පාලින්දනුවර සොදුරු ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කැරේ
පාලින්දනුවර සොදුරු ගම්මාන
වැඩසටහනක් ක්‍රියාත්මක කැරේ
මතුගම සංචාරක
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සොදුරු ගම්මාන වැඩ සටහනක් ක්‍රියාත්මක
කිරීමට පියවර ගෙන ඇත.
සමෘද්ධිලාභි පවුල් වැඩි වශයෙන් ජීවත්වන අබේගොඩ ගම්මානයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක
වේ.
මෙම ගම්මානයේ පවුල්වල සාරධර්ම වැඩි දියුණු කිරීම, මත් උවදුරින් මුදා ගැනීම ආර්ථික
වර්ධනයක් සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තුවේ.
මෙම ගම්මානයේ පදිංචි සහජ හැකියාවන් ඇති තරුණ තරුණියන්ගේ කලා හැකියාවන් වැඩි දියුණු
කිරීමටද බලාපොරොත්තු වේ.
පාලින්දනුවර ප්‍රාදේශීය තරණී අනෝජා ගමගේ මහත්මියගේ මෙහෙයවීමෙන් මූලස්ථාන සමෘද්ධි
කළමනාකරු කැලුම් නිශාන්ත, සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සුනේත්‍රා වෙල්ගම යන නිලධරයෝ
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
|