රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්ට ආධුනික වොලිබෝල් සූරතාව

 රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්ට ආධුනික වොලිබෝල් සූරතාව

තිත්තපත්තර සියනෑ ක්‍රීඩා සමාජය 2009 වර්ෂය වෙනුවෙන් සංවිධානය කරණ ලද ගම්පහ දිස්ත්‍රික් ආධුනික වොලිබෝල් කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.

තිත්තපත්තර කණිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැති මේ ආධුනික වොලිබෝල් තරගාවලිය සඳහා වොලිබෝල් කණ්ඩායම් 15 එක්වූහ.

මේ කණ්ඩායම් අතර පැවැත්වූ තරගාවලියෙන් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් වොලිබෝල් කණ්ඩායමත්, අත්තනගල්ල ඒකාබද්ධ කණ්ඩායමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

අවසන් මහා තරගයෙන් අත්තනගල්ල ඒකාබද්ධ කණ්ඩායම පරදවා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම තරගවට තුනට එකක් වශයෙන් ජයග්‍රහණය හිමිකර ගත්තේය.

තිත්තපත්තර සියනෑ ක්‍රීඩා සමාජය මගින් ජයග්‍රාහක කණ්ඩායමට මුදලින් රුපියල් 7500ක් සමඟ සූරතා කුසලානය පිරිනැමූ අතර අත්තනගල්ල ඒකාබද්ධ කණ්ඩායමට මුදලින් රුපියල් 5000ක් සමග අනු සූරතා කුසලානය පිරිනමනු ලැබීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා