රුසියානු ජනාධිපති හමුවී . . .


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රුසියානු තෙදින නිල සංචාරයේදී රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදෙව් මහතා ඊයේ (08) මොස්කව් නුවරදී හමුවූ අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


තෙල් කැණීමට රුසියාව එක් වෙයි

රුසියාවේ ගෑස් ප්‍රෝම් ආයතනයේ සභාපති ජනපති හමුවේ පොරොන්දු වෙයි

ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු සඳහා රුසියාවේ සහාය පළ කෙරෙයි. රුසියාවේ ගෑස් ප්‍රෝම් ආයතනයේ සංචාරයකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) එක් වූ අවස්ථාවේ මේ එකඟතාව පළ කෙරී ඇත. එම සමාගමේ සභාපති ඇලොයි මිලර් මහතා සහ ජනාධිපතිවරයා අතර මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ කැණීම් සිදුකළ හැකි ඛණිජ තෙල් සහ ගෑස් නිධි කලාප 8 ක් දැනට හඳුනාගෙන ඇති අතර ඉන් එක් කලාපයක කැණීම් කටයුතු මේ වන විටත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය සමාගමක් විසින් සිදුකරනු ලබයි. ඉතිරි තෙල් හා ගෑස් නිධිවල කැණීම් කටයුතු සඳහා මෙහිදී ජනාධිපතිවරයා විසින් රුසියාවේ ගෑස් ප්‍රෝම් සමාගම වෙත ආරාධනා කළ අතර ඒ අනුව මේ එකඟතාව පළ විය.

විස්තර »

ලැබූ ජනවරම අර්ථවත් කිරීමට කැප වෙනවා

ජනපති රුසියාවේ දී කියයි

ත්‍රස්තවාදය පරාජය කර ලැබූ විජයග්‍රහණයත් සමඟ මවු බිමේ සාමය සහ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ජනතාව දුන් අවස්ථාව අර්ථවත් කිරීමට ඇප කැප වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සියයට 58 ඉක්ම වූ පැහැදිලි ජනවරමක් ලබා දෙමින් කෘතගුණ සැලකූ අතර එය ඉදිරි අනාගතය පිළිබඳව තමන් ඉදිරිපත් කළ යෝජනාවලටත් පැහැදිලිව කැමැත්ත ප්‍රකාශ කිරීමක් බවත් ජනාධිපතිවරයා කියයි.

විස්තර »

ෆොන්සේකා අත්අඩංගුවට

හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (08) රාත්‍රී යුද හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ෆොන්සේකා මහතා රාජකාරියේ යෙදී සිටිය දී රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීමත් ඒ සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සහ හමුදාවේ විනය කඩ කිරීමත් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා සඳහන් කෙළේය.

විස්තර »

ෆොන්සේකාගේ බෑනාගේ ඇප අයැදුම ගැන තීන්දුව හෙට

ඇප දිය නොහැකි වැරැදි සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් හා අවධානමක් ඇති බව තමාට දැන ගැනීමට ලැබී ඇතැයි පවසමින් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයැදුම සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හෙටට (10) කල් තැබුවා. මේ අපේක්ෂිත ඇප අයැදුම සලකා බැලීම සඳහා ඊයේ (08) කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරු හා වගඋත්තරකරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපේක්ෂිත ඇප අයැදුම සම්බන්ධව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට එසේ හෙටට (10) කල් තැබුවාය.

විස්තර »

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ
නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් ද ඊයේ (08) වැඩ භාර ගත්තේය. ටෙලිකොම් ආයතනයේ සභාපතිනි ලේෂා ද සිල්වා චÁද්‍රසේන මහත්මිය ද විදුලි සංදේශ නියාමක කොමිසමේ ඉහළ නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - රංජිත් ජයවීර



වෙළඳ දැන්වීම් . . . .

 
රටේ බලේ ඩැහැ ගන්නට දින ගැන්නා
පැර දී දැන් යටි ගිරියෙන් මොර දෙන්නා
මැතිවරණය දූෂිත නැති බව පෙන්නා
කොමසාරිස් විපක්ෂෙ හොම්බට ඇන්නා