ඥාතත්‍ථ චර්යාව
ඥාතත්‍ථ චර්යාව
“දානංච ධම්ම චරියාච
ඤාත කානංච සංගහො
අන වජ්ජානි කම්මානි
එතං මංගල මුත්තමං
(මංගල සූත්‍රය )
මේ බුදුවදනෙකි. දන්දීම, ධර්‍මානුකූලව හැසිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම හා නිරවුල්
කර්මාන්ත කොට ජීවත්වීම මංගල කටයුතුයැයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.
මේ කරුණු අතරින් මෙහි සදහම් කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට
සැලකීම පිළිබඳව අවධානය යොමු කිරීමටයි.
බුදුරජාණන් වහන්සේ ධර්‍මදේසනා කරන විට ඥාතත්‍ථචරියා පරත්‍ථචරියා කියා දම්දෙසුබව
පෙනේ. බුදුරජාණන් වහන්සේ සකලලෝකවාසීන්ට දම් දෙසුවේ මහා අනුකම්පාවෙනි. උන්වහන්සේ
පරාර්ථචර්යාවෙන්ම සියලු සත්වයන්ට අනුකම්පාවෙන්ම යහපත සඳහාම දම්දෙසා ඇත. එසේ කළේ
පරාර්ථ සේවය සඳහාම බව ඉතා පැහැදිලිය.
ඥාතත්‍ථචරියා
තමන්ගේ ඥාතීන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙහෙසුන බව, සොයා බැලුබව සුද්ධෝදන
රජතුමාට සැලකූ® අයුරින් පැහැදිලි වේ. එසේම
යසෝදරාවට,
රාහුල පුතුට,
නන්ද කුමරුට,
දේව දත්තයට
රෝහිනි ගඟේ ජලය බෙදා ගන්නට ගොස් යුද්ධයක් කළ ශාක්‍ය - කෝලිය නෑ පිරිසට කරුණු පහදා
දී දම්දෙසා සමගි කළහැටි වැදගත් ඥාති සංග්‍රහයකි.
බුදුරජාණන් වහන්සේ එම ඥාති සංග්‍රහවලින් බලාපොරොත්තු වූයේ තම නෑයන් සමගියෙන්
සිටීමෙන් වන සෙත උන්වහන්සේට අවබෝධ වූ බැවිනි.
බුදුරජාණන්වහන්සේ නිතර ධර්‍මදේශනා කළේ සියලු සත්වයින්ටම මෙලොව දියුණුවත් පරලොව
දියුණුවත් අවසාන අමාමහ නිවනත් පසක් කර ගැනීමටය.
බුදුරජාණන් වහන්සේ වරින්වර ඥාති සංග්‍රහ කළහැටි බලන විට ඒ සෑම දෙයක්ම නිවන් මඟට
පිවිසීමට හේතුවන අයුරින් කළබව සක්සුදක්සේ පැහැදිලිය.
ප්‍රථම ධර්‍මදේසනාව
තමන් අත්හැරගිය පස්වග තවුසන් බරණැස ඉසිපතනාරාමයේ වෙසෙන බව භාග්‍යවතුන්වහන්සේට
දැනගන්නට ලැබින. ප්‍රථම ධර්‍මදේශනාව පළමුකොට පස්වග තවුසන්ට දේශනා කිරීමට කල්පනා
කෙළේය. බුද්ධත්වය ලබා දෙමසක් සපිරෙන ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනයේ දී
භාග්‍යවතුන්වහන්සේ ඉසිපතනයට ලඟාවූයේ මේ සඳහාය. පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේ ගැන
වැඩි පැහැදීමක් නොතිබුනත්, උන්වහන්සේ බුද්ධත්වයට පැමිණ ඇතිබව දැනගත් වහාම
උන්වහන්සේව ඉතා ඉහලින් පිළිගත්හ.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු කොට ඉසිපතනාරාමයේදී පස්වග තවුසන්ට දහම්
දෙසා, ඒ ඇසු කොණ්ඩඤ්ඤ තවුසාණෝ සෝවාන්ඵලයට පත්විය.
අනතුරුව වප්ප භද්දිය මහානාම, අස්සජි යන තවුසන් හතරදෙනාත් දින කීපයකින් සෝවාන්බව
ලැබූහ. දහම් ඇසු පස්වග තවුසන් එහි භික්‍ෂුභාවයෙන් පැවිද්ද ලැබූහ.
මේ කාලය තුලදී බරණැස් සිටුහුගේ පුත් යසකුල පුත්‍රයාත් ඔහුගේ යහළුවන් පනස් හතර
දෙනෙකුත් බුදුරජාණන් වහන්සේ වෙත පැමින දහම් අසා පැවිදි වී රහත් බව ලැබූහ. පළමු
වස්කාලය අවසන් වනවිට බුදුරජාණන්වහන්සේ ඇතුළුව ලොව රහතුන් වහන්සේලා එක් සැටනමක් වූහ.
 |
|
අමරපුර සිරි ස_ම්මවංස මහා
නිකායේ එක්නැළිගොඩ විහාරපාර්ශවයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක, අමුගොඩ
ජයසුමනාරාම පුරාණ මහා විහාරය, තලගස්පේ
ජයවර්ධනාරාමය කිරිදොළ ආරණ්‍ය සෙනසුනා හා කූටන්දොළ බෝධිරාජාරාමය යන චතුර්
විහාරාධිපති,
අමුගොඩ
සෝමරතන නාහිමි |
අනතුරුව අතරමගදී හමුවු භද්දවග්ගිය කුමාරවරු තිස්දෙනෙක්ද, බුදුරජාණන්වහන්සේගෙන් බණ
අසා පැවිදිව රහත් බව ලැබූහ. ඒ පිරිසද ධර්‍ම ප්‍රචාරයෙහි යෙද වූහ.
අජාසත් සහ බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ ධර්‍මදේශනාකොට අජාසත් රජුට පවා සෙත සලසන ලදි.
අයහපතෙහි යෙදෙන අයට හොඳින් යහමඟ ගමන් කිරීමට කියාදීමෙන් ඔහු සනසාලීමෙන් ඔහුගේ හදවතේ
වේදනා නැති කොට ජීවත්වීමට සැලැස්වීමෙන්, ඕනෑම නරක අයෙක් හොඳ අයෙක් කිරීමට පුළුවන.
බුදුරජාණන්වහන්සේ පිතෘඝාතක අජාසත් රජුට යහපත්ව අනුශාසනා කොට ඔහු යහමගට ගන්නා ලදී.
බුදුරජාණන් වහන්සේගේ උත්තරීතරභාවය මෙයින් පැහැදිලි වේ.
සුදොවුන් රජු හමුවීම
බුදුරජාණන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කරක්ක්‍රියා කොට රජගහනුවර වසන කාලයෙහි බුදු බව
ලබා දැන් බරැණැසදි දම්සක් පවත්වා, දැන් රජගහනුවරට වැඩ වේළුවනාරාමයේ වැඩ සිටින බව
දැන උන්වහන්සේව කිඹුල්වත්පුරයට වැඩමවාගෙන එන ලෙස පුරුෂයන් දහසක් , ඇමතිවරයෙක් සමඟ
ඇරියත් එය ඉටු වුනේ නැත. නැවතත් වරින්වර නවදහසක් ඇරියත් ඒ සියල්ල බුදුන් හමුවේදී
පැවිදි බව ලබා රහත්විය. මේ විධියට පැවිදි වු පිරිස විසිඑක්දහස් තුන්සිය පනස් පහක්
විය.
කාලුදායි තෙරුන්ගේ ගමන්මඟ වර්ණනාව
කාලුදායි තෙරුන්ගේ පැමිනීමෙන් දින හතඅටක් ගිය තැන මැදින්මස පුර, පසළොස්වකවක්
පොහොයදා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම සඳහා කරුණු ඉදිරිපත් කරමින්
මහමඟ දෙපස ගාථා 60 කින් වර්ණනා කරන ලදී.
එසේ කොට කාළුදායිතෙර බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් නුවරට වඩින ලෙසට ආරාධනා කෙළේය.
කිඹුල්වතට වැඩමවීම
බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට කාලුදායි ස්ථවීරයන් වහන්සේගේ ආරාධනාපිට හතළිස්
දහසක් පමණ ගිහි පැවිදි පිරිස සමග කිඹුල්වත් පුරයට වැඩිසේක.
නිග්‍රෝධාරාමයට වැඩමවීම
යමාමහ පෙළහැර පෑම වෙසක් පෝයදා
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩිය පසු වැඩ සිටීමට නිග්‍රෝධ ශාක්‍යයාගේ
උයනෙහි විහාරයක් කරවා තැබූහ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩ රජගහ නුවරට
වඩින අවස්ථාවේ කාලුදායි ස්ථිවිරයන්වහන්සේ බුදුරජාණන්වහන්සේගේ ඥාතීන් සමඟ මුලු
කිඹුල්වතම සරසා ධජ පතාකාදියෙන් අලංකාරකොට දිව්‍යපුරයක් මෙන් සරසා තිබුනි. එය
බුදුරජාණන් වහන්සේ ඥාතීන් පිළිබඳව ආදරයක් ගෞරවයක් ඇතිවීමට හේතුවියැයි සිතිය හැක.
බුදුරජාණන් වහන්සේ රජ ගෙදරට වඩින විට වැඩිමහලු නෑ පිරිස මෙසේ හැසිරිිය යුතුයැයි
තීරණය කළේය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත රජගෙදරට වඩින අවස්ථාවේදී වැඩ සිටිනා නෑ
පිරිස බුදුරජාණන් වහන්සේට නොවැඳීය යුතුය. ලාබාල අයට කියා වැන්දවිය යුතුයැයි තීරණය
කොට ආඩම්බර ගතියෙන් පසු වූහ.
ඒ බව දත් බුදුරජාණන්වහන්සේ අභිඥාපාදක ධ්‍යානයට සමවැදී අහස්නැග මහ පෙළහැර පෑහ. ඒ
දුටු සුද්දෝධන රජතුමා පින්වතුන් වහන්ස ඔබ වහන්සේ උපන්දින අසිත තවුසානන්ට වඳින්නට
ගිය අවස්ථාවේදී පාද පෙරලී ඔහුගේ ජටාවෙහි ඔබ පාද පිහිටියා දැක මම ඔබ වහන්සේ
වැන්දෙමි. ඒ මගේ පළමු වැඳීමයි.
වප් මඟුල් දින දඹසෙවන සිරි යහනේ දී ඔබේ පෙළහැර දැක දෙවෙනි වැදීම කෙලෙමි. දැන් කිසිම
දිනක නුදුටු විරූ මේ පෙළහර දැක ඔබේ පා වඳීමි. මේ තුන්වෙනි වැඳීමයි කියා බුදුරජාණන්
වහන්සේට නමස්කාර කළේය.
අනතුරුව සියලු ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට නමස්කාර කළහ. මේ සැමදෙයකින්ම
බුදුරජාණන්වහනසේ බලාපොරොත්තු වූයේ තම නෑයන්ට යහපතක් සැලසීමටය.
|