ශ්‍රීලනිප රත්නපුර සංවිධායක කරු පරණවිතාන
ශ්‍රීලනිප රත්නපුර
සංවිධායක
කරු පරණවිතාන
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා
නිදහස් පක්‍ෂ සංවිධායකවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කැර තිබේ.
1990 දශකයේ දී ශිෂ්‍ය නායකයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි පරණවිතාන මහතා 1996
දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
පක්‍ෂයේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු සහ
ප්‍රචාරක කටයුතු මෙහෙයුම්වලට සම්බන්ධව සිටින ඒ මහතා 2005 ජනාධිපතිවරණය සඳහා
ඉදිරිපත් කළ “මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමට දායක විය.
කලක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පත වු “දිනකර” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ද
විය. රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා කොළඹ විශ්ව
විද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ
ජාත්‍යන්තර දේශපාලනය හා ආරක්ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.
ඔහු මේ
වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින්ම
සිටියි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ලේක්හවුස් ආයතනයේ
කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ, අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් යනාදී
රාජ්‍ය ආයතන කිහිපයකම ප්‍රධාන පරිපාලන තනතුරු ද දරා තිබෙන ඔහු මේ වනවිට ශ්‍රී‍්‍ර
ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරයි.
ගත් කතුවරයකු,
ලේඛකයකු, දේශපාලන විචාරකයකු, හා විද්‍යුත් මාධ්‍ය සම්පත්දායකයකු ලෙස කටයුතු කරන ඒ
මහතා දිළිඳුකම පිටුදැකීම, ප්‍රජා සංවර්ධනය සහ අධ්‍යාපනය යන ක්‍ෂේත්‍රවල විශේෂ
උනන්දුවකින් කටයුතු කරමින් සිටියි.
|