මුද්‍රණය සඳහා

 
ඒකල ප්‍රදේශයේ පමණක් කම්හල් එකසිය හැට ගණනක් තිබෙනවා

ඒකල ප්‍රදේශයේ පමණක් කම්හල් එකසිය හැට ගණනක් තිබෙනවා

- ඇමැති ෆීලික්ස් පෙරේරා

වතු ක්ෂේත්‍රයේ වැඩකළ තම පියා දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවත් එදා එම පක්ෂයට බැඳුනා යයි කියා මාස 6 කට පල්ලිය තහනම් කළත් නව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ රජයේ කටයුතුවලදී පූර්ණ සහය දෙන බව කියා තිබෙන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා කීවේය.

ජා ඇළ ප්‍රාදේශීය සභාවේ දඬුගම උප කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ඒ මහතා මෙසේ කීවේය.

ඒ මහතා තව දුරටත් මෙසේ ද පැවැසීය.

 ජා ඇළ ප්‍රාදේශීය සභාවේ දඬුගම්පේරුව උප කාර්යාල නව ගොඩනැඟිල්ල ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා විසින් විවෘත කැරුණු අවස්ථාව , ජා ඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් නිශාන්ත අබේවික්‍රම , උප සභාපති සනත් ජයවර්ධන , ජා ඇළ නාගරික මන්ත්‍රී ශම්මික ඩයස් යන මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය ජා ඇළ සමූහ ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා

දඬුගම ප්‍රාදේශීය සභාවේ සභාපති දක්ෂයෙක්. සභාවේ වැඩ භාරගත්තට පස්සෙ සුවිශේෂ කාර්ය භාරයක් ඉටුකැර තිබෙනවා.

දඬුගම් පේරුව උප කාර්යාලය අවුරුදු 30 කට වඩා පැරැණි ගොඩනැඟිල්ලක්. ඒක දිරා පත්වෙලා කැඩූ නිසා සභාපති නිශාන්ත මහතා ප්‍රධාන සියලුම මන්ත්‍රීවරු අද විවෘත කළ මේ ගොඩනැඟිල්ල මගෙන් ඉල්ලා හිටියා.

මෙය මට අයිති ගොඩනැඟිල්ලක් නොවෙයි. මගේ දියණිය සමඟ කතාකර රජයේ තක්සේරුව අනුව රුපියල් ලක්ෂ 375 කට පර්චස් 30 ක් මිලදී ගත්තා. ගොඩනැඟිලිවලට මුදල් අය කෙළේ නැහැ.

මෙහි දී මගේ ඉල්ලීම වූයේ දඬුගම්පේරුව ගම්කාර්ය සභාවේ සභාපතිවරයකු ලෙස සේවය කළ මගේ් පියා වන ඇල්බට් පෙරේරා නමින් ගොඩනැඟිල්ල නම් කරන ලෙසයි.

මගේ තාත්තගේ සමීප හිතවතෙක් තමයි ජෝශප් මයිකල් පෙරේරා මහතා , ඒ කාලෙ ඔහු ජා ඇළ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස තාත්තගේ සහායෙන් නගර සභාවට පත් වුණා.

ඔහු යමක් කළ අයෙක්. අමැතිකම් කරල කතානායකත් වුණා. එදා ස්ටැන්ලි සොයිසා මුදල් ඇමැති මගින් කර්මාන්ත පුරය ඒකළට ගෙනා හැටි පියා මට කියා තිබෙනවා.

අද කර්මාන්ත ශාලා ඒකළ ප්‍රදේශයේම 160 ගාණක් තියෙනවා. මෙය මුල්කැර ගෙන නිදහස් වෙළෙඳ කලාපය බිහි වී තිබෙනවා. ගුවන් කොටුපළත් මෙයට හේතු වී තිබෙනවා. මේ නිසා බෝඩිම් , හෝටල්, කෑම දෙන ආයතන බිහි වෙලා මුළු පළාතම දියුණු වුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට පත් වීමෙන් පසු රාගම ගුවන් පාලම හදා හදිසි රෝගීන් ගෙනයාමට තිබූ අවහිරය නැති කළා. රාගම බැසිලිකා විද්‍යාලට විශේෂ ශාලාවක් හදා දී රාගම නගරය දියුණු කළා.

 ජා ඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් නිශාන්ත අබේවික්‍රම එම සභාවේ විපක්ෂ නායක නිමල් ශාන්තිරත්න උප සභාපති සනත් ජයවර්ධන මහත්වරුද කතා කළහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk