ලියුකේමියාවට එරෙහිව බොතම් 13 වැනි පා ගමන අරඹයි

ලියුකේමියාවට එරෙහිව බොතම් 13 වැනි පා ගමන අරඹයි

එංගලන්තයේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඉයන් බොතමි සුබසාධනය සඳහා වන සිය අලුත්ම පා ගමන සැලසුම් කරමින් ලියුකේමියා රෝගය ළමා ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් වනතුරු මෙවැනි පාගමන්වල යෙදෙන බව ප්‍රකාශ කළේ ය.

හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයාගේ 13 වැනි සුබසාධන පා ගමන ලබන අප්‍රේල් මාසයේදී ඇරැඹීමට නියමිත අතර එංගලන්තය පුරා නගර 10ක ඔහු ගමනේ යෙදෙනු ඇත.

‘බීෆිගේ (බොතමිගේ සුරතල් නාමය) ශ්‍රේෂ්ඨ පා ගමන නම් කර තිබෙන්නේ ‘මාව අමතක නොකරන්න’ (ෆොගෙට් මී නොට්) යනුවෙනි.

ලියුකේමියා පර්යේෂණ සඳහා ආධාර එකතු කිරීම වෙනුවෙන් බොතම් සුබසාධන කටයුතුවල නිරතවීම ආරම්භ කරනු ලැබුවේ මීට වසර 25කට පෙරය.

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරයේදී විස්තර විචාරකයකු ලෙස ස්කයි රූපවාහිනියට සම්බන්ධව කටයුතු කරන බෝතම් මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 16.67 ක ආධාර මුදලක් ලියුකේමියාවට එරෙහි පර්යේෂණ සඳහා එකතු කර ඇත.

53 හැවිරිදි බොතම් 1983 වසරේ දී ලියුකේමියාවට එරෙහිව සිට ප්‍රථම පා ගමන ආරම්භ කළ අතර එය ස්කොට්ලන්තයේ සිට එංගලන්තය දක්වා සැතපුම් 900ක දිගු පාගමනක් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා