බේරුවලට උපරිම සේවාවක් කිරීමට
බේරුවලට උපරිම සේවාවක් කිරීමට
එජනිස නව සංවිධායක පොරොන්දු වෙයි
මතුගම මධ්‍යම - නිමල් වීරසේන
බේරුවල ආසනයේ - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංවිධායකධූරයට පසුගියදා පත්වූ
ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති දොස්තර ‘රාජිත සේනාරත්න’ මහතා ගේ ප්‍රථම ආසන
සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී
පැවැත්විණි.
 |
|
ඇමැති රාජිත සේනාරත්න මහතා බේරුවල සංවර්ධන කමිටු මංගල
රැස්වීමේදී රැස්ව සිටි සියලු නිලධාරී මහත්ම මහත්මීන් සාකච්ඡා මාර්ගයෙන්
දැනුවත් කළ අවස්ථාව ඡායාරූපයන්ගෙන් දැක්වේ.
ඡායාරූප - මතුගම මධ්‍යම නිමල් වීරසේන |
ආසනයේ පවත්නා විවිධ ගැටලු සහ මෙතෙක් අඩපණ වී තිබූ හා අලුතින් ආරම්භ කළ යුතු මෙන්ම
සංවර්ධන ක්‍රියාදාමයන්ට යොමු කළ යුතු වැඩසටහන් පිළිබඳවද , විශේෂයෙන් ධීවර ප්‍රජාවගේ
විවිධ ගැටලු පිළිබඳවද සාකච්ඡා කිරීම එහිදී විශේෂ තැනක් ගැණින.
නව ආසන සංවිධායකවරයා වශයෙන් බේරුවල ආසනයට කළ යුතු උපරිම සේවාවන් ලබාදීමට තමා ඇප
කැපව ක්‍රියාකරන බවද ඇමැතිවරයා එහිදී පැවැසී ය.
බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රමුඛ බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා
ප්‍රධානකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා නගර සභා විපක්ෂ නායකවරයා ද ඇතුලු බේරුවල
රාජ්‍ය ආයතන නිලධාරීන් හා අනෙකුත් ආයතන ප්‍රධාන සෙසු නිලධාරීන් සමගින් විශාල
පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
|