්මා කරල්ලියද්දගේ ආදරණීය
ස්වාමිපුරුෂයා වූද, රුචිත (ඕස්ට්‍රේලියාව) හා සප්තලා (නවසීලන්තය) යන අයගේ ආදරණීය
පියාණන් වූද, විෂාන් (නවසීලන්තය) හි ආදරණීය මාමණ්ඩිය වූද. අම්පිටිය වැවතැන්න පාර,
අකුරැටියවත්ත අංක. 376/4 හි පදිංචිව සිටි ආර්.බි. කරල්ලියද්ද මහතා අභාවප්‍රාප්ත
විය. ආදාහනය 17 වැනි සඳුදා ප.ව. 4.00 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
ඩබ්ලිව්.එස්ලින් සිල්වා මහත්මිය - පානදුර වලානේ බී.වී. ප්‍රනාන්දු සිල්වා
ටෙක්ස්ටයිල් පානදුර මහතාගේ දයාබර භාර්යාව වූද, අජිත් (ලංකා විදුලිබල මණ්ඩලය), සරත්
(කාර්මික සංවර්ධන මණ්ඩලය), යන අයගේ ආදරණීය මෑණියන් වූද, පද්මා (සිවිල් ඉංජිනේරු),
ඉන්ද්‍රානි (නීතිඥ - පානදුර), යන අයගේ ආදරණීය නැන්දණිය වූද. හරිනි, අයන්ත, දුලන්ත,
සරින්දි හා ක්‍රිශේන් ගේ ආදරණිය මිත්තණිය වූද, ඩබ්ලිව්. එස්ලින් සිල්වා මහත්මිය
අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 17 වන සඳුදා පස්වරු 4.00 ට පානදුර
මිනුවන්පිටිය පොදු සුසාන භුමියේදී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. 28/6, පොදු
ජන මාවත, වලාන, පානදුර.
සෝමා කණ්ඩම්බි කාරියවසම් මැතිණිය - කඹුරුපිටියේ විසූ නැසීගිය විශ්‍රාමලත්
විදුහල්පති ජී.ඩී.එච්. කණ්ඩම්බි මහතාගේ ආදරණීය සොහොයුරිය වූද විශ්‍රාමලත්
විදුහල්පති ඩී.කේ.ඊ. කාරියවසම් මහතාගේ ආදරණීය භාර්යාව වූද, අයිවන් කාරියවසම් (නාවික
හමුදා විශ්‍රාමික රියර් අද්මිරාල්), අශෝකා, පරාක්‍රම සහ ලංකා යන අයගේ ආදරණීය
මැණියන් වූද, ශාන්ත, සිසිර, අනෝජා (නවසීලන්තය) සහ ප්‍රියංගිකා යන අයගේ ආදරණීය
නැන්දණිය වූද විශ්‍රාමලත් විදුහල්පතිනි සෝමා කණ්ඩම්බි කාරියවසම් මැතිණිය පරලෝ සැපත්
වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු කඹුරුපිටිය ආදාහනාගාරයේ දී සිදුකරන බව සංවේගයෙන්
දැනුම් දී සිටිමු. මෙයට සංවේගයටපත් ස්වාමිපුරුෂයා සහ දූ දරුවන්.
|