ජෙනරාල්ගේ බොරු පුරාජේරු පිල්ලේ නෝනාට පැහැදිලි කරයි

ජෙනරාල්ගේ බොරු පුරාජේරු පිල්ලේ නෝනාට පැහැදිලි කරයි

පසුගිය ජනාධිපතිවරණ සමයේදී විශ්‍රාමික ජෙනරාල්වරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මියට රජයේ පාර්ශ්වයෙන් කරුණු පහදාදීම අද (09) ජිනීවා නුවරදී මානව හිමිකම් හා ආපදා කළමනාකරණ ඇමැති මහින්ද සමරසිංහ මහතා විසින් සිදු කරනු ලැබීමට නියමිතය.

මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඉදිරි මාර්තු මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ද කරුණු පහදාදීමට සමරසිංහ මහතා බලාපොරොත්තු වෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට රජයේ මතය දැනුම් දීම සඳහා මානව හිමිකම් හා ආපදා කළමනාකරණ ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (08) ජිනීවා බලා පිටත්විය.

මේ සංචාරයේ දී, ශ්‍රී ලංකාවේ අවතැන් වූවන් සඳහා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආපදා කොමසාරිස් ඇන්ටෝනියෝ ගුජ්රේ මහතා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා