නවක වධය ජ’පුර සරසවියෙන් ඉවත් කිරීම අපේ එකම අරමුණයි
නවක වධය ජ’පුර සරසවියෙන්
ඉවත් කිරීම අපේ එකම අරමුණයි
ව්‍යවහාරික විද්‍යාපීඨ
සංගමයෙන් ප්‍රකාශයක්
ප්‍රාර්ථනා වීරසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්, නවක වදය තුරන් කිරීම තමන් ගේ අරමුණ බව
ව්‍යවාහාරික විද්‍යාපීඨ සංගමය ප්‍රකාශ කරයි. 2003 වසරේ සිට තම පීඨයෙන් මෙන්ම
විශ්වවිද්‍යාලයෙන් ද නවකවදය තුරන් කිරීම සඳහා කැප වී ක්‍රියා කරන ව්‍යවහාරික
විද්‍යාපීඨ සිසුන්, එම පීඨයට ඇතුළත්වන 2009 කණ්ඩායමට නවක වදය වෙනුවට ක්‍රීඩා
උත්සවයක් මේ මස 12 වැනි දින පැවැත්වමින් පිළිගැනීමට කටයුතු යොදා තිබේ.
මහරගම,
නාවින්න, ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මේ උත්සවයේ අරමුණු පැහැදිළි කරන ව්‍යවහාරික
විද්‍යාපීඨ සංගමය සිය වැඩපිළිවෙළ ගැන මෙසේ කියයි.
“ අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පීඨ 3ක් තිබෙනවා. ඒ කළමනාකරණ, මානව ශාස්ත්‍ර හා
ව්‍යවහාරික පීඨයයි. 2000 වර්ෂයට පෙර මේ පීඨ තුනේම නවකවදය තිබුණා. එහෙත් ඊට එරෙහි ව
කටයුතු කරන්න යෑම නිසා සමන්ත සොයුරා මිය ගියා.
නවක වදය තාමත් අනෙක් පීඨදෙකේ
ක්‍රියාත්මක වෙනවා. නවකවදය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු
කිහිපයක් තියෙනවා. එනම් අලුතින් පැමිණෙන ළමයි හඳුනා ගැනීම, සුහදත්වය වර්ධනය කර
ගැනීම, ජ්‍යෙෂ්ඨත්වයට ගෞරව කිරීම ආදියයි.
මේ කියන සියලු දේ ඇතුළුව නායකත්වය වර්ධනය
කිරීම, කණ්ඩායම් හැඟීම සහ ජ්‍යෙෂ්ඨත්වයට ගෞරව කිරීම අප මේ වැඩසටහන්වලින් සිදුකරනවා.
පීඨයේ ගුරුවරුන් හා ජ්‍යෙෂ්ඨ සිසුන් මේ හැම දෙයකටම සහභාගී වෙනවා.
නවක සිසුන්නට කායික මානසික කිසිඳු අවහිරයක්, බාධාවක් නොවන පරිදි ව්‍යවහාරික
විද්‍යාපීඨය තුළ ස්වාධිනත්වයෙන් ක්‍රියා කළ හැකි පරිසරයක් නිර්මාණය වී ඇති බව එම
සංගමය තවදුරටත් පවසයි.
නවක සිසුන්ට විශ්වවිද්‍යාල තුළ නිදහසේ කටයුතු කිරීමට, ඇති
හැකියාව ව්‍යවහාරික විද්‍යා පීඨයට පමණක් නොව සමස්ත විශ්වවිද්‍යාලයේම ව්‍යාප්ත
කිරීමට කැප වී ක්‍රියා කිරීම තුළින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නවකවදය නිසා
එල්ල වී තිබූ කලු පැල්ලම් ඉවත් කිරීමට හැකිවන බව සංගමය පැවසීය.
|