කළපුගම මඤ්ඤොක්කා වගාකරුවෝ අස්වැන්න විකිණීමේ ගැටලුවක
කළපුගම මඤ්ඤොක්කා
වගාකරුවෝ අස්වැන්න
විකිණීමේ ගැටලුවක
නාගොඩ විශේෂ
මොරොන්තුඩුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කළපුගම කොට්ඨාසයේ අක්කර 25 ක පමණ වගා
කැර ඇති මඤ්ඤොක්කා අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමේ දැඩි අසීරුතාවට ගොවීහු දැන්
මුහුණ දී සිටිති.
රුපියල් 20 කටත් වඩා අඩු මුදලකට මඤ්ඤොක්කා කිලෝව වෙළෙන්දන් විසින් මිලදී ගනු ලැබේ.
එමනිසා ගැලවීමට ඇති මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් 50,000 ක් පමණ සාධාරණ මිලකට අලෙවි කැර
ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට ගොවීහු මුහුණ දී සිටිති. එක් ගොවියෙක් අක්කර 3, 4 වැනි
ප්‍රමාණයක මඤ්ඤොක්කා වගා කැර ඇති බව ද දැනගන්නට තිබේ.
ගොවීන් පවසන්නේ තම අස්වැන්නට හොඳ මිලක් නොලැබෙන්නේ නම් වගාවෙන් ඉවත් වීමට සිදුවන
බවයි.
ඔවුහු අදාළ අංශවලින් ඉල්ලා සිටින්නේ තම අස්වැන්න වැඩි මිලකට විකුණා ගැනීමේ ක්‍රමවත්
වැඩපිළිවෙළක් සකසා දෙන ලෙසයි.
විශේෂයෙන්ම වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීම මත ආර්ථික මධ්‍යස්ථාන වෙත තම අස්වැන්න ලබා
දීමට කටයුතු කිරීම වඩා වැදගත් වන බව ඔවුන්ගේ අදහසයි.
|