ෆොන්සේකා අත්අඩංගුවට

ෆොන්සේකා අත්අඩංගුවට

හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (08) රාත්‍රී යුද හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆොන්සේකා මහතා රාජකාරියේ යෙදී සිටිය දී රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීමත් ඒ සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සහ හමුදාවේ විනය කඩ කිරීමත් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා සඳහන් කෙළේය.

ඉහත චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යුද හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව කී ඒ මහතා ෆොන්සේකා මහතා යුද හමුදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් කෙළේය.

කොළඹ 07 පිහිටි ෆොන්සේකා මහතාගේ කාර්යාලය තුළ දී මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් වාර්තාවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා