කලවැද්දාට පසුව ‘ගෝරිල්ලා’ එයි

කලවැද්දාට පසුව ‘ගෝරිල්ලා’ එයි

විවිධ සතුන්ගේ නම්වලින් පුද්ගලයන් ඇමතීම විනෝදාංශයක් කොට ගත් සරත් ෆොන්සේකා මහතා භාවිත කරන අලුත්ම සත්ත්ව නාමය ‘ගෝරිල්ලා’ වශයෙන් ඊයේ (08) එළි දැක්විණි.

හමුදා කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ ඥාතීන් කියා ගන්නා පිරිසක් සමඟ කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ නාමය එළි දැක්විණ. මේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර ඒ මහතා කිහිප විටෙකදීම ගෝරිල්ලා නාමය භාවිත කරන අයුරු දැකගත හැකිවිය.

ඉදිරියේදී ගන්නා දේශපාලන තීන්දු සහ වෙනත් සංවේදී කරුණු රැසක් සාකච්ඡා කෙරෙන බව කියා මේ මාධ්‍ය හමුව ආවරණය කරන්නට පැමිණෙන ලෙස ‘දිනමිණ’ ට ද ආරාධනා කර තිබිණි.

ඔවුන්ගේ ඇරැයුම මත මාධ්‍ය හමුවට සහභාගී වුවද ‘දිනමිණ’ මාධ්‍යවේදීන්ට ගේට්ටුවෙන් ඇතුළුවීමට අවසර ලැබුණේ එහිම සේවය කළ වෙනත් නිලධාරියකු පුද්ගලික මාධ්‍ය ආයතන සාමාජිකයන් ලෙස හඳුන්වාදීමෙන් අනතුරුවය.

මාධ්‍ය සාකච්ඡාව පටන් ගැනීමට පෙර අප වෙත ඔවුන් විසින්ම එවන ලද ආරාධනාපත ඉල්ලාගෙන දැඩි ලෙස පරීක්‍ෂා කෙරුණු අතර මාධ්‍ය සාකච්ඡාව අතරතුර විවිධ පුද්ගලයන් ජංගම දුරකතන හා ඩිජිටල් කැමරා උපයෝගි කොට ගෙන අප මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ගනු දක්නට ලැබිණ.

හමුදා කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ ඥාතීන් අමතමින් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ තමන්ට මුදලින් යම් ආධාරයක් කරනවා මිස ඉන් එහා යමක් කිරීමට ඉඩක් නොමැති බවයි.

එම මොහොතට රැස්ව සිටි පිරිසගේ කතා මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලෙසද ෆොන්සේකා මහතා මාධ්‍ය මගින් ඉල්ලා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා