‘අපි වවමු රට නගමු’ වැඩපිළිවෙළින් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා
‘අපි වවමු රට නගමු’ වැඩපිළිවෙළින්
ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා
ජනතාවට නැවුම් පෝෂ්‍යදායී ආහාර ලැබෙනවා
- ඇමැති බන්දුල ගුණවර්ධන
හෝමාගම සංචාරක -
මංජුල හිරිපිටිය
දේශීය ගොවි ජනතාව ආරක්ෂා කර ගොවීන්ට වැඩි ආදායමක් ලබා දීමටත් සාධාරණ මිල ගණන් යටතේ්
ජනතාවට පෝෂ්‍යදායක නැවුම් ආහාර පරිභෝජනය කරවීමට නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අපි
වවමු - රට නගමු වැඩ සටහන මගින් ක්‍රියාත්මක කර ඇතැයි, වෙළඳ,ආහාර සමූපකාර අලෙවි
සංවර්ධන හා පාරිභෝගික කටයුතු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.
ඒ මහතා එසේ
පැවසුවේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයට අයත් කුරුගල, ලියන්වල, සහ මාදුළුවාව ප්‍රදේශවල
රණවිරුවන්ට හා ගොවීන්ට උපහාර දැක්වීමේ උත්සවයේදී ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්
වූ ඇමැතිවරයා මෙසේ ද පැවසී ය.
පසුගිය මාසවලදී මෙරට පැවැති විශාලම ප්‍රශ්න වූයේ ජනතාව කොටි ත්‍රස්තවාදයෙන් ආරක්ෂා
කර ගැනීමටයි. වසර ගණනාවක් මෙරට පාලනය කළ නායකයින්ට නායිකාවන්ට ත්‍රස්තවාදය පරාජය
කිරීමට නොහැකි වුණා.
 |
|
පළාත් ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා රණවිරුවෙකුට
ඇගැයීමේ තිළිණයක් ලබා දුන් අයුරු සහ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කුරුගල
ගොවි සංවිධානයේ සභාපතිවරයාට ප්‍රදේශයේ ගොවීන්ට ප්‍රයෝජනය සඳහා තෙල් ඉසින
යන්ත්‍රයක් ලබා දුන් අවස්ථාව.
ඡායාරූපය :- හෝමාගම සංචාරක - මංජුල හිරිපිටිය |
රටෙත්, ජනතාවගෙත් වාසනාවට මහින්ද රාජපපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වුණා.
මේ සමඟ රටට ලැබුණු නිවැරැදි නායකත්වය නිසා වසර තිහකට ආසන්න කාලයක් පටන් පැවැති
ත්‍රස්තවාදය මෙරටින් නැති කර දැමීමට හැකි වුණා.
ත්‍රස්තවාදය නැති කිරීමට අපගේ රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. සෑම
රණවිරුවකුම ඇගයීම අපගේ යුතුකමක් වෙනවා.
බස්නාහිර පළාත් කෘෂිකර්ම , ඉඩම් ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා
අපගේ රණවිරුවවන් තම සේවය කළෙත් කරන්නෙත් ජීවිතය අහිමි වෙයි ද, වැටුප, දීමනාව හා
අව්ව වැස්ස ගැන බලා නොවෙයි. ඒ නිසයි ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය හා මඟ
පෙන්වීම මත රණවිරුවන්ට ත්‍රස්තවාදය නැති කර දැමීමට හැකි වූයේ.
ත්‍රස්තවාදය මෙරටින් අවසන් වීමත් සමඟ රට නව සංවර්ධන මාවතකට යොමු වී තිබෙනවා.
මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන මංජු ශ්‍රී අරංගල, තිලකරත්න
රාජපක්ෂ නීතිඥ ජනක වැලිවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංග අබේසිංහ, උප
සභාපති ලාල් මුණසිංහ, ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඒ.ඩී.කුමාරසිරි. ප්‍රාදේශීය සභා
මන්ත්‍රීවරුන් වන සුනිල් පෙරුම්බුලි, ඉන්දික කෝරළගේ, රොෂාන් ජයකොඩි, එස්.හපුආරච්චි,
සම්පත් පත්මවරණ, පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල සහ කුරුගල
ග්‍රාම නිලධාරි නන්දන නිශාන්ත රණසිංහ යන මහත්ම මහත්මීන් සමඟ ප්‍රදේශයේ රණවිරුවන් හා
ගොවීන් රැසක් සහභාගි වූහ.
|