කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍යය අද ඇරැඹේ
කෝට්ටේ රජමහා විහාරයේ
වාර්ෂික පෙරහර මංගල්‍යය
අද ඇරැඹේ
කෝට්ටේ මධ්‍යම සමූහ
ඓතිහාසික ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රජමහ විහාරයේ වාර්ෂික මහ පෙරහර මෙවර රාජ්‍ය
අනුග්‍රහය සහිතව උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව පියවර ගෙන ඇත.
අද (17) රාත්‍රී පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව හා පසුදින (18) මහ
සංඝරත්නය විෂයෙහි දානය පිරිනැමීමෙන් පසු පෙරහර උත්සවය ඇරැඹේ. 19 වැනිදා රාත්‍රී‍්‍ර
8.30 ට උතුර බලා කප් සිටුවීම සිදුකැරේ.
20 හා 21 වැනි දිනයන්හි සවස තේවාවන් ද, 22 වැනි දින සවස කුඹල් පෙරහර ද පැවැත්වේ.
අගෝස්තු 23, 24 හා 25 දිනයන්හි මල් පෙරහර ද, 26 වැනිදා පාවඩ පෙරහර ද , 27 වැනිදා
රාත්‍රී වීදි පෙරහර ද පැවැත්වේ.
රන්දෝලි පෙරහර 28 වන දින රාත්‍රී පැවැත්වෙන අතර අවසන් මහ පෙරහර මේ මස 29 වැනි
සෙනසුරාදා රාත්‍රී පැවැත්වේ.
උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ගෙන් සැදුම් ලත් නැටුම් කණ්ඩායම් රැසක් ද, අලි
ඇතුන් රැසක් ද මෙවර පෙරහරට ඇතුළත් වන බව විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියෝ
පැවැසූහ.
දිය කැපීමේ පෙරහර 30 වැනිදා උදේ විහාරස්ථානයෙන් පිටත්ව, ඇතුල්කෝට්ටේ දියවන්නා ඔයේදී
දිය කැපීම සිදුකැරේ. එහිදී සිරි පැරකුම් විහාරස්ථ දායක සභාව හා අවට ගම්වාසීන්ගේ
සහායෙන් දේව දානයක් ද පිරිනැමේ.
මෙදින සවස පෙරහර ගෙවැදීමෙන් වන්ඩේස්වරාදී පුද සිරිත් පැවැත්වීමෙන් පසු රාත්‍රී
විහාරස්ථ දායක සභාව මගින් ද දේව දානයක් පිරිනැමීමට නියමිතය.
|