මහජන බැංකු ක්‍රීඩා සමාජයෙන් කලාපීය මට්ටමේ ක්‍රීඩා උළෙල 11ක්

මහජන බැංකු ක්‍රීඩා සමාජයෙන් කලාපීය මට්ටමේ ක්‍රීඩා උළෙල 11ක්

මහජන බැංකුව දිවයිනේ ඔවුන්ගේ සියලුම ප්‍රාදේශික ආවරණය වන පරිදි කලාප 11 කට බෙදා ක්‍රීඩා උළෙල 11 ක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ ක්‍රීඩා උළෙල සංවිධානයේ දී මූලිකව පාදක කරගනු ලබන්නේ අන්තර් ශාඛා සය සාමාජික ක්‍රිකට් තරගාවලියයි. සෑම කලාපීය ක්‍රීඩා උළෙලකදීම එම කලාපයට අයත් ප්‍රාදේශිකවලට අදාළව සය සාමාජික සැහැල්ලු පන්දු (අන්තර් ශාඛා) ක්‍රිකට් තරගාවලිය වෙන් වෙන්ව පැවැත්වෙන අතර අවසානයේ කලාපීය සූරයන් තේරීම සිදු කෙරේ. මෙයට අමතරව අන්තර් ප්‍රාදේශික වොලිබෝල් තරග නෙට්බෝල් තරග, සත් සාමාජික පාපන්දු තරඟ පැවැත්වෙනු ඇත.

මේ තරගවලදී, දක්ෂතා පෙන්නුම් කරන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහජන බැංකු ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවද හිමි වේ. ඉහත සියලුම තරග ක්‍රීඩා උළෙල දිනම එකම ක්‍රීඩාංගණයක පැවැත්වෙන අතර ඊට අමතරව මීටර් 100 සහ 400 ධාවන තරගද, වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. අන්තර් ශාඛා කඹ ඇදීමේ තරඟද මේ අතරට එක් කර ඇත. එසේම සහභාගි වන්නන් උදෙසා විවිධ විනෝද ක්‍රීඩා සහ සාමාජිකයන්ගේ දරු දැරියන් වෙනුවෙන් ළමා ක්‍රීඩා රැසක් ක්‍රීඩා උළෙලට එක්කර ඇත. සෑම ක්‍රීඩා උළෙලක් අවසානයේ දීම ත්‍යාග ප්‍රදානයක් ද, සංවිධානය කර ඇත. තම කලාපීය ක්‍රීඩා උළෙල ඉතා විචිත්‍රවත් ලෙස සංවිධානය කිරීමට මේ වන විට සෑම කලාපීය ක්‍රීඩා කමිටු සහ ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ මහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු ආරම්භ කර ඇත.

ක්‍රීඩා උළෙලේ ඉදිරි තරග මෙසේය.

නොවැම්බර් 14 – ප්‍රධාන කාර්යාලීය සහ ආයතනික අංශ ක්‍රීඩා උළෙල (නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය)

නොවැම්බර් 15 – බටහිර කලාපය - 1 ක්‍රීඩා උළෙල (නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය)

නොවැම්බර් 21 - සබරගමු කලාපීය ක්‍රීඩා උළෙල (කෑගල්ල මහජන ක්‍රීඩාංගණය)

නොවැම්බර් 22 – බටහිර කලාපය – 11 ක්‍රීඩා උළෙල (පානදුර මහජන ක්‍රීඩාංගණය)

නොවැම්බර් 28 – ඌව කලාපීය ක්‍රීඩා උළෙල (බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය)

නොවැම්බර් 29 - නැගෙනහිර කලාපීය ක්‍රීඩා උළෙල (අම්පාර නගරසභා ක්‍රීඩාංගණය)

දෙසැම්බර් 05 මධ්‍යම කලාපීය ක්‍රීඩා උළෙල (මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණය)

දෙසැම්බර් 06 - දකුණු කලාපීය ක්‍රීඩා උළෙල (මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය)

දෙසැම්බර් 12 - උතුරු කලාපීය ක්‍රීඩා උළෙල (යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය)

කලාපීය ක්‍රීඩා උළෙල සංවිධාන කටයුතු සියලුම කලාපීය සහකාර සාමාන්‍යාධිකාරීවරු ප්‍රාදේශීය කළමනාකාර වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ සමග එක්ව ක්‍රියාත්මක කිරීමට මහජන බැංකු ක්‍රීඩා සමාජය කටයුතු කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා