|
මරණ දැන්වීම්
උපාලි ජයතිලක මහතා (විශ්‍රාමික බන්ධනාගාර දෙපාර්තමේන්තුව) -
පද්මිනී ජයතිලකගේ (ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව) ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගයනි සහ
මනුරාජිගේ ආදරණීය පියාණන් වූද, සාලිය සහ උපුල්ගේ මාමණ්ඩිය වූද, උපාලි ජයතිලක මහතා
අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු නොවැම්බර් 12 බ්‍රහස්පතින්දා (අද) සවස 7.30 ට
ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ. 37/1, ශ්‍රී බෝධි පාර, ගම්පහ.
වෛද්‍ය ඊ.ඇම්. චන්ද්‍රසේන මහතා – ශ්‍රීමා ගුණතිලක මහත්මියගේ (විශ්‍රාමික
ගම්පහ සිරිකුරුස විදුහලේ පාඨශාලා ආචාරිනී) ආදරණීය ස්වාමිපුරුෂයා වූද, සුරම්‍යා
ඒකනායක (පරිසර හා ස්ව සම්පත් අමාත්‍යාංශය), සහ කපිල මහේන්ද්‍ර ඒකනායක (එංගලන්තය) යන
අයගේ ආදරණීය පියාණන්වූද, නුවන් වීරරත්න (ස්ටාර් ගාමන්ට්ස්) ගේ ආදරණීය මාමණ්ඩියවූද,
පොඩිසිංඤෝ (නැසීගිය), කරුණාරත්න (නැසීගිය) රත්නායක (නැසීගිය ව්‍යාපාරික), ලීලාවතී
(නැසීගිය පාඨශාලා ආචාරිනී නාරම්මල මයුරපාද), පේමාවතී (නැසීගිය නිලධාරිනී ජන හා
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව) සුභසිංහ (විශ්‍රාමික සිවිල් පරිපාලන නිලධාරී),
තිලකරත්න (විශ්‍රාමික, ධීවර අමාත්‍යාංශය) යන අයගේ ආදරණීය සහෝදරයා වූද, නො. 19,
පේරලන්ද පාර, කඳාන හි විසු වෛද්‍ය ඊ.ඇම්. චන්ද්‍රසේන (හෝමියෝපති) මහතා අභාවප්‍රාප්ත
වූයෙන් අවසන් කටයුතු 12 වන බ්‍රහස්පතින්දා සවස 5.00 ට සිදු කෙරෙන බව සංවේගයෙන්
දැනුම් දෙමු.
|