පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් තවත් විශාල ආයුධ තොගයක්

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් තවත් විශාල ආයුධ තොගයක්

මුලතිව් කුප්පිලාන්කුලම් සහ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශවල දී යුද හමුදාවේ කාර්ය සාධක බළකා තුනෙහි රණවිරුවන් විසින් මිලිමීටර් 81 මෝටාර් බෝම්බ 250ක්, මිලිමීටර් 60 මෝටාර් බෝම්බ 510ක්, සී – 4 පුපුරන ද්‍රව්‍ය කිලෝ 7ක් ඇතුළුව අවිආයුධ රැසක් පෙරේදා (15) සොයාගෙන තිබේ.

එම ප්‍රදේශවල දී සොයාගත් අනෙකුත් අවි අතර ටී 56 අවි 03ක්, ආර්. පී.ජී. පතරොම් 22ක්, එම්. පී. එම්. ජී. බැරල් 01ක්, ටී 56 පතරොම් 25ක්, අත්බෝම්බයක්, පුද්ගල නාශක බෝම්බ 03ක්, එම්. පී. එම්. ජී. ලින්ක්ස් 01ක්, ඩෙටනේටර් 145, මිලිමීටර් 60 මෝටාර් චාජර් 150ක්, 81 මෝටාර් චාජර් 246ක්, 120 මෝටාර් චාජර් 15ක් සහ ටී 56 පතරොම් 800ක්, 85 පතරොම් 01ක් වේ.

මේ අතර 57 වැනි සේනාංකය විසින් කිළිනොච්චිය ඉරනමඩු සහ විශ්වමඩු යන ප්‍රදේශවලින් 60 මෝටාර් උණ්ඩ 10ක්, පුද්ගල නාශක බෝම්බ 08ක්, 81 මෝටාර් බෝම්බයක්, අත්බෝම්බයක් සහ වැඩිදියුණු කළ බෝම්බයක් සොයාගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා