වැඩකරන පන්තියේ වගකීම කුමක්ද ?
වැඩකරන පන්තියේ
වගකීම කුමක්ද ?
ආණ්ඩුව අපහසුවට පත් කිරීම සඳහා විපක්ෂය විසින් ගෙන යනු ලබන වැඩසටහනක් තිබේ.
විපක්ෂයේ යැයි කියූව ද ඊට අදාළ වන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ
යි. එම පක්ෂ දෙකට සම්බන්ධව වෘත්තීය සමිති මෙන් ම ශිෂ්‍ය ව්‍යාපාර ද ඉහත වැඩසටහනෙහි
හවුල්කරුවෝ වෙති. දැන හෝ නොදැන හෝ ඔවුන් කරන විරෝධතා නිසා ආණ්ඩුවට වඩා මහජනයා
පීඩාවට පත් විය හැකි ය. බරපතළ ත්‍රස්තවාදී ගැටුමක් නිමාවට පත්කොට රටට හා ජාතියට
නිදහස ලබා දුන් ආණ්ඩුවකට හුස්මගෙන ඉදිරි පිම්ම පැනීමට අවකාශ ලබාදීම ජාතියේ ම යුතුකම
වුව ඉහත කී පක්ෂ දෙක ඒ යුතුකම පැහැර හැර ඇති බවක් පෙනෙන්නට තිබේ.
වරාය, ජලය, විදුලිය හා තෙල් යන ද්‍රව්‍ය වලට අදාළ ආයතන ඊයේ සිට අකුරට වැඩකරන
ක්‍රමයක් අනුගමනය කරන්නට සූදානමින් සිටියේ ය. එහෙත් මේ තීරුව ලියන මොහොතේ අපට දැන
ගන්නට ලැබුණේ ඉහත ආයතන වල වැඩ සාමාන්‍ය පරිදි සිදුවන බව ය. ඊට තවත් හේතුවක් ද පවතී.
එනම් ; ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති හා ජනාධිපතිවරයාට සහාය දක්වන සේවක මණ්ඩල වෙනදා
ට වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට පොරොන්දු වීමය. ඊට අදාළ සහයෝගිතා පෙළපාළියක් ද
පෙරේදා කොළඹ දී පැවැත්විණි. සේවක - සේවිකාවෝ විසිපන්දහසකට අධික පිරිසක් ඊට සහභාගී
වූ හ.
විපක්ෂයේ අරමුණු සාර්ථක නො වන බව ඉන් පැහැදිලි වේ. වත්මන් ආණ්ඩුව වෘත්තීය සමිති
මර්දනය කිරීමේ වැඩසටහනක් ගෙන යන්නේ නැත. නූතන රාජ්‍ය නායකයා වෘත්තීය සමිති
නායකයෙකි. වෘත්තීය සමිති සගයන් කැටුව වීදියේ සටන්කළ නායකයෙකි. පෞද්ගලීකරණයට හා
භීෂණයට එරෙහි ව පා - ගමන් සංවිධාන කොට රටේ දේශපාලන වෙනසක් ඇති කළ ඔහු පොදු ජනයා
ගේත් වැඩකරන පන්තියේත් වීරයෙකි. එබැවින් ඔහු වටා ඒකරාශීවන විශාල රාජ්‍ය සේවක
පිරිසක් සිටිති. ඔවුන් ආසාධාරණ ක්‍රියාකාරකම්වලට එරෙහි ව ප්‍රසිද්ධියේ සටන් වදිනු
ඇත.
තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය වැනි රාජ්‍යායතනවල සේවක වැටුප් ගෙන
අනෙකුත් ආයතනවල සේවක වැටුප් සමඟ සංසන්දනයක් කළහොත් ඉහත ආයතනවල සේවක වැටුප් සැලකිය
යුතු මට්ටමකින් ඉහළ තලයක තිබේ. එය වරදක් ලෙස හැඳින්විය නොහැකි ‘ වූත් මස් රාත්තල ම
ඉල්ලා සිටීම අසාධාරණ ය. ඉහත ආයතන හතරේ සේවක වැටුප් වහාම ක්‍රියාත්මක වනක පරිදි
22%කින් වැඩිකර තිබේ. හිඟ මුදල් ගෙවීමට ද පියවර ගෙන තිබේ. එබඳු පසුබිමක් තුළ
තවදුරටත් උද්ඝෝෂණවලට පෙලැඹීම අතිශයින් ම වැරැදි සහගත ය.
රාජ්‍ය සේවකයන් ට පමණක් නො ව පොදුවේ සමස්ත ජනතාවට ම ජීවත් වීමේ අමාරුකම් පවතී. ලෝක
ආර්ථික තත්ත්වයන්ට අනුව ආර්ථික කුණාටුව සෑම රටක් ඔස්සේ ම හඹාගෙන ගොස් තිබේ. ඒ අනුව
බඩුමිල තරමක් ඉහළ ය. එය අමෙරිකාවට මෙන් ම මාලදිවයිනටත් එක සේ බලපායි. මේ තත්ත්වය
වටහාගත් ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක මිල ගණන් ද පහත හෙළා තිබේ. එසේ භාණ්ඩ මිල පහත
දමා ඇත්තේ රජය අය කරනු ලබන බදු අනුපාත පහළ දැමීමෙන් ය. හෙවත් රජය කිසියම් පාඩුවක්
දරමින් ය. ආණ්ඩුවක් එබඳු තීන්දුවක් ගන්නේ කලාතුරකින් ය.
රාජ්‍ය සේවකයන් පමණක් නො ව රටේ සියලු ම පුරවැසියන් ජීවත් කරවීම ආණ්ඩුවේ වගකීම වේ. ඒ
අනුව ආණ්ඩුව දුර දක්නා නුවණින් යුතුව ආර්ථිකය හැසිරවිය යුතු ය. වත්මන් ආණ්ඩුවට එබඳු
වැඩපිළිවෙළක් තිබේ. ලෝක තෙල් අර්බුදය, ලෝක සහල් අර්බුදය හා ලෝක ආර්ථික අර්බුදය
ශ්‍රී ලංකාවට බරපතළ ලෙස බලපෑම් කළේ නැත. ඊට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ යහපත් මූල්‍ය
කළමනාකරණය යි. මෙහි දී අමතක නො කළ යුතු තවත් කාරණයක් වන්නේ ආණ්ඩුව බරපතළ යුද්ධයක
නිරත ව සිටින කාලයේ පවා යහපත් ලෙස ආර්ථිකය හසුරුවාගත් බව ය. එලෙස ම සංවර්ධන
ක්‍රියාදාමය අත් නොහළ බව ය.
රාජ්‍ය සේවකයන් ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගත යුතු ය.
වැඩකරන ජනතාව මෙන් ම අපිදු ඒවා අනුමත කරමු. එහෙත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල
සාධාරණයක් තිබිය යුතු ය. අනෙක් අතට ඊට ප්‍රතිපත්තියක් තිබිය යුතු ය. ආණ්ඩුව ඉල්ලීම්
ගණනාවක් ලබා දී තිබිය දී වෘත්තීය සමිති කිහිපයක් නැවත - නැවත විරෝධතා දැක්වීමෙහි
අර්ථයක් නැත. මේ ක්‍රියාවලිය නිසා අයහපත් ප්‍රතිඵල ගණනාවක් උදා විය හැකි ය. පළමු
වැන්න සේවක මණ්ඩල කොටස් ගණනාවකට කැඩී යාම ය. දෙවැන්න ගැටුම් අධික වීම ය. තෙවැන්න
ජනතාව අපහසුවට ලක් වීම ය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීමට සුදුසු කාලයේ පවත්වනු ඇත. ඒ සඳහා සුදුසුකම් ඇති
පුද්ගලයන්ට ඉදිරිපත් විය හැකි ය. මැතිවරණ ව්‍යාපාරය ගෙන ගොස් ජය හෝ පරාදය හෝ ලැබිය
හැකි ය. එතෙක් ආණ්ඩුව අපහසුවට පත් කිරීම සඳහා ගෙන යන උද්ඝෝෂණ හා විරෝධතා දේශපාලන
පක්ෂවලට මිස වෘත්තීය සමිතිවලට අදාළ නොවේ. වැඩකරන පන්තියට මේ රටේ බලවත් වගකීමක්
පැවරී තිබේ. එම වගකීම ඉටු කරන ලෙස අපි සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිමු.
|