ජර්මානු ගෝල් රකින්නා - එන්කේ සිය දිවි නසා ගනී

ජර්මානු ගෝල් රකින්නා - එන්කේ සිය දිවි නසා ගනී

ජාත්‍යන්තර පාපන්දු පිටියේ ගෝල් රකින්නෙකු වන ජර්මනියේ රොබර්ට් එන්කේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියට පැන සිය දිවි නසාගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.

“ඔහු දුම්රියට යටවීම නිසා සිදුවු තුවාල වලින් ජීවිතක්ෂයට පත්වුනා. නිසැකවම එය සියදිවි හානිකර ගැනීමක්” පොලිස් ප්‍රකාශිකා මාර්ටිනා ස්ටර්න් පැවසුවාය.

එන්කේ ගේ සමීප මිතුරකු සහ උපදේශකවරයකු වන ජෝර්ශ් ෆෙබ්ලන්ග් මෙය සිය දිවි නසාගැනීමක් බවට ස්ථිර කළේය.

32 හැවිරිදි මේ පාපන්දු ක්‍රීඩකයාගේ දෙහැවිරිදි දියණිය මීට වසර තුනකට පෙර හෘදයාබාධයකින් මියගිය අතර පසුගිය මැයි මාසයේ ඔහු වැන්දඹු කාන්තාවක හා ඇගේ මාස අටක් වයසැති දියණිය රැක බලා ගනිමින් ඔවුන් සමග ජීවත් වූවේය.

ඇසර්බයිජන් පිල සමඟ පැවැති ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයකින් 4 - 0 ක් ලෙස ජර්මානු පිල ජයග්‍රහණය කිරීමට දෙදිනකට පෙර එන්කේ කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා