තෙල් කැණීමට රුසියාව එක් වෙයි
තෙල් කැණීමට රුසියාව එක් වෙයි
රුසියාවේ ගෑස් ප්‍රෝම් ආයතනයේ සභාපති ජනපති හමුවේ පොරොන්දු වෙයි
ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු සඳහා රුසියාවේ සහාය පළ කෙරෙයි.
රුසියාවේ ගෑස් ප්‍රෝම් ආයතනයේ සංචාරයකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) එක්
වූ අවස්ථාවේ මේ එකඟතාව පළ කෙරී ඇත.
එම සමාගමේ සභාපති ඇලොයි මිලර් මහතා සහ ජනාධිපතිවරයා අතර මේ පිළිබඳව සාකච්ඡාවක්
පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ කැණීම් සිදුකළ හැකි ඛණිජ තෙල් සහ ගෑස් නිධි කලාප 8 ක් දැනට හඳුනාගෙන
ඇති අතර ඉන් එක් කලාපයක කැණීම් කටයුතු මේ වන විටත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය සමාගමක්
විසින් සිදුකරනු ලබයි. ඉතිරි තෙල් හා ගෑස් නිධිවල කැණීම් කටයුතු සඳහා මෙහිදී
ජනාධිපතිවරයා විසින් රුසියාවේ ගෑස් ප්‍රෝම් සමාගම වෙත ආරාධනා කළ අතර ඒ අනුව මේ
එකඟතාව පළ විය.
ලෝකයේ විශාලතම ගෑස් සමාගම වූ රුසියාවේ ගෑස් ප්‍රෝම් සමාගම මගින්
යුරෝපයේ රටවල් 30 කට පමණ අවශ්‍ය ගෑස් කියුබික් මීටර් මිලියන 500 ක පමණ ප්‍රමාණයක්
බෙදා හැරේ. රුසියාවේ වත්මන් ජනාධිපති ඩිමිට්‍්‍ර මෙඩිවෙඩ්වි මහතාද මීට පෙර මෙහි
සභාපතිත්වය ඉසිළීය.
ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමෙන් අනතුරුව නව සංවර්ධනයක් කරා ප්‍රවේශවෙමින් සිටින
ශ්‍රී‍්‍ර ලංකාවේ විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා
මෙහිදී කළ ඉල්ලීමකට ද එකඟතාව පළ කෙරිණි.
එමෙන්ම ශ්‍රී ලංකාව මෙතෙක් රුසියාවේ නිෂ්පාදිත පිරිපහදු තෙල් ලබා ගත්තේ සිංගප්පූරුව
හරහා වුවද ඉදිරියේ දී එය තුන්වැනි පාර්ශ්වයකින් තොරව සෘජුවම ලබා ගැනීමට අවශ්‍ය
වැඩපිළිවෙළ සැකැසීමට ද මෙහිදී සභාපතිවරයා එකඟ විය.
ඉදිරියේදී ගෑස් ප්‍රෝම් ආයතනය මගින් ඉන්දියාව සහ චීනය වැනි රටවලට තෙල් බෙදාහැරීම
නළ මාර්ග ඔස්සේ සිදු කිරීමට නියමිත බැවින් එහි වාසිය ශ්‍රී ලංකාවට ද ලබා ගැනීමේ
අවස්ථාව පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා සමඟ මේ අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද,
ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, රෝහිත බොගොල්ලාගම, අනුර පි‍්‍රයදර්ශන යාපා, ජී.
එල්. පීරිස්, මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම. විමල් වීරවංශ, ජනාධිපති ලේකම් ලලිත්
වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රොමේෂ් ජයසිංහ මහත්වරු ඇතුළු පිරිසක් ද
එක්වූහ.
|