පහසු මිලට දෙන කාබනික පොහොර ගොවීන් අතර ජනප්‍රියයි

පහසු මිලට දෙන කාබනික පොහොර ගොවීන් අතර ජනප්‍රියයි

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ රන්පොකුණගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කර පහසුමිලට බෙදා හරිනු ලබන කාබනික පොහොර ප්‍රදේශයේ ගොවීන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

මෙම කාබනික පොහොර භාවිතය නිසා දිගු කාලීනව රසායනික පොහොර යෙදීම නිසා පස නිසරුවීම වැළැකී ඇති බවත් විශේෂයෙන් ගෙවතු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවී ඇති බවත් ගොවීහු පවසති.

අපි වවමු රට නගමු දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික මෙහෙයුම යටතේ රන්පොකුණගම මෙම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කරන ලදී.

2009 වසර අවසන් වන විට රසායනික පොහොර භාවිතය හැකිතාක් දුරට අවම කර කාබනික පොහොර යෙදූ කෘෂි නිෂ්පාදන ජනතාව අතර ගෙන ඒමේ රජයේ වැඩපිළිවෙළට හැකි පමණින් දායකත්වයක් සැපයීම මෙම ව්‍යාපෘතිය ඇරැඹිමේ අරමුණ වූ බව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා