පොදු ජනයාගේ ආදරය දිනූ නායකයාට රතු බලවතාගෙන් ගෞරව
පොදු ජනයාගේ ආදරය දිනූ නායකයාට
රතු බලවතාගෙන් ගෞරව
“ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුළු ලෝකයටම
ආදර්ශවත් රාජ්‍ය නායකයෙක්. විශේෂයෙන්ම ලෝක සාමය අපේක්ෂා කරන රාජ්‍ය නායකයින්ට මෙම
ආදර්ශය ඉතා වැදගත්.
ත්‍රස්තවාදය පරාජය කර ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට විශාල
මෙහෙයක් දේශපාලන නායකත්වයක් ලබාදෙමින් සිදු කළ මෙහෙය නිසාත් ඊට අමතරව ශ්‍රී ලංකාවේ
අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැක්වූ සුවිශේෂී
අවධානය නිසාත් මෙම විශේෂ ගෞරව ආචාර්ය උපාධිය පිරිනමනවා” යනුවෙන් හේතුපාඨ ප්‍රකාශ
කරමින් රුසියාවේ මොස්කව් මිත්‍රත්ව සරසවිය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාට විශේෂ ගෞරව ආචාර්ය උපාධිය ප්‍රදානය කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙම
කරුණ සඳහන් කර ඇත්තේ ලොව බලවත්ම රාජ්‍යයක් වන රුසියාවයි.
ශ්‍රී ලංකාවේ අති බහුතරයක් මහජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අති විශිෂ්ට
ජනවරමක් ලබා දී දින 10ක් වැනි කෙටි කාලයක් තුළදී ලෝකයේ හරසර මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමාට මෙසේ හිමිවීම විශේෂත්වයකි. මෙහිදී ඉතා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ අති
බහුතරයක් මහජනතාව ලබාදුන් නිවැරැදි තීන්දුව ලෝක ප්‍රජාවද කිසිදු බේදයකින් තොරව
පිළිගැනීමයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවන වරටත් මෙරට ජනාධිපතිධූරයට පත්වීමේ
වැදගත්කම මේ රටේ අතිබහුතරයක් ජනතාවට තේරුම් ගත හැකිවුවද රටට දැයට ආදරයක් නොමැති පටු
දේශපාලන අරමුණු ගැන සිතන විරුද්ධ පක්ෂයට තවමත් නොතේරීම කණගාටුදායකය.
එම නිසා රටට
හිතකර අන්දමින් සිතන පතන කටයුතු කරන විපක්ෂයක් රටට අවශ්‍ය මොහොතක වගකීමකින් කටයුතු
නොකරන වත්මන් විපක්ෂය රුසියාවෙන්වත් පාඩම් ඉගෙන ගත යුතුයි. එම නිසා රනිල්
වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, සෝමවංශ අමරසිංහ, මංගල සමරවීර, රවුෆ් හකීම්, මනෝ
ගණේෂන්, ආර්.සම්බන්ධන් යන මහත්වරුන් අඩුම ගණනේ දැන්වත් රුසියාවෙන් හෝ පාඩම් ඉගෙන
ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට ගොඩනැංවීමේ වැඩසටහනට දායක විය යුතුයි.
විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විශේෂ ගෞරව ආචාර්ය උපාධිය ප්‍රදානය කරමින්
මොස්කව් මිත්‍රත්ව සරසවිය ඉදිරිපත් කළ හේතු පාඨය දෙස වඩාත් විමසිලිමත්ව අවධානය
යොමුකිරීම කාලෝචිතය.
ලොව බලවත්ම රටක් වන රුසියාව ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙසේ ගෞරව
ආචාර්ය උපාධියක් පිරිනැමීම දේශපාලනමය වශයෙන් ඉතා සුවිශේෂී අවස්ථාවකි. එය ශ්‍රී
ලංකාවේ පමණක් නොව ලෝක දේශපාලනයටද ඉතා වැදගත් ය.
මීට පෙර මෙම ගෞරව ආචාර්ය උපාධිය
පිරිනමා ඇත්තේ ලෝකයේ රාජ්‍ය නායකයින් හත් දෙනෙකුට පමණි. එම නිසා මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමාට මෙම ආචාර්ය උපාධිය පිරිනැමීම ශ්‍රී ලංකාවටත්, දකුණු ආසියාවටත්,
ආසියාවටත් මෙන්ම මුළු ලෝකයටම අතිශයින්ම වැදගත් වනු ඇත.
පසුගිය නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාටය. නමුත්
මෙම නොබෙල් සාම ත්‍යාගය තරම් දැඩි ලෙස විවේචනයටත් කතාබහටත් ලක් වූ සම්මානයක් මෑත
කාලයේදී නොමැති තරම් ය.
ඊට හේතු කිහිපයක්ම ඇත. අමෙරිකානු වත්මන් රාජ්‍ය නායකයා ත්‍රස්තවාදය පරාජය කිරීම,
ලෝක සාමය ඇති කිරීම යන කරුණුවලදී අවංකවම ක්‍රියා කළේ ද නොමැති නම් යම්කිසි දෙබිඩි
පිළිවෙතක් අනුගමනය කළේද? කියා ප්‍රශ්න කළේ ඇතැම් අමෙරිකානුවන්වීම විශේෂත්වයකි.
අමෙරිකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයක්ම ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙම නොබෙල්
සාම ත්‍යාගය හිමිවිය යුතුව තිබුණේ අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට නොව ශ්‍රී
ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බවයි. මෙතන විශාල කතාවක් තිබෙන බව අමුතුවෙන්
කිව යුතු නොවේ.
පසුගිය වසර කිහිපය තුළ අමෙරිකාවෙන් ලෝක සාමයට විශාල වැඩ කොටසක් නොවුණු බව හොඳින්ම
දන්නේ අමෙරිකාව පමණි. නමුත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව අමෙරිකාවට අවශ්‍ය වූයේ
ත්‍රස්තවාදයට එරෙහි බව පෙන්වමින් ලෝකය පුරා තම බලය ව්‍යාප්ත කිරීම පමණි.
ත්‍රස්තවාදය පරාජය කරන බව ප්‍රකාශ කරමින් අමෙරිකාව සිදුකළේ ඉතා සූක්ෂම ලෙස
මැදපෙරදිග කලාපයේ අර්බුද ඇතිකරමින් තම බලය ඒ ඒ රටවල ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත
කිරීමයි. ඊට හොඳම උදාහරණය අරාබි එක්සත් එමීර් රාජ්‍යය හා ඉරාකයයි. ඉරාකයේ
ඇෆ්ගනිස්ථානයේ අරාජික තත්ත්වයක් ඇති කළේ අමෙරිකාවයි.
බැරැක් ඔබාමා ජනාධිපතිධූරයට පත්වුවද අමෙරිකාවේ මෙම පිළිවෙත්වල කිසිඳු වෙනසක්
ඇතිවූයේ නැත. එම නිසා අමෙරිකාව තවදුරටත් රඟදක්වමින් සිටින්නේ පැරැණි ලෝක
පොලිස්කාරයාගේ භූමිකාවයි.
 වි.අයි
ලෙනින් |
අමෙරිකානු ඇතැම් මාධ්‍ය ලෝක නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්
කළේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එම නිසා මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමා දෙවන වරටත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට පත්වීම හා රුසියාවෙන් මෙසේ
ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම යන කරුණු හැම අතකින්ම ශ්‍රී ලංකාවටත් ඒ වගේම ලෝක
ප්‍රජාවටත් ඉතා වැදගත් වන්නේ ය.
ශ්‍රී ලංකාව ගැන ‘කතිරය’ තුළින් බොහෝ අවස්ථාවලදී කතා කරන නිසා ;මය ලෝක ප්‍රජාවට
වැදගත් වන්නේ ඇයිද? කියා මුලින්ම අවධානය යොමු කරමු. ලෝක දේශපාලනය මේ වනවිට ප්‍රධාන
පිල් දෙකකට බෙදී සිටින බව රහසක් නොවේ.
ඉතිහාසයේ සිටම මෙම බෙදීම දක්නට තිබුණු අතර
වර්තමානය වන විට බෙදීමේ මුහුණුවර පමණක් යම් ආකාරයකින් වෙනස්කම්වලට භාජනය වෙමින්
පවතී. ඉතිහාසයේ ලෝක දේශපාලනය ප්‍රධාන වශයෙන් බෙදී තිබුණේ ධනවාදී හා සමාජවාදී
වශයෙනි.
නමුත් මේ වනවිට එම බෙදීමත් සමග බෙදුම්වාදයට පක්ෂ හා ඊට එරෙහි වශයෙන් ලෝක දේශපාලනය
තුළ බෙදීම් හටගැනීමට පටන්ගෙන තිබේ. බොහෝ රටවලින් හා ලෝක දේශපාලන විචාරකයින්ගෙන්
හැමවිටම අමෙරිකාවට චෝදනා එල්ලවූයේ බෙදුම්වාදය ඇති කිරීමටත් ත්‍රස්තවාදය සුරතල්
කිරීමටත් අමෙරිකාව කටයුතු කරන බවයි.
එම චෝදනාවලට පිළිතුරු ලබාදෙනවා වෙනුවට අමෙරිකාව
කළේ තමන්ගේ හයිකාරකම් පෙන්වීමට තව තවත් උත්සාහ කිරීම පමණි. අමෙරිකාව පමණක් නොව
නෝර්වේ, කැනඩාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල්ද යම් යම් අවස්ථාවලදී ක්‍රියා කළේ
අමෙරිකාවට සහාය ලැබෙන ආකාරයටය. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය විනාශ කිරීමේ
ක්‍රියාවලියේදීද මෙම රටවල් යම් යම් අවස්ථාවලදී ක්‍රියා කළේ බෙදුම්වාදයට සහාය ලබාදෙන
ආකාරයෙන්වීම රහසක් නොවේ.
එම නිසා බෙදුම්වාදයට එරෙහි, ත්‍රස්තවාදයට එරෙහි , අසාධාරණයට එරෙහි , ලෝක සාමයට
කැමැති රටවල් එක් අතකින් අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාට ලබාදුන් කණේ පහරක්
වශයෙන් රුසියාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබාදුන් විශේෂ ගෞරව ආචාර්ය උපාධිය
හැඳින්විය හැකිය.
මෙහිදී රුසියාව පෙරමුණ ගැනීම තවත් විශේෂ සිදුවීමකි. කාලයක් ලෝක ආර්ථිකයේ සම
බලවතුන්ව සිටි අමෙරිකාව හා රුසියාව අතර ඇතිවූ යම් යම් මතබේදාත්මක කරුණු හේතුවෙන්
එකිනෙකා ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නා තත්ත්වයකටද පත්විය. ධනවාදී කඳවුර අමෙරිකා
එක්සත් ජනපදය නියෝජනය කළ අතර රුසියාව නියෝජනය කළේ සමාජවාදී කඳවුරයි.
ඉන්පසුව ඇති වූ නව ආර්ථික තත්ත්වයත් සමඟ රුසියාවේ යම් කඩා වැටීමක් දක්නට ලැබුණේ
සමාජවාදී තවත් රටවලටද එම ඉරණම අත්වෙන තත්ත්වයක් තුළදීය. නමුත් මේ වනවිට සමාජවාදී
රටවල යම් පිබිදීමක් දක්නට ලැබෙන අතර අමෙරිකාව ඇතුළු ධනවාදී බොහෝ රටවල ආර්ථිකයේ යම්
පසුබෑමක් දක්නට ලැබේ.
ලෝක දේශපාලනය තුළ වර්තමානයේ ප්‍රධාන භූමිකාවක් බවට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා පත්වී ඇත්තේ සියලුම ශ්‍රී ලාංකිකයන්ටද මහත් ගෞරවයක් ඒ වගේම ආඩම්බරයක්
අත්පත්කර දෙමිනි.
එම නිසා මහින්ද රාජපක්ෂ මහතාට හිමිවූ මෙම සුවිශේෂී ගෞරව ආචාර්ය උපාධිය ලෝක
දේශපාලනයේ සුවිශේෂී කරුණක් වනවා සමානවම ශශ්‍රී ලංකාව තුළත් ආසියාව තුළත් සුවිශේෂී
කරුණක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. මහින්ද රාජපක්ෂ යනු වත්මන් ලෝකයේ සිටින
සුවිශේෂිතම රාජ්‍ය නායකයාය.

සුසිල් ප්‍රේමජයන්ත |
නොබෙල් ත්‍යාග කමිටුව ඉතා ඉක්මනින් තමන්ට සිදු වූ වැරැද්ද නිවැරැදි කරගෙන මහින්ද
රාජපක්ෂ ජනාධිපතිතුමාට නොබෙල් සාම ත්‍යාගය නුදුරේදීම ලබාදෙන බව නොඅනුමානයි.
එම නිසා ශ්‍රී ලංකා නාමය ලෝකය තුළ වර්ණවත් කිරීමට කැපවී සිටින මෙම සුවිශේෂී නායකයා
රැකගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින්ට අයිතියක් ඇත්තේ මෙම රාජ්‍ය නායකයාගේ පාලනය කෙසේ
හෝ අවසන් කිරීම සඳහා දෙස් විදෙස් ඒකාබද්ධ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන නිසායි.
අමෙරිකාව, නෝර්වේ , එංගලන්තය ඇතුළු රටවල් කිහිපයකටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ
ක්‍රියාකලාපය දිරවන්නේ නැත්තේ වසර කිහිපයක සිටය. එයට කරුණු කිහිපයක්ම ඇත.
ඉන්
ප්‍රධානතම කරුණු වන්නේ විදෙස් බලවේග ගහන ගහන පදයට මහින්ද රාජපක්ෂ මහතා නැටීමට දක්වන
බලවත් අකමැත්තයි. තම මාතෘභූමියේ ගෞරවය ආරක්ෂා කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා
ක්‍රියා කරනුයේ නියම පිට කොන්දක් තිබෙන පොදු ජන නායකයකු වශයෙන්ය. අපේ රටේ සිටින
ඇතැම් දේශපාලනඥයන් වාගේ විදෙස් රටවල නායකයන්ගෙ කකුල් ලෙව කෑමට මහින්ද රාජපක්ෂ මහතා
දෙකට තුනට නැමෙන්නේ නැත.
එම ඍජුභාවය, එම අභීතභාවය රාජපක්ෂ මහතා කෙසේ හෝ ආරක්ෂා කළේ
අභියෝග රැසක් මධ්‍යයේ ය. කිසිඳු විදෙස් රටක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අමනාප කර
නොගෙන තම රටේ ගෞරවය ආරක්ෂා වන ලෙස ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබෙන
සුවිශේෂී හැකියාව හා ඔහුට නොනැමෙන පිට කොන්දක් තිබීමයි.
එම ඍජුභාවය මේ වනවිට
ජාත්‍යන්තර ප්‍රජාව විසින්ම අගය කිරීම තවත් විශේෂත්වයකි. රුසියාවෙන් ගෞරව ආචාර
උපාධිය පිරිනැමෙන විට තවත් රටවල් රැසකම රාජ්‍ය නායකයෝ මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතීමට අමතක නොකළහ.
මෙම සෑම සුබපැතීමක් තුළින්ම අවධාරණය කර ඇත්තේ ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජයට පත් කළ
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෝක සාමය වෙනුවෙන්ද සුවිශේෂී කාර්යයභාරයක් සිදුකළ
බවකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇතුළු සහභාගී වූ සෑම
රාජ්‍ය උත්සවයකදීම ඒ ඒ රටවල රාජ්‍ය නායකයින් හා නියෝජිතයන් නිතරම ඇසූ ප්‍රශ්නයක්
තිබුණි.
“මෙතරම් දරුණු ත්‍රස්තවාදයක් පරාජය කිරීමට ඔබට හැකිවුණේ කෙසේද” යන ප්‍රශ්නයට මහින්ද
රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා දුන්නේ කෙටි පිළිතුරකි.” එය ඉතා අභියෝගාත්මක එකක් වුවත්
ශ්‍රී ලාංකික අප සියලු දෙනාම එම කාර්යය වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා.
මං කළේ
ඔවුන්ට නිවැරැදි මාවත පෙන්වීම හා ධෛර්යය ලබාදීමයි.” මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
ඉතාමත් නිහතමානීව මෙසේ ප්‍රකාශ කළේ එම ගෞරවය සියලුම ශශ්‍රී ලාංකිකයින්ට හිමිවිය
යුතු නිසාය. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක සාමයට නව
අර්ථකතනයක් එක්කර ඇති නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සුවිශේෂී තත්ත්වයට පත්ව ඇත.
මේ නිසා ජාත්‍යන්තර සමුළුවලින් හා ලෝක රාජ්‍ය නායකයින්ගෙන් මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමාට දිගින් දිගටම ඇරැයුම් ලැබෙන්නේද මෙම සුවිශේෂීයත්වය නිසාය. ලිබියාවේ
ජනාධිපති කර්නල් ගඩාෆි තම රටේ පැවති සුවිශේෂී උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස
කැඳවාගත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය.
එම උත්සවය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමාගේ උරහිසට අතක් තබාගෙන ගඩාෆි ජනාධිපතිතුමා සිටියේ එවැනි රාජ්‍ය
නායකයකුට හදපත්ලෙන්ම තම ආදරය, ගෞරවය ප්‍රකාශ කිරීමටයි. එම නිසා ත්‍රස්තවාදය
මුළුමනින්ම පරාජය කරන ලද අභීත නායකයකු වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුළු
ලොවම පිළිගෙන ඇත. අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකටද අකමැත්තෙන් හෝ එය පිළිගැනීමට
සිදුව තිබේ.
රනිල් වික්‍රමසිංහ, සෝමවංශ අමරසිංහ, මංගල සමරවීර, මනෝ ගණේෂන්, ආර්.සම්බන්දන්, රවුෆ්
හකීම් යන මහත්වරුන්ට මෙය කිසිසේත්ම දරාගත නොහැක. එම නිසා ඔවුන්ට අවශ්‍ය මහින්ද
රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය පෙරළා දමා බෙදුම්වාදයට කඩේ යන පිරිසක්, ජාත්‍යන්තර
ප්‍රජාව හමුවේ නැටවෙන රූකඩ පාලනයක් ඇති කිරීමටය.
රටේ දේශප්‍රේමී බලවේග ඒ සඳහා එක්කර
ගැනීමට හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එම කුමන්ත්‍රණකාරී බලවේග
විසින් ඉදිරිපත් කළද මේ රටේ අති බහුතරයක් මහජනතාව එයට රැවටුණේ නැත. මහින්ද රාජපක්ෂ
මහතා පරාජය කිරීම සඳහා බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි ඇතැම් ප්‍රබල රටවල් අත්වැල්
බැඳගන්නේද මෙම කුමන්ත්‍රණය නිසා ය. නමුත් ඊට කදිම පිළිතුරක් මේ රටේ අතිබහුතරයක්
මහජනතාව ලබාදී තිබේ.
එම නිසා රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා , සෝමවංශ අමරසිංහ,
මංගල සමරවීර, ආර්.සම්බන්දන්, මනෝ ගණේෂන්, රවුෆ් හකීම් යන මහත්වරුන් දැන්වත් දේශපාලන
යථාර්ථය තේරුම්ගෙන රටට සැබෑ ලෙස ආදරය කරන පුද්ගලයින් ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා
කරමි. නැත්නම් එළඹෙන මහ මැතිවරණයේදී තවත් දරුණු පරාජයක් මෙම දේශපාලඥයන්ට අත්වීම
නොවැළැක්විය හැකිය.
ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන අතරතුර මේ රටේ සංවර්ධන කටයුතු අඩාල නොකිරීමට
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්‍රියාකිරීමද රුසියාවේ ඇගයීමට ලක්ව තිබීම තවත් විශේෂ
කරුණකි. විශාල සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව මේ රටේ අනාගතය භාරගැනීමට සිටින දරු
පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කළ කරන ලද කාර්යභාරය
සුවිශේෂී ය.
2009 වසර තොරතුරු තාක්ෂණය හා ඉංගී‍්‍රසි භාෂාව ප්‍රවර්ධනය කිරීමේ වසරක්
ලෙස නම් කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේ ද අධ්‍යාපනය වෙනුවෙන් ඔහු තුළ තිබෙන දැඩි
උනන්දුව නිසා ය. මේ රටේ ලක්ෂ 42ක් පමණ වන පාසල් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්
‘මහින්ද චින්තන” වැඩපිළිවෙළ යටතේ සිදුකරන ලද කාර්යය භාරය අති මහත්ය.
පරිගණක නව
විද්‍යාගාර පන්දහසක්, පාසල් 5000කට ලබාදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වේ. පාසල්
පෙළ පොත් හා නිල ඇඳුම් නියම වෙලාවට සිසුන්ට ලබාදී අවසන් ය. ගුරුවරුන් දෙලක්ෂ
පනස්දහසටම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබා දුන්නේ මුල්වරටය. තොරතුරු තාක්ෂණය විෂයක්
වශයෙන් සිසුනට හැදෑරීමට අවස්ථාවක් ලබාදීම තවත් විශේෂත්වයකි.
ප්‍රාථමික පන්තිවල සෑම දරුවෙකුටම කුඩා පරිගණකයක් බැගින් ලබාදීමේ වැඩසටහනද සාර්ථකව
ක්‍රියාත්මක වේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ‘ඉසුරු’ පාසලක් බැගින්
ලබාදීමට ක්‍රියාකර ඇත්තේද ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ යටතේ ය.
පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීම සඳහා මේ වසරේදී දිවා ආහාර වැඩසටහන
ක්‍රියාත්මකයි. ඒ සඳහා මේ වසරට පමණක් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2900කි.
ත්‍රස්තවාදයෙන් පීඩා විඳි උතුරු නැඟෙනහිර දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය ගෙන ඇති
පියවර යුනිසෙෆ් සංවිධානයේද පැසසුමට ලක්ව තිබීම විශේෂත්වයකි.
එදා සයනයිඩ් කරල කරේ එල්ලාගෙන ටී - 56 ගිනිඅවිය අතින් දරාගත් දරුවන්ට මෙදා හිමි වී
ඇත්තේ පෑන් පැන්සල් හා පොත් පත්ය. එම නිසා ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ට සුබ
අනාගතයක් හිමි වී ඇති බව රහසක් නොවේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව දැයේ දරුවන්ට සුබ අනාගතයක් උදාකරදීම
සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විශාල කාර්යයභාරයක් සිදුකරනු ලබන්නේ සුසිල්
ප්‍රේමජයන්ත ඇමැතිවරයා ය.
රුවන්පුර විද්‍යාපීඨය තොරතුරු තාක්ෂණ විද්‍යාපීඨයක් ලෙසට පරිවර්තනය කිරීමට සුසිල්
ප්‍රේමජයන්ත ඇමැතිවරයා ක්‍රියා කළේ ද ජනාධිපතිතුමාගේ උපදෙස් අනුවය. නවීන ලෝකය තුළ
දියුණු තාක්ෂණය සමග ඉදිරියට යෑමට නම් මෙම කටයුතු මෙසේ සිදුවිය යුතුමය.
එම නිසා නිකරුණේ ඡන්ද ප්‍රතිඵල අල්ලාගෙන කෑගසන රනිල්ලා, සරත්ලා, සෝමවංශලා, මංගලලා ,
හකීම්ලා, ගණේෂන්ලා දැන්වත් යථාර්ථය තේරුම්ගත යුතුයි. රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර්
විප්ලවය තවමත් මතකයෙන් ගිලිහෙන්නේ නැත.
වී.අයි. ලෙනින් වැනි විප්ලවවාදීන්, තෝලස්තෝයි, චෙකොෆ් වැනි සාහිත්‍යධරයින් බිහිකළ
රුසියාව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම ගෞරවය පුදකරන්නේ පිදිය
යුත්තන් පිදිය යුතු නිසාමය. එම නිසා අඩුම ගණනේ සෝමවංශ අමරසිංහ මහතා ප්‍රමුඛ ජනතා
විමුක්ති පෙරමුණේ රතු සහෝදරවරුන්වත් මෙය තේරුම් ගැනීමට ක්‍රියා කළ යුතුයි.
රුසියාව දරුවන්ට පොත් පත්වලට සාහිත්‍යයට ආදරය කරනවා සේම මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරයාද දැයේ දරුවන්ට අසීමිත ලෙස ආදරය කරන ජනතා නායකයෙකි. රුසියාවේ පැට්‍රික්
ලුමුම්බා වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගෙන් ජීවිතය , දේශපාලනය ඉගෙනගත් බව මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඒ නිසාය.
ජනතා මිත්‍ර
|