අනුර බණ්ඩාරනායක මහතා වියෝවී
වසරක් ගතවීම නිමිත්තෙන්.....

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදිනක කලණ මිතුරන් අමතක නොකරයි. හිටපු කථානායකවරයකු ඇමැතිවරයකු සහ විපක්ෂ නායකවරයකු වූ අභාවප්‍රාප්ත අනුර බණ්ඩාරනායක මහතා ජනාධිපතිතුමාගේ කලණ මිතුරෙකි. ඔහුගේ අභාවය ජනාධිපතිතුමන්ට තදින් දැනිණි. ඔහුගේ වියෝවෙන් වසරක් ගතවීම නිමිත්තෙන් බණ්ඩාරනායක මහතා කාලයක් ජීවත් වූ විසුම්පායට මහා සංඝරත්නය වැඩම කොට පැන් වඩා දානයක් දීමට අමතක නොකළේය.

ඡායාරූප : සුදත් සිල්වා






දියවන්නාවේ නෑදෑයෝ සෙනසුරාදා දිනමිණේ....

ඕමන්ත-වැලිඔය පාරේ කිලෝ මීටර් 27ක බිම් බෝම්බ ගලවයි

‘උතුරු වසන්තය’ වැඩ සටහන යටතේ ඕමන්ත වැලිඔය මාර්ගයේ කිලෝ මීටර් 27ක දුර ප්‍රමාණයකබිම් බෝම්බ ඉවත් කිරීම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අවසන් කොට තිබේ. ත්‍රස්තවාදීන් විසින් අතුරා තිබූ පුද්ගල නාශක බෝම්බ ඇතුළු බෝම්බ සියල්ල මාස තුනකදී ඉවත් කළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

විස්තර »

‘මහින්ද චින්තනයේ’ යෝජනා 603න් 571ක් ක්‍රියාත්මකයි

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගත යෝජනා 603 න් යෝජනා 571 ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) සභාගත කළ පිළිතුරෙහි සඳහන් වේ.

විස්තර »

ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදී
සුරේෂ් රිය අනතුරකින් මරු දකී

බිරිය සමඟ යතුරු පැදියෙන් යද්දී
ටිපර් රථයක හැපිලා

ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදී සුරේෂ් වික්‍රමසිංහ මහතා (35) පසුගියදා 1 වැනිදා සිදු වූ හදිසි අනතුරකින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී ඊයේ (10) අභාවප්‍රාප්ත විය. ඒ මහතා මේ රිය අනතුරට ලක් වුයේ පිටකෝට්ටේ , බැද්දගාන මංසන්ධියේ ක්‍රීඩා පිටිය ඉදිරිපිටදීය.

විස්තර »

කෝට්ටෙන් රවී නෙරපන්න
රනිල් පොටක් පාදයි

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්ම නිරතුරුවම පෙනී සිටිමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කෝට්ටේ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරගෙන යයි.

විස්තර »

සමූහාණ්ඩු රාජ්‍ය ක්‍රමයක් පිහිටුවීම
ගැන රනිල් කළ ප්‍රකාශය වහා
පැහැදිලි කරන්න

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

සමූහාණ්ඩු රාජ්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැක්කේ එක්සත් ජාතික පක්‍ෂ රජයකට පමණක් යැයි විපක්‍ෂ නායකවරයා කර ඇති ප්‍රකාශය වහා පැහැදිලි කළ යුතු බව ජනමාධ්‍ය හා තොරතුරු, ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

විස්තර »

අඟුලානේ තරුණයාගේ මරණය අපරාධයක්

මොරටුව මහේස්ත්‍රාත්වරිය තීරණය කරයි

අඟුලාන පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී වෙඩි වැදීමෙන් මියගිය දිනුෂ්ක උදයකාන්ත අපොන්සු නමැති 21 හැවිරිදි තරුණයාගේ මරණය අපරාධයකින් සිදුවූවක් බව මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඉන්දිකා කාලිංගවංශ මහත්මිය ඊයේ (10) තීරණය කළාය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .