අපරාජිත නිව්යංග්ස් සමඟ යුද හමුදාව සටනට
අපරාජිත නිව්යංග්ස් සමඟ
යුද හමුදාව
සටනට
ප්‍රධානතම
පාපන්දු තරග 5ක් අද
ප්රින්ස් ගුණසේකර
ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ
තරග 5ක් කොළඹ හා පිට පළාත්වල දී අද පැවැත්වේ.
මේ තරගාවලියේ මෙතෙක් සෑම කණ්ඩායමක් ම මුල් වටයේ තරග දෙක බැගින් සහභාගිවී ඇති අතර
වෙන්නප්පුව නිව්යංග්ස් පිල පමණක් සහභාගි වූ තරග දෙකම ජය ලබා සිටී. එහෙයින්
නිව්යංග්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
අපරාජිත නිව්යංග්ස් පිල හා පසුගිය ප්‍රිමියර් ලීග් පාපන්දු සූර යුද හමුදාව අතර තරගය
වෙන්නප්පුව සර් ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. නිව් යංග්ස් වෙතින්
නිගම්බු යූත් හා පොලිස් පිල පරාජයට පත්විය.
යුද හමුදාව සහභාගි වූ තරග දෙකෙන් නිගම්බු යූත් සමග තරගය ජයගත් අතර දොන් බොස්කෝ සමග
තරගය පරාජයට පත්විය.
බ්ලුස්ටාර් – නිගම්බු යූත්
මේ තරගවාරයේ දී නවක යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් නිගම්බු යූත්පිල බ්ලුස්ටාර්
සමඟ අද කොළඹ සී. ආර්. පිටියේ දී තරග වදී.
බ්ලුස්ටාර් පිලට පළපුරුදු ක්‍රීඩකයන්
කිහිපදෙනෙකු මෙවරත් එක්ව සිටී. බ්ලුස්ටාර් පිල දොන් බොස්කෝ පරාජය කළ අතර පොලිස් පිල
වෙතින් පරාජයට පත්විය.
පොලිස් - දොන්බොස්කෝ
මීගමුව දොන් බොස්කෝ පිටියේ දී අද පැවැත්වෙන පොලිස් - දොන් බොස්කෝ අතර තරගය උණුසුම්
මුහුණුවරක් ගනු ඇත. දෙපිලම මෙතෙක් සහභාගි වූ තරගවල දී සමබර දක්ෂතා දක්වා ඇත.
පොලිස්
පිල වෙතින් බ්ලුස්ටාර් පරාජය වූ අතර පසුගිය සති අන්තයේ දී පොලිස් පිල නිව්යංග්ස්ට
පරාජය විය. දොන් බොස්කෝ යුද හමුදාව පරාජය කළ ද පසුගිය සතියේ දී බ්ලුස්ටාර් පිලට
පරාජය විය.
රත්නම් – ජුපිටර්ස්
කැලණිය පාපන්දු සංකීර්ණ පිටියේ දී රත්නම් හා ජුපිටර්ස් අද තරගවදී. ප්‍රධානතම
පාපන්දු සූරතාව වසර කිහිපයක් ම දිනා සිටි රත්නම් පිලට මෙතෙක් චතුර මධුරංග හා ඊ. බී.
චන්න ක්‍රීඩා නොකළ අතර රිනවුන් සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර පසුගිය සති
අන්තයේ දී සෝන්ඩර්ස් පරාජය කෙළේ ය. ජුපිටර්ස් පිල වෙතින් ඕල්ඩ් බෙන්ස් පරාජය වූ අතර
ගුවන් හමුදා පිලට පරාජය විය.
සෝන්ඩර්ස් – රිනවුන්
මේ තරගය අද සිටිලීග් පිටියේ දී පැවැත්වේ. මෙතෙක් නිමා වූ තරගවල දී සෝන්ඩර්ස් පිල
වෙතින් ඕල්ඩ් බෙන්ස් පරාජය විය. සෝන්ඩර්ස් රත්නම්ට පරාජය විය.
රිනවුන් පිල ගුවන් හමුදාව වෙතින් පරාජය වූ අතර රත්නම් සම¼ඟ තරගය ජය පරාජයෙන් තොරව
නිමා කර ගත්තේ ය.
|